ලබන වසරේ රාජ්‍ය ආදායමේ වර්ධනයක්: මුදල් අමාත්‍යාංශය ඉලක්කය කියයි

71

ලබන වසර (2025) අග වන විට මුළු රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15.1ක් දක්වා වර්ධනය කර ගැනීමට ඉලක්ක කර ඇතැයි මුදල් අමාත්‍යාංශය කියයි.

එසේම වර්ෂ 2027 වන විට මුළු රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15.3 ක් දක්වා ද වර්ධනය කර ගැනීමට ද එම අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

වර්ෂ 2025-2027 යන වර්ෂ තුනේ මැදිකාලීන රාජ්‍ය මූල්‍ය ඉලක්කවල මේ බව සඳහන් වේ.

බදු පරිපාලනය ශක්තිමත් කිරීම, බදු ජාලය පුළුල් කිරීම, බදු අනුකූලතාවය (බදු ගෙවීම) වර්ධනය කිරීම සහ තාක්ෂණය යොදා ගැනීම යන ක්‍රියාමාර්ගවලින් මේ බදු ආදායමේ වර්ධනය සිදුකර ගැනීමට මුදල් අමාත්‍යාංශය ඉලක්ක කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment