ලබන 25 සිට අලුත් හඳක් පායයි

403

මෙම මස 29 වැනිදා සිට නොවැම්බර් මස 25 වැනිදා දක්වා කෙටි කාලයක් සඳහා නව සඳක් පායන බව තාරකා විද්‍යාඥයෝ පවසති. එය 2024 PT 05 ලෙස නම් කර ඇත.

දළ වශයෙන් මීටර් 10ක් පළල මෙම ග්‍රාහකය සොයාගනු ලැබුවේ ග්‍රාහක භෞමික බලපෑම් අවසන් අනතුරු ඇඟවීමේ පද්ධතිය මගිනි. එහි ප්‍රමාණය, වේගය සහ ගමන් පථය දින 53ක් පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයට හසුකර ගන්නා බව පර්යේෂකයන් විසින් සොයාගෙන තිබේ. මෙම කාලය තුළ එය සෞරග්‍රහ මණ්ඩලය හරහා නැවත ගමන් කිරීමට පෙර පෘථිවිය වටා කක්ෂගත වනු ඇතැයි ද පර්යේෂකයෝ සඳහන් කරති.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment