ලංවිම දූෂණ වංචා ගැන පුරවැසි බලයෙන් පැමිණිල්ලක්

94

විදුලි බල පනත උල්ලංඝනය කරමින් රජය සිදුකරන බව කියන ‘පුනකරි සූර්ය බල ව්‍යාපෘතිය’ සහ විදුලිබල මණ්ඩලයේ දූෂණ වංචා පිළිබඳ පරීක්‍ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා අල්ලස, දූෂණය, නස්තියට එරෙහිව පුරවැසි බලය ඊයේ (09 දා) අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

විදුලිබල ඇමැතිවරයා විදේශගතව සිටියදී එය නොසලකා, කැබිනට් මණ්ඩලයට බලපෑම් කර ඇමැතිවරුන්ගේ අදහස් නොවිමසා ජනාධිපතිවරයා සිය බලය යොදවා නව විදුලිබල පනත කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරගෙන ඇතැයි ද එම පැමිණිල්ලෙන් දක්වා තිබේ.

මෙම නව පනත මගින් විදුලිබල ඇමැතිවරයාට ඕනෑම බලාගාරයක් ක්‍රියාත්මක කිරීමටත්, නොකිරීමටත් බලය හිමිව ඇති බවත්, එමගින් වැඩි කොමිස් මුදල් හිමිවන, අධික වියදම් සහිත බලාගාරවලට අනුමැතිය දීමටත්, අඩු විදයම් බලාගාර නවතා දැමීමටත් කටයුතු කරනු ඇතැයි ද එම පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ. මෙම නව විදුලිබල පනතින් ඉදිරියේදී ජනතාවගේ විදුලි බිල කිහිප ගුණයකින් ඉහළ දැමීමට නෛතික බලයක් ලබාගෙන ඇති බව ද නව පනත හරහා විදුලිබල ක්‍ෂේත්‍රය සඳහා පිහිටුවන ජාතික උපදේශන සභාවේ සාමාජිකයන් හත්දෙනාම පත්කිරීමේ බලය විදුලිබල ඇමැතිවරයාට ලබාදී ඇතැයි ද එම පැමිණිල්ලෙන් දක්වා තිබේ.

එසේම නව විදුලි පනතේ ප්‍රතිපාදනයන්ට අනුව සම්ප්‍රේෂණ සමාගමට ඉන්දියාව සමඟ ඕනෑම ගිවිසුමක් ඇතිකර ගැනීමට කැබිනට් අනුමැතිය පමණක් ප්‍රමාණවත් බවට සඳහන් කර ඇතැයි ද අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා සඳහන් කර සිටී.

සුජීව තත්සර


advertistmentadvertistment