ලක්ෂ 60ක් වටිනා ගජමුතුවක් විකිණීමට පැමිණි පුද්ගලයෙක් පොලිසියට මාට්ටු

30

රුපියල් ලක්ෂ 60ක් වටිනා ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 60ක් බරැති ගජමුතුවක් ව්‍යාපාරිකයකුට විකිණීමට අනුරාධපුර කිරලෝගම ප්‍රදේශයේ සිට දිවුලපිටියට පැමිණි පුද්ගලයකු දිවුලපිටිය නගරයේ දී අත්අඩංගුවට ගැනීමට දිවුලපිටිය දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සමත් විය.

පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකෙරිණි.

මෙම අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 26ක් වන අනුරාධපුරය තලාකොළවැව කිරලෝග පදිංචිකරුවකු බව පොලිසිය පවසයි. සැකකරු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරී එරික් පෙරේරා සහ සහකාර පොලිස් අධිකාරී මීගමුව ෂඪ එදිරිසිංහ යන මහතුන්ගේ අධීක්ෂණය යටතේ දිවුලපිටිය පොලිස්

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙණිය මහතාගේ මෙහෙය වීමෙන් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිහාල් දිසානායක, පොලිස් සැරයන් සුමේධ (49223), පොලිස් කොස්තාපල්වරුන් වන සෙනෙවිරත්න (92830), මධුෂංක (24625) යන නිලධාරින් වැටලීමට එක්විය.
ගම්පහ සමූහ – සුසිල් රණමුක සහ දිවුලපිටිය – අයි.එම්. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment