ලක්‍ෂ 96ක් දරිද්‍රතාවේ – මහාචාර්ය වසන්ත අතුකෝරළ

137

මෙරට පුද්ගලයන් ලක්‍ෂ 96 ක් මේ වනවිට දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙමින් සිටින බව සිදුකළ අධ්‍යයනයකින් අනාවරණය වී ඇතැයි, පේරාදෙණිය විශ්වවිiාලයේ ආර්ථික විiා හා සංඛ්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා සඳහන් කරයි.

2019 වර්ෂයේ දී ලක්‍ෂ 30 කට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළුණු නමුත් එම සංඛ්‍යාව අද වනවිට ලක්‍ෂ 96ක් දක්වා ඉහළ අගයක් ගැනීම සමස්ත ජන ගහනයෙන් 42%ක් වනු ඇතැයි ද මහාචාර්යවරයා පෙන්වා දෙයි. මේ අතර ලෝක බැංකු වාර්තා මගින් මෙරට දරිද්‍රතාවයෙන් පෙළෙන සංඛ්‍යාව 26%ක් බවට පෙන්වා දුන්න ද ඊට වැඩි විශාල සංඛ්‍යාවක් මෙරටේ දරිද්‍රතාවයෙන් පෙළෙමින් පසුවන බවට අධ්‍යයන වාර්තා තුළින් තහවුරු වී ඇතැයි ද මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment