ලබන වසරේ පළමු පාසල් වාරයට පෙර පෙළ පොත් දෙනවා- ඇමැති සුසිල් කියයි

111

ලබන වසරේ (2024) පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර පාසල් පෙළපොත් සිසුන් අතට පත් කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

2024 වර්ෂයේදී පාසල් නිල ඇඳුම් හා දිවා ආහාරය ද නිසි කලට ප්‍රමාණවත් පරිදි ලබාදීමට කටයුතු කරන බවත්, 2024 වසරට අදාළ විෂය නිර්දේශය ද ආවරණය කර කොවිඩ් සමයේ මඟහැරුණු අධ්‍යයන කටයුතු යථා තත්ත්වයට පත් කරන බවත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ හෝමාගම පිටිපන ප්‍රධාන ගබඩාවේ සිට ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට පෙළපොත් බෙදාහැරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා පැවසීය.
චමින්ද සිල්වා


advertistmentadvertistment