ඉන්දීය ගීත කෝකිලාවිය වූ ලතා මංගේ ෂ්කාර්ගේ වත්කම් ඉන්දීය රුපියල් කෝටි 373ක් බව හෙළි වී ඇත. ඇය ගායනා කළ ගීතවලින් මසකට ඉන්දීය රුපියල් කෝටි 6ක් බැගින් ලැබේ.
එසේම පවුල් 10කට ජීවත් විය හැකි විශාල නිවසක් ද ඇයට ඇත. එම නිවස මුම්බායිහි පිහිටා තිබේ. මෙයට අමතරව ක්රයිස්ලර්, බියුක් චවලට් වර්ගයේ මෝටර් රථ කීපයක් ද ඇය සතුවේ. වීර්සරා චිත්රපටයේ ගීයක් අතිශයින්ම ජනප්රිය තාවයට පත්වීම නිසා අධ්යක්ෂ යාෂ්් චොප්රා ඇයට මර්සිඞීස් බෙන්ස් රියක් තෑගි කර ඇත. මුලින්ම ඇයට ගීතයක් සඳහා ගෙවා ඇත්තේ ඉන්දීය රුපියල් විසිපහකි. ඇය රාජ් සිං නැමැති තරුණයකු සමග පෙම් සබඳතාවයක් පවත්වා ගෙන ගියත් දෑවැද්ද මත ඇති වූ ප්රශ්නයක් නිසා එය කඩා කප්පල් වී ඇත.
|