ලක්ෂ දහයේ ලොතරැයියට වෙච්ච දෙයක්!

804

මේ කාර්යාලය පිහිටා තිබෙන්නේ කොළඹ කොම්පඤ්ඤවීදියේය. වරුණ එදා කාර්යාලයට ආවේ පෙරදින මිලදී ගත් ලොතරැයි ටිකට් පත් පහක්ද රැගෙනය.

‘මචං මම ටිකට් පහක්ම ගත්තා. මේකට නම් ලක්ෂ ගණනක තෑග්ගක් තියෙන්නම ඕනෙ. වරුණ කාර්යාලයේ මිතුරකුට කීවේ ටිකට් පත් ටික මේසය මත තබන ගමන්ය.

මේ අතර වරුණට බොස් කථා කළේ ලබාදී තිබූ රාජකාරියක් ගැන විමසීමටය. ‘මචං වරුණයට මරු ලණුවක් දෙමු.. දෙදෙනා එකතුවී කොම්පියුටරය ළඟට ගොස් ලොතරැයි නිල ප‍්‍රතිඵලවලට සමාන ප‍්‍රතිඵල ලේඛනයක් සැකසුවේ වරුණගේ

ලොතරැයියක ඉලක්කම් එකක් හැර අනෙක් ඉලක්කම් සියල්ල සකස් කරමිනි.

වරුණ කොම්පියුටරය ඇර ලොතරැයි ප‍්‍රතිඵල බලන්නට සූදානම් වනවිට මිතුරන් දෙදෙනා එකතුවී කීවේ ඔන්න අපි ප‍්‍රින්ට් අවුට් එකක් ගත්තා යැයි කියමින් වරුණගේ අතට එය පත්කරමිනි. වරුණ අත රැඳි ලොතරැයියේ අංකත් එම පිටපතේ අංකත් ගළපා බැලීය. ලක්ෂ දහයක දිනුමක්. වරුණ උඩපැන්නේය. අද මන්ගානේ

උඹලා දෙන්නට පාටියක්. එසේ කියා වැඩ ඇරී තිදෙනාම ගියේ තානායමකටය. හොඳට කාබී වරුණ ගෙදර ගියේ ගෙදර අයටත් බැංකු පොතෙන් ගත් මුදල්වලින් මිලදී ගත් බඩු මලූ පොදි බැඳගෙනය. දිනුම් සහිත ලොතරැයිය කොට්ට උරය ඇතුළට දමා රෑ නිදා ගත්තේ එය ආරක්ෂා කරමිනි.

ඊළඟ දවසේ ලොතරැයියේ දිනුම ගන්නට ගිය වරුණට තරු පෙණුනි. ‘නෑ සර් මේ ලොතරැයියෙ එක දිනුම් අංකයක්වත් නෑ.. කාර්යාලයට ආ පසු මිතුරන් දෙදෙනා ඇත්ත කතාව කීවේ එදා පාටියට වැයකළ මුදල් ටික වරුණගේ අතට ආපසු ලබාදෙන ගමන්ය.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment