ලක්ෂ 14 ක් පිල්ලි ගැසූ ගැලනිගම අයකැමි ආගිය අතක් නෑ

106

මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග ගැලනිගම අන්තර් හුවමාරු කාර්යාලයේ අයකැමි අංශයේ සේප්පු දෙකක තිබී රුපියල් දාහතර ලක්ෂයකට අධික මුදලක් සොරාගත් බව කියන ප‍්‍රධාන මුදල් අයකැමිවරයා සම්බන්ධයෙන් මේ වන විට කිසිදු තොරතුරක් නැතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.

මුදල් සොරකම සම්බන්ධයෙන් මේ වන විට අයකැමි අංශයේ අයකැමිවරුන් නව දෙනෙකු ඇතුළු එකොළොස් දෙනකුගෙන් පමණ ප‍්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය. එසේ ප‍්‍රකාශ ලබාගත් පුද්ගලයන් අතර ප‍්‍රධාන මුදල් අයකැමි වරයෙක්, මුදල් අයකැමිවරු අටදෙනෙක් හා අතුරුදන්ව සිටින මුදල් අයකැමිවරයාගේ පෙම්වතිය මෙන්ම පියා ද සිටින බව පොලිසිය කියයි.

එලෙස ප‍්‍රකාශ ලබාගත් මුදල් අයකැමිවරු 8 දෙනා එදින මුදල් අයකැමි අංශයට මුදල් භාර දුන් අයවලූ‍න් බව පොලිසිය කියයි. පසුගිය එකොළොස් වන දින සේවා මුරයක් භාරව පැමිණි ප‍්‍රධාන මුදල් අයකැමිවරයෙක් සිදුකරන ලද මුදල් ගණනය කිරීමේදී මුදල් අයකැමිවරුන්ගේ සේප්පුවේ හා දෛනික ආදායම් තැන්පත් කරන සේප්පුවේ මුදල් අඩුවක් තිබෙන බවට ප‍්‍රථමයෙන් අනාවරණය විය.

අතුරුදන්ව සිටින සේවකයා අවසන් වරට බුලත්සිංහල නිවසට ගොස් ඇත්තේ ඉකුත් එකොළොස් වැනිදා බවත් පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

මාර්ග සංවර්ධන අධිකාරියේ වසර 10 ක සේවා කාලයක් ඇති අතුරුදන්ව සිටින ප‍්‍රධාන මුදල් අයකැමිවරයා මුදල් ඔට්ටුවට බූරු ගැසීමට තදින්ම ඇබ්බැහිවූවකු බවත් විමර්ශන වලදී අනාවරණය විය.

පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බුද්ධික අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චන්දන ජයවර්ධන, පොලිස් පරීක්ෂක ජයසිංහ, කාන්තා උප පොලිස් පරීක්ෂක ජානකී මහත්ම මහත්මීන් පරීක්ෂණ පවත්වති.

කැස්බෑව ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment