ලංසාගේ සන්ධානයට වයඹින් ප්‍රබලයක්

926

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඇතුළු මන්ත්‍රී පිරිසක් විසින් පිහිටුවීමට යන නව සන්ධානයේ මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යෑමේ නායකත්වය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කර ගෙන තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය අඟහරුවාදා පැවැති නව සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ යෝජනා ස්ථිරත්වයෙන් මෙම පත්කිරීම සිදුවූ අතර ඒ සඳහා සෙසු පිරිසගේ ද එකඟතාව හිමිව ඇත.

ඒ අනුව නව සන්ධානයේ පක්ෂ කටයුතු මෙහෙයවීම සහ තීරණාත්මක බලවේග සමග සාකච්ඡා කිරීමේ කටයුතු ද අනුර යාපා මන්ත්‍රීවරයාට පවරා තිබේ.

ලබන ජනවාරියේදී නව සන්ධානයේ මංගල රැලිය පැවැත්වීමට කටයුතු සූදානම් වන අතර මේ වන විට ආසන මට්ටමින් දැනුවත් කිරීමේ හමු පැවැත්වෙන බව එහි මන්ත්‍රීවරයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment