ලග්න පහක පලාපල මෙන්න

1108

විශේෂයෙන්ම මකර ලග්න හිමියන්ගේ  ලග්නය තුළ සෙනසුරු 2022 අපේ‍්‍රල් පසු වනතුරු සිටී. මකර ලග්නය සෙනසුරුට ම අයත් නමුත් අපලකාරි බව එයට ද ඇති වේ. එය ලබන අපේ‍්‍රල් අවසන් වීමට ළඟ නිසා එතෙක් මේ කාලය අපල වැඩි වීමට ඉඩ තිබේ. අපල යනු කරන කියන සියලූ කටයුතුවලටත් සිතන පතන කටයුතුවලටත් බලාපොරොත්තු රහිත කරදර පීඩා මතු වී ඒවා අසාර්ථක වී යෑමය. තියන දේත් නැති වී යෑම් වැඩිහිටි අයට ලෙඩදුක් ඇතිවීම් නින්දා චෝදනාවලට ලක්වීම් ආදියයි.

දරුවන්ට නම් අකීකරුවීම් අධ්‍යාපනයට උදාසීනතා, කම්මැලි ගති ඇතිවීම් නිදිමත වැඩිවීම් ආදියයි. උපතින් මකර රාශිය හෙවත් ලග්නයේ සඳු සිටියේ නම් මේ තත්ත්වය තවත් උග‍්‍ර කරයි. එවිට ඒ අපල දුරු වී යන්නේ 2025 වසරේය. පෙරකී අපල 2022 අපේ‍්‍රල්වලින් පසු උග‍්‍ර වේ.

මිථුන රාශියේ 08 වන කොටුව වූ මකර රාශියේ දැන් සෙනසුරු සිටිමින් අෂ්ටම ඒරාෂ්ටකය උදා වී තිබේ. සිත්තැවුල් බලාපොරොත්තු නොවුණ පරිදි වැඩ කටයුතුවලට බාධා ඇතිවීම්, මිල මුදල් සම්බන්ධ ගැටලූ , අඹු සැමියන් අතර මතගැටුම් ඇතිවීම් ආදී අසුබ වර්ධනය වේ. මෙම තත්ත්වය ලබන අපේ‍්‍රල්වලින් පසු දුරු වී යයි. නමුත් සඳු උපතින් 08 වැන්නේ සිටි මිථුන ලග්න හිමියන්ට ඒ අසුබතා තවතව වර්ධනය වී 2025 පසුවන තුරුම පවතී.

ධනු ලග්න හිමියන්ගේ දෙවැන්න මකර රාශියයි. එහි සඳු සිටියේ නැති නම් ඒ අපල කාලය ද 2022 අපේ‍්‍රල්වලින් අවසන් වෙයි. අසුබ ලෙස ලැබීම් සම්බන්ධ දුර්වල වී මානසික පීඩන සේම ගෙදර දොර අය සමග සාමය සමගිය බිඳවැටීම්, දෝෂාරෝපණ දැඩි සිත් වේදනා ඇති වේ. එතැන උපතින් සඳු සිටියේ නම් ඒ තත්ත්වයන් බොහෝ වර්ධනය වෙයි. සඳු නොසිටියානම් ලබන අපේ‍්‍රල්වලින් අවසන් වෙයි. ඒ නිසා මේ කාලයේ ඒ අපල තවත් වර්ධනය වේ. එතැන සඳු සිටියේ නම් 2025 දක්වාම මේ තත්ත්වය බලවත් වේ. මෙවැනි කරදර සමාජගත නොවන තමන්ටම විඳ දරා ගැනීමට සිදුවන කරදර වේ. මෙහි කියන ඇති හැම ලග්නයටම එසේමය.

සඳු එතැන නොසිටියා නම් ලබන අපේ‍්‍රල්වලින් පසු ඉතාමත් සුබ කාලයක් 2025 දක්වා උදා වේ. නමුත් යම් අඩුවක් ඇතිවිය හැක. එනම් කුමන් වූ දෙයක් තමන්ට අහිමි වී යෑමක් හෝ නිවසේ අයගෙන් සදාකල් පවතින නොහොඳක් ඔබට හිමිවිය හැක.

තුලා ලග්නයේ 4 වැන්න මකර රාශියයි. දැන් සෙනසුරු එතැනය. වැඩිපුරම මානසික පීඩාවලට ලක් වෙයි. විශේෂයෙන් ගෙදර දොර සමගිය සමාදානයට බලවත් අසුබ මතු කරයි. පාසල් දරුවන්ගේ නම් ඉගෙනීමට මහත් අසුබ ඇති වන අතර මව සමග අඬදබර දරුවන් ඇති කර ගනී. එතැන උපතින් සඳු නොහිටි යානම් ලබන අපේ‍්‍රල්වලින් පසු ක‍්‍රමයෙන් ඒ අසුබ දුරු වී යයි. සඳු සිටියේ නම් 2025 දක්වාම ඉහතකි අසුබ වැඩි වී පවතී.

වැඩිහිටියන්ට ඉඩකඩම් සම්බන්ධ ගැටලූ ගෙදර දොර සම්බන්ධ ගැටලූ සේම සිතන පතන දේවල් හරි නොයාම වැනි මානසික පීඩන වැඩි වෙයි.

මේෂ ලග්න හිමියන්ගේ දහවන කොටුව මකර ලග්නයයි. ඒ අයගේ උපතින් සඳු එතැන නොසිටි යානම් ලබන අපේ‍්‍රල් දක්වා මේ අසුබතා පවතී. මේ කාලය තුළ ඔබේ පෞරුෂත්වය බිඳ වැටෙන කරුණු කාරණා ඉස්මතු වෙයි. රැුකියා ව්‍යාපාරාදී කටයුතුවලට අසුබ ඇති වේ. කි‍්‍රයාකාරීත්වයේ දුර්වලතා ඇති කරයි. ලබන අපේ‍්‍රල්වලින් පසු ඒ තත්ත්වයන් දුරු වී ඉතා සුබ කාලයක් මතු වේ. නමුත් එතැන සඳු සිටියේ නම් එම අසුබතා තවත් වර්ධනය වෙමින් 2025 දක්වාම පවතී. දරුවන්ගේ නම් කාර්යශූර බව අඩපණ කරයි. මව සමග උරණවීම් ඇති කරයි.

මෙසේ මකර, මිථුන, ධනු, තුලා, මේෂ යන ලග්න හිමියන්ගේ සඳු ග‍්‍රහයා කුම්භ රාශියේ සිටී නම් ඒ කියන ලද සියලූ අසුබතාවන් 2027 දක්වාම පවතින බව දත යුතුය. සෑම කෙනෙකුටම ඒරාෂ්ටක පවතිනවිට තම දෛනික ජීවිතයේ ජීවත් වීමට ගන්නා උත්සාහයන් නිෂ්ඵල වීයෑම් මොනම දෙයකින්වත් සිත සතුටට පත්නොවන ගතිය, මත්පැන් ආදියට වැරදි කාමසේවනවලට පවා පත්කරන ගති වැඩි කරයි.

මෙලොවදී සිත දුකට පීඩාවට පත්වීම යනු සතර අපායක දුක්වලට සමාන වෙයි. මේ ඒරාෂ්ටක යනු පෙර සිතින් වචනයෙන් කි‍්‍රයාවෙන් කෙරුණ අකුසල්වල ප‍්‍රතිවිපාකයකි. ඒවා තෘෂ්ණාව තරහ වෛර, ඊර්ශාව, යන මනෝ භාවයන්ගෙන් හටගත් අකුසල්ය.

හදිසි අනතුරු, මරණයට පත්වීම, රැුකී රක්ෂා නැතිවී යෑම, දරුණු ලෙඩ දුක්වලට එකවර පත්වීම නිතර වේදනා කැක්කුුම් සහිත රෝග පීඩා නිතර ඇතිවීම ආදී මිනිස් ජීවිතවලට දුකම උපදවන කාලය ඒරාෂ්ටක කාලයයි. මේවායින් මිදීමට බලවත් බුද්ධ බල යන්ත‍්‍ර කර පැළඳ නිතර කුසල් ඉපදෙන පරිදි ආගමික වතාවත්වල නිරත විය යුතුය. මේවා මිනිසාට නොපෙනෙන, නොඇසෙන, නොදැනෙන ලෝකයයි. මිනිසා සිටිනේ පෙනෙන, ඇසෙන, දැනෙන ලෝකයම අල්ලා ගෙනය. ඒ නිසා ඒ නොපෙනෙන පැති හසුරුවා ගෙන යහපත සලසා ගන්න මේ ඩිජිටල් ලෝකයේ මොනම උපකරණය කටවත් නොහැකිය.

මේ අපල නම්වූ නොපෙනෙන, නොඇසෙන නොදැනෙන විශ්වයේ මහා බල හසුරුවා ගත හැක්කේ අධ්‍යාත්මික බලයෙනි. එයින් සම්මා දෘෂ්ටික බුදුගුණ යන්ත‍්‍ර මගින් ඒ ශනි සඳු ග‍්‍රහලෝකවල පරමාණුක කිරණ අගට ඒම වළක්වා පිං කුසල් කරමින් තමාට සර්වාරක්‍ෂාවක් ඇතිකර ගත යුතුමය.

 ජ්‍යොතිෂවේදී
 අගලවත්තේ බී. හේරත්
 මහජන කී‍්‍රඩාංගණය අසල
 අගලවත්ත

advertistmentadvertistment