තමාට රුපියල් පන්දහසක් දෙනතුරු රියැදුරු බලපත්‍රය ලබා නොදෙන බවට බීමත් රියදුරකුට තර්ජනය කළ සැරයන්වරයකුගේ සේවය පසුගිය 5දා තහනම් කර ඇත.
මෙම පොලිස් සැරයන්වරයා රත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටියදී යතුරුපැදිකරුවකු නවතා ප්‍රශ්නකර ඇත.
එම පුද්ගලයා බීමතින් සිටි බව හැඟීගිය සැරයන්වරයා එම යතුරුපැදිකරුගේ රියැදුරු බලපත්‍රය ලබාගෙන ඇත.
යතුරුපැදිකරු රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේ තමාට රුපියල් පන්දහසක් ලබා දෙන්නේ නම් රියැදුරු බලපත්‍රය යළි දෙන බව සැරයන්වරයා ඔහුට දැනුම් දී තිබේ.
මෙම තත්ත්වය නිසා ඉතා අසරණ වූ යතුරුපැදිකරු මේ බව පොලිස් ප්‍රධානීන්ට පැමිණිලි කිරීමෙන් පසු සැරයන්වරයා සතුව තිබූ රියැදුරු බලපත්‍රය පොලිසිය මගින් සොයාගෙන ඇති අතර පසුව පොලිස් සැරයන්වරයාගේ සේවය තහනම් කර ඇත.
නෝමන් පලිහවඩන