ලග්න 4 කට රුචක යෝගය උදාකරමින් ග‍්‍රහලොව සෙන්පති රජවෙයි

2478

ග‍්‍රහ ලොව සෙන්පති හෙවත් චන්ඩියා, නැතහොත් සහෝදර කාරක, පුරුෂ කාරක ග‍්‍රහ තාරකාව වන කුජ හෙවත් අඟහරු ග‍්‍රහයා එළඹෙන 2022 පෙබරවාරි 26 වැනි ශනිදා දින ප.ව. 03.49 ට මෙතෙක් කල් රැඳී සිටි ගුරු හිමි ධනු රාශියේ සිට ශනි හිමි මකර රැසට පිවිසෙනු ඇත. මකරය අඟහරුට සිය උච්ඡ රාශිය වන අතර ඒ අනුව කුජ ග‍්‍රහයා එතැන් සිට එළඹෙන 2022 අපේ‍්‍රල් 07 වැනිදා ප.ව. 3.15 දක්වා මසකට වැඩි කාලයක් මකර රාශිය තුළ සිය උච්ඡ ග‍්‍රහ චලිතය පවත්වා ගනු ඇත.

මේ අනුව මකරයේ අඟහරු උච්ඡ වීමත් සමගින් මේෂ, කටක, තුලා හා මකර යන ලග්න 4 ට පංච මහා පුරුෂ යෝග අතරින් සුබ යෝගයක් වන රුචක නම් මහා පුරුෂ යෝගය උදා වෙයි. මකර ලග්නයේ දී ලග්නගත වන කුජ, මේෂයේ ලග්නයෙන් 10 වැන්නටත්, කටකයේ 7 වැන්නටත් තුලාවේ 4 වැන්නටත් ගෝචර වනු ඇත. ඒ අනුව එම ලග්න හිමියන්ගේ මෙතෙක් කාලයක් නොවිසඳී පැවති බොහෝ ප‍්‍රශ්න හා ගැටලූ මෙම ග‍්‍රහ මාරුවත් සමගින් විසඳී යනු ඇත. එම ලග්න හිමියන්ට සුබදායක වන අතර,

වෘෂභ, මිථුන, සිංහ හා කුම්භ යන ලග්න හිමියන්ට මෙම ග‍්‍රහ මාරුව අසුබදායක වන අතර ඔවුන්ට නොසිතූ ගැටලූවලට හා බාධා මෙන්ම හදිසි අනතුරුවලට ද මුහුණ දීමට සිදු වන අවස්ථා උදා වනු ඇත. කන්‍යා, වෘශ්චික, ධනු, මීන යන ලග්න හිමියන්ට මෙම ග‍්‍රහ මාරුව මධ්‍යම සුබඵල උදාවන කාලසීමවක් වන්නේය.

මෙම අඟහරු මාරුවත් සමගින් කුම්භ ලග්න ලංකා කේන්දරය තුළ කුජ හා ශනි සංයෝග වීම තුළ මෙම ග‍්‍රහ පිහිටීම යම් පමනක අසුබවාදී බවක් පෙන්නුම් කරනු ඇත. ලංකා කේන්දරය හිමි කුම්භයේ 12 වැන්න හෙවත් වැයස්ථානයේ කුජ හා ශනි බලවත් වීම අප රටට නම් යහපත් නොවනු ඇත. එසේම මකරයේ සෙනසුරුගේ ගමනද තවදුරටත් අපට යහපත් නොවන්නේය. විශේෂයෙන් භූමිය සම්බන්ධයෙන් දැනෙන විපත්කාරී අසුබ තත්ත්වයන් ඇතිවනු ඇත. වැසි තත්ත්වයේ කැපී පෙනෙන වර්ධනයක් සමගින් තද වැසි සමගින් ගංවතුර තත්ත්වයක් මෙන්ම ක`දුකරය ආශ‍්‍රතව කැපී පෙනෙන නායයෑම් තත්ත්වයක්, භූමි කම්පා තත්ත්වයක් මෙන්ම කැපී පෙනෙන ගුවන් අනතුරු, ගුවන් ගමන්වලට බාධාකාරී තත්ත්ව, ගිනි ගැනීම් හා පිපිරීම් තත්ත්වයන් ද ඇති විය හැකිය. එමෙන්ම අප රට ආශ‍්‍රතව විශේෂයෙන්ම කාම අපරාධ යම් පමනකින් ඉහළ යන කාලයක් වනු ඇත. එම නිසාවෙන් මෙම කාලයේ තරුණ ගැහැණු දරුවන් ගැන දෙමාපියන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය. කුඩා දරුවන් ඉතාමත් පරිසම් කරගත යුතු කාලයකි. විශේෂයෙන් තරුණ තරුණියන් තම තමන්ගේ චරිතය මෙම කාල සීමාව තුළ ආරක්ෂා කර ගැනීමට වගබලා ගත යුතුය. තරුණ ආවේගයන් ඉස්මතු වන කාල සීමාවකි. එසේම ජනතාව අතර නොසන්සුන්තා, උද්ඝෝෂණ, පෙළපාලි ඇති වන කාලයකි. කාලගුණ විපර්යාශ, ප‍්‍රබල රිය අනතුරු හා ගුවන් යානා අනතුරු ද ඇති වන කාලයකි. හදිසි අනතුරු නිසාවෙන් ලේ ගැලීම් ඇතිවන කාල සීමාවක් නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වනු ඇත. කෙසේ වෙතත් මෙම අඟහරු මාරුවත් සමගින් නව නිෂ්පාදන කටයුතු වර්ධනය වනු ඇත. එසේම කී‍්‍රඩා අංශවල උද්යෝගිමත් ප‍්‍රගතියක් ඇතිවන අතර තරුණයන් අතර කැපී පෙනෙන උද්යෝගයක් ඇති වේ. නීති අංශවල අන්දෝලනාත්මක නඩු තීන්දු මෙන්ම කැපී පෙනෙන වර්ධනයක් ඇති වන කාලයකි.

ඉහත කාල සීමාව තුළ පීඩාකාරී තත්ත්වයන් ඇති විය හැකි බැවින් එම කාල සීමාව විශේෂයෙන් පරිස්සම් විය යුතුය.

අඟහරු මාරුවේ ලග්න පලාපල

මේෂ ලග්නය

මෙම කාලය තුළ ඔබට යම් යම් මුදල් හා ධන ලාභ ලැබීමේ කාලයකි. මෙම කාලය ශරීර සනීපයට හේතු වන කාලයකි. එසේම සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. දේපල ලාභද ලැබෙන කාලයකි. අසනීපවලින් සුවය ලබන කාලයකි. උත්සවවලට හා සමිති සමාගම්වලට ආරාධනා ලැබෙන කාලයකි. ඔබගේ සමාජ තත්ත්වය මෙම අඟහරු මාරුවෙන් පසුව යම් ප‍්‍රමාණයකට ඉහළ යනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවේ. ඉඩම් හා ගෙවල් මිලදී ගැනීමට මෙම කාලය ඉතාම සුබදායක වනු ඇත. විශේෂයෙන්ම පවුලේ දියුණුව ඇති වන කාලයකි. තම හිත මිතුරන් හා නෑදෑයන්ගේ ප‍්‍රීති උත්සව හෝ මංගල උත්සවවලට සහභාගි වීමට අවස්ථාව උදා වනු ඇත.

වෘෂභ ලග්නය

නිතරම ගමන් බිමන් ඇති වීම නිසා කරගෙන යන වැඩකටයුතුවලට බාධා හා ප‍්‍රමාදයන් ඇති වෙයි. විවාහකයන්ගේ පවුල් සංස්ථා තුළ ගැටලූ ඇති වීමට කරණු යෙදෙනු ඇත. ඒ පිළිබඳ විමසිලිමත් වන්න. නඩු හබ හෝ තමාට විරුද්ධව කරන පැමිණිලි ඇතිවීමට හැකිය. වියදම් අධික වෙයි. මහජනයා සමග කරන කටයුතුවලදී අවුල් වියවුල් ඇති වීමට හැකි තත්ත්වයක් පෙන්නුම් කරයි. කරගෙන යන රැකී රක්ෂාවලට අවහිර බාධා මතු වීමට ඉඩ ඇත. අසනීප වශයෙන් ලිංගාශි‍්‍රත රෝගාබාධ, වාතා රෝගාබාධ, හිරි වාත, අජීර්ණ රෝග වැනි අසනීප ඇති වීමට ඉඩ ඇත. විවාහ අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටු වීම ප‍්‍රමාද වෙයි.

මිථුන ලග්නය

මෙම කාලයේ අධ්‍යාපනය ලබන ශීෂ්‍ය ශිෂ්‍යාවන්ට එතරම් සුබ ඵල උදා කරන කාලයක් නොවනු ඇත. දරුඵල බලාපොරොත්තු වන ඔබටද මෙම කාලය තුළ එතරම් සුභදායක ප‍්‍රතිඵල නොලැබෙනු ඇත. අධික වියදම් සහිත කාලයක් වෙයි. පේ‍්‍රම සම්බන්ධතා පවත්වන්නන්ගේ එම සම්බන්ධතා බිදී යෑමට ඉඩ ඇත. වසංගත රෝග හට ගැනීමට ඉඩ ඇත. වැඩිමල් දරුවන්ට හෝ ශිෂ්‍යයන්ට මෙම කාලය තුළ විවිධ අන්දමේ බාධා කරදර ඇති වෙයි. නම්බුනාම ලැබේ. අනාගත බලාපොරොත්තුවකින් සිටි යම් කාරණයක් පිළිබඳ අවසන් මොහොතේදී එය බිඳී යෑමට හැකිය.

කටක ලග්නය

සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. සතුරන් පරාජය කළ හැකි කාලයකි. දේපල දියුණුවන අතර සාමාන්‍යයෙන් ධන ලාභ ලැබෙන කාලයකි. ණය ගනුදෙනුවලින් නිදහස් වීමට හැකියාව ලැබේ. විවිධ වර්ගයේ ආහාර පාන ලැබෙන කාලයකි. සුව පහසු භාණ්ඩ ගැනීමේ අවස්ථා උදා වෙයි. අධ්‍යාපන කටයුතුවලට සුභ ඵල ගෙන දෙන අතර ප‍්‍රමාද වී පවතින රැකියා ස්ථාන මාරු වීම් හෝ උසස් වීම් සඳහා සුබ ඵල උදා කරණු ඇත. නිතර හිතවතුන් සමග ගමන් බිමන් යෑමට අවස්ථාව සැලසේ. මෙම කාලයේ සමාජයේ ප‍්‍රසිද්ධ වීමට කාලය උදා වනු ඇත. සමස්තයක් වශයෙන් බැලූ කල සුබ ඵල ඇති කිරීමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැඛේ.

සිංහ ලග්නය

වෙහෙස වන දුර ගමන් යෙදෙන කාලයකි. තම මවට වාත වේදනා ඇති විය හැකිය. මව් පාර්ශ්වයේ නෑදෑ කෙනකුට යම් අපලදායක තත්ත්වයක් ඇති විය හැකිය. මෙම කාලයේ ව්‍යාපාරවලින් පාඩු සිදු විය හැකිය. පරණ විශාල ගෙවල් හා පරණ වාහන ලැබීමේ ප‍්‍රවණතාවයක් පවතී. ඔබට වැඩිහිටි නෑදෑයන්ගෙන් දේපල හා යාන වාහන ලැබීමේ අවස්ථා උදා වනු ඇත. රැකීරක්ෂා කටයුතුවල යම් යම් ගැටලූකාරී තත්ත්වයන් ඇති විය හැකිය. රැකියා අපේක්ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක් ප‍්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොන්දේ අමාරු, මුත‍්‍රා අමාරු වැනි රෝග පීඩා හටගැනීමේ අවධානමක් පවතී. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

කන්‍යා ලග්නය

වියදම් පක්ෂය අධික වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ නම් ඒ සඳහා බාධා හා කරදර විටින් විට ඇතිවිය හැකිය. යාන වාහන පැදවීමේදී සැලකිලිමත් වන්න. රැකියාවල නිරත අය තම රැකියා ස්ථානයේ බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් එම ස්ථාන බාධා බොහෝ දුරට සමනය කරගත හැකිය. රැකියා අපේක්ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක් ප‍්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොන්දේ අමාරු, මුත‍්‍රා අමාරු, වැනි රෝග පීඩා හටගැනීමේ අවධානමක් පවතී. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

තුලා ලග්නය

ඔබට මෙම කාලය මිශ‍්‍රඵල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදාවේ. ව්‍යාපාර අංශවලට සුභදායක වේ. රැකියා අංශ තුළ කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස් වීම්වලට හේතු වේ. සෞඛ්‍ය අතින් දණහිස සම්බන්ධ ආබාධ අතිවිය හැකිය. ගේදොර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැපකිරීම් කළ යුතු වෙයි. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. නමුත් බාධා පවතී. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. දරු උපත් මගින් පවුල වර්ධනය වීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ‍්‍රඵල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදා වේ. ව්‍යාපාර අංශවලට සුභදායක වේ.

වෘශ්චික ලග්නය

බලාපොරොත්තු රහිත අධික වියදම් ඇති විය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගුකාලීන රෝගාබාධ හට ගැනීමේ ප‍්‍රවණතාවයක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනකුට හෝ හිතවතෙකුට කරදරයක් හෝ විපතක් ඇති වීමට හැකිය. මෙම කාලයේ නඩු හබවලට යෑමෙන් ඒවායින් ජයගත නොහැකි අතර එය තමාට ඉතාම අවාසි සහගත වනු ඇත. රැකියා ස්ථානයේ විවිධ කරදර බාධක ඇතිවන කාලයකි. ඔබ විවාහක නම් තම පවුල් ජීවිතය තුළ ප‍්‍රශ්න හා ගැටලූකාරී තත්ත්වයන් ඇති විය හැකිය. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඔබට තම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවනු ඇත. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හිසේ ආබාධ මාසික පීඩා තත්ත්වයන් ඇති විය හැකිය. තම සහෝදර සහෝදරියන් සමග මත ගැටුම් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සිය අවධානය යොමු කිරීම තුළින් එම තත්ත්වයන් අවම කර ගැනීමට හැකියාව ලැබෙයි.

ධනු ලග්නය

ඔබගේ වැය පක්ෂය ඉහළ යන අතර නමුත් අතේ මුදල් රැුෙ`දන කාලයකි. රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබට එම බලාපොරොත්තු ඉටු වීමේ ප‍්‍රමාදයක් ඇති වන අතර රැකියාවල නිරත අයගේ එම රැකියා ස්ථානවල යම් යම් ගැටලූ ඇති වීමට හැකියාව පවතී. ඔලූවේ කැක්කුම් ස්නායු ආබාධ මුත‍්‍රා අබාධ, වාත රෝග වැනි රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා විය යුතුය. විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවානම් එම කාරණා සම්බන්ධයෙන් යම් යම් ගැටලූකාරී තත්ත්වයන් ඇති විය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගුකාලීන රෝගාබාධ හට ගැනීමේ ප‍්‍රවණතාවයක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනකුට හෝ හිතවතකුට කරදරයක් හෝ විපතක් ඇති වීමට හැකිය. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මෙම කාලය ඔබට එතරම් සුබදායක නැත. ස්ත‍්‍රීන් නිසා කරදර ඇති විය හැකිය.

මකර ලග්නය

ඔබට සුබපල ගෙන දෙන පිහිටීමකි. මෙම කාලය ශරීර සනීප ඇති කරන කාලයකි. ලිපිලේඛන හා නිර්මාණාත්මක කටයුතු සදහා හොදයි. කාන්තා පක්ෂයෙන් විශේෂ උදවු උපකාර හිමිවේ. දරු ඵල අපේක්ෂිත අයට දරු ඵල උදාවනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා උදාවේ. රැකියා අංශවල විසිතුරු භාණ්ඩ අලෙවිය වැනි අංශවලින් ආර්ථික වාසි හිමිය. අධ්‍යාපනයට සම්බන්ධ අයට ඒ කටයුතුවලින් දක්ෂතා ගෙනදෙයි. සේවක ගැටලූ හා ගෘහ නිර්මාණයකට සම්බන්ධ ගැටලූ පැනනැඟීමට හැකිය. ස්වයං රැකියාවල නිරතවන්නන්ට සුබදායකය. රෝගවලට හරියට ප‍්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප‍්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස් වීම් වගේම වෙනස්වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.

කුම්භ ලග්නය

හදිසි අනතරු හා යම් යම් බාධා ඇතිවන කාලයකි. ධන හානි ඇති වේ. ශරීරයේ ඇති ලස්සන අඩුවන අතර ශරීර ශක්තිය හීනවීමට කාරණා යෙදේ. මුදල් අතේ නොරැඳෙන අධික වියදම් ඇතිවන කාලයකි. මෙම කාලය තුළ ඔබට මිල මුදල් අතින් තද බල අගහිඟ තා ඇතිවීමට හැකිය. ඔබ විවාහක නම් තම පවුල තුළ යම් යම් ගැටලූ හා ප‍්‍රශ්න ඇති වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. පහසුවෙන් දත් දිරායෑමකට හෝ දත් සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. විශේෂයෙන්ම උගුරේ අසාදන ඇති වීමට හැකියාවක් පවතී. මුහුණේ ලප කැළැල් ඇති විය හැකිය.

මීන ලග්නය

ඔබට මධ්‍යම සුබ ඵල දායකයි. අවිවාහක අයට මංගල යෝජනා උදාවේ. නමුත් බාධා ඇතිචේ. ධන ලාභ, රැකියා වාසනා, තනතුරු, ලොතරැයි වාසනා බොහෝ විට උදාවේ. රැකියා අංශවල රාජ්‍ය අනුග‍්‍රහය හා උසස් අයගේ කීර්ති ප‍්‍රශංසාද ලැබේ. මහන්සියේ තරමට ප‍්‍රතිඵල නැතිවිය හැකිය. ඥාතීන් සමග මතභේදවලට හේතු වනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර සියලූ අංශ වලින් සාමාන්‍ය සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හො`දයි. ඒ වගේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තියනවා. වගේම අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. මුදල් ඉතිරි වන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප‍්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය.

මෙම අඟහරු මාරුවත් සමගින් අසුබදායක වන වෘෂභ මිථුන, සිංහ හා ධනු යන ලග්න හිමියන් පහත සඳහන් ග‍්‍රහ ශාන්තිකර්ම අනුගමනය කරන්න.

පුර පක්ෂයේ අඟහරුවාදා දින 09 ක බෝධි පූජාවක් පැවැත්වීමත් තමාගේ උසට මල් මාලාවක් අමුණා ඊට තමාගේ වයසට අදාළව නිල්මල්, රතුමල් කහමල් සුදුමල් එකතු කිරීමත් බෙහෙත් ඖෂධ වර්ග 09 ක් පූජා කිරීමත් කිරිකොළ 09 ක තබා එළඟිතෙල් පහන් 09ක් දැල්වීම තුළින් කුජ ග‍්‍රහයන්ගේ අපල තත්ත්වයන් දුරු කර ගැනීමේ හැකියාව ඇත.

ඉහත සඳහන් කළ අදාළ ග‍්‍රහ ශාන්ති කර්ම හා කුජ අපල වෙනුවෙන් අඟහරුවාදා දිනවල බෝධි පූජා පවත්වා එම ලබා ගත්තා වූ පින් කතරගම දෙවියන්, ඊශ්වර දෙවියන් හා පත්තිනි මෑණියන් උදෙසා අනුමෝදන් කිරීම තුළින් ඔබටත් මෙම ග‍්‍රහ අපල තුළින් සිදු වන්නා වූ අපල හා පීඩාවලින් යම් සහනයක් ලබාගත හැකි වනු ඇත.

ලග්න 4 කට රුචක යෝගය උදාකරමින් ග‍්‍රහලොව  සෙන්පති රජවෙයි

ජ්‍යොතිෂවේදී, බණ්ඩාරගම සම්පත් එස් කල්පගේ
0382256020 / 0772753100

advertistmentadvertistment
advertistmentadvertistment