ලක්දිව මෙහෙණි සසුන අලෝකවත් කළ අනුලා ස්ථූපය හා පූජාභූමියේ  සංරක්ෂණ කටයුතු ඇරැඹේ

187

මෞර්ය වංශික අධිරාජ්‍යය දඹදිව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පාලන සමයේදී නැගෙනහිර ඉන්දියාවෙන් එවන ලද දූත මෙහෙවරක් මගින් ශ‍්‍රී ලංකාවේ බුදුදහම ප‍්‍රතිෂ්ඨාපනය කරන්නට යෙදුණේ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් ලක්දිවට වැඩමකළ ධර්මදූත සේවාව හරහාය.

 සංඝමිත්තා දේවිය යනු අශෝක අධිරාජ්‍යයාගේ සහ ඔහුගේ පළමු බිරිඳ වූ දේවි නම් දේවියගේ දියණියයි. ඇය සිය සොහොයුරා වන මහින්ද මහරහතන් වහන්සේ සමඟ එක්ව බුද්ධ ශාසනයෙහි අභිවෘද්ධිය පිණිස කටයුතු කළ උත්තරීතර මහරහත් තෙරණියකි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 කට පසු ධර්මාශෝක රජුගේ රාජ්‍යත්වයෙන් වසර 18 ක් එළඹී තැන ශ‍්‍රී ලංකාවේ රජකම් කළ දේවානම්පියතිස්ස රජතුමාගේ පළමු රාජ්‍ය වර්ෂයේදී මහින්දාගමනය නම් ඓතිහාසික සිදුවීම සිදුවිය.

ලක්දිව මෙහෙණි සසුන අලෝකවත් කළ අනුලා ස්ථූපය හා පූජාභූමියේ  සංරක්ෂණ කටයුතු ඇරැඹේ

ශ‍්‍රී ලංකාවේ බුදුදහම ප‍්‍රචාරණය කිරීමට අනුබුදු මිහිදු මහරහතන් වහන්සේගේ මගපෙන්වීමට අනුව සංඝමිත්තා තෙරණියගේ මූලිකත්වයෙන් රාජ්‍ය අනුග‍්‍රහය සහිතව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම කාන්තා පැවිද්ද සිදුවිය. සංඝමිත්තා තෙරණියගේ මූලිකත්වයෙන් ශ‍්‍රී ලංකා ද්වීපයට වැඩමකළ ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයට රැුගෙනවිත් මහමෙව්නා උයනෙහි රෝපණය කරන ලදී. අදටත් නොනැසී පවතින අති පූජනීය වෘක්ෂය වන මෙම බෝධි වෘක්ෂය වෙනුවෙන් සෑම උ`දුවප් පුරපසළොස්වක් පොහොය දිනකම ශ‍්‍රී ලංකාවේ ථෙරවාදී බෞද්ධයන් විසින් විවිධ පුදපූජාවන් සිදුකිරීමට කටයුතු කරන අතර එම දිනය සංඝමිත්තා දිනය යනුවෙන් අනුස්මරණය කරනු ලබයි.

 ශ‍්‍රී ලංකාද්වීපයේ රජකම් කළ දේවානම්පියතිස්ස රජතුමාගේ අගබිසව වූ අනුලාදේවී ඇතුලූ කාන්තාවන් පන්සියයක් පැවිදි වී එම ලක්දිව ප‍්‍රථම භික්ෂුණිය වන අනුලා මහරහතන් තෙරණින් වහන්සේ ඇතුළු භික්ෂුණීන් වහන්සේලා වැඩ වාසය කළ විහාර සංකීර්ණය ලෙස පිළිගැනෙන අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් අනුලා ස්ථූපය හා එම පූජාභූමිය සංරක්ෂණය කිරීමේ සමාරම්භක අවස්ථාව ලෙස එම ස්ථූපයේ කැණීම් කටයුතු ආරම්භ කිරීම, අති ගෞරවණීය ත්‍රෛනිකායික මහානායක නාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනාවෙන්, ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍යපාද වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ සම්බන්ධීකරණයෙන්, තායිවානයේ ප‍්‍රධාන සංඝනායක නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ හා උපකුලපති ආචාර්ය පූජ්‍යපාද බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ පූර්ණ අනුග‍්‍රහයෙන්, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ හා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආශිර්වාදයෙන්, ශ‍්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ උදුවප් මස 26 වන රිවි දින හෙවත් ව්‍යවහාර වර්ෂ 2021 ක් වූ දෙසැම්බර් මස 26 වන ඉරු දින පන්දහසකට අධික භික්ෂු භික්ෂුණී උභය සංඝයාගේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් සාසනාභිවෘද්ධිය පිණිස ආරම්භ කෙරිණි. ත‍්‍රිවිධ හමුදාවේ හා සිවිල් ආරක්ෂක බලකායේ වීරෝදාර රණවිරුවන්ගේ ශ‍්‍රම දායකත්වයෙන් මෙහි සංරක්ෂණ කටයුතු සිදුකෙරෙන අතර ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය මත එය සිදු වේ.

 තායිවානයේ ප‍්‍රධාන සංඝනායක නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ හා උපකුලපති ආචාර්ය පූජ්‍යපාද බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ සම්පූර්ණ ධන පරිත්‍යාගයෙන් මෙම පූජා භූමියෙහි සංරක්ෂණ හා ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන අතර නුදුරු අනාගතයේදී කසාවතින් බබළන ලෝකවාසී ජනතාවගේම වන්දනාමානයට පත්වන පූජණීය බිමක් බවට පත්වනු දැකීම අපගේ අරමුණයි.

 ඒ ආකාරයට ශ‍්‍රී ලංකාද්වීපය හරහා භික්ෂුණී සාසනය ව්‍යාප්ත වූ අතර වර්තමානයේ චීනය, ජපානය, කොරියාව, අප‍්‍රිකාව ආදී රටවල් ප‍්‍රධානව ලෝකයෙහි පවතින භික්ෂුණී ශාසනයෙහි මූලාරම්භය සකස් වූයේ, එහි අඩිතාලම සැකසුනේ අප රට හරහා බව වර්තමාන සැදැහැති පිංවත් ජනතාවගේ අවධානයට ලක්විය යුතු කරුණක් බව සිහිපත් කරමි.

 ඓතිහාසික මිහින්තලා
 රාජමහා විහාරාධිපති හා භාරකාර

 * ආචාර්ය වලවාහැංගුණවැවේ  ධම්මරතන නාහිමි

 සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment