ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිළිබඳ ගෙවුණු පැය 24 තුළදී ලෝකයේම කතාබහට ලක්වී තිබේ. එ් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කි‍්‍රකට් තරග ආකෘති 3ට අදාළව මතක ඇති කාලයකින් තරගාවලියක් ජයග‍්‍රහණය කිරීමට අපොහොසත් වීමටත් වඩා විනය කඩකරමින් සිගරට් උරමින් එංගලන්තයේ පාරක් පාරක් ගානේ ඇවිද ගිය බේබදු කී‍්‍රඩකයන් තිදෙනකු නිසාවෙනි.
පිතිකරුවකු ලෙස කෙතරම් අසාර්ථක වීද ශී‍්‍ර ලංකා කි‍්‍රකට්වල අනාගතය යැයි කියමින් තේරීම් කමිටුවේ මෙන්ම පුහුණුකරු මිකී ආතර්ගේ තල්ලූවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙසින් පත්වූ කුසල් මෙන්ඩිස් මෙන්ම නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක අද වන විට ශී‍්‍ර ලංකාවේ අභිමානය අමු අමුවේ කෙලෙසා හමාරය. එංගලන්තයට එරෙහිව පැවැති විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස ලැබූ අන්ත පරාජයකින් අනතුරුව එක්දින තරගාවලිය කෙසේ හෝ ජයග‍්‍රහණය කරන්න සැළසුම් සකස් කරනවා වෙනුවට අදාළ කී‍්‍රඩකයන් තිදෙනා එංගලන්තයේ වීථි දිගේ බීමතින් ඉබාගාතේ ඇවිද යන විඞීයෝවක් සමාජගත වීමෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට්හි නිරුවත මුළු ලොවටම ප‍්‍රදර්ශනය වූවේය.
ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ ඇතුළු නවක තේරීම් කමිටුව විසින් ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල් සහ ලසිත් මාලිංග ඉවත් කර විස්සයි විස්ස පිටියේදී ලකුණු 180-200ක් හඹා යෑමට හැකි කණ්ඩායමක් නම් කළේය. එක්දින පිටියේ ලකුණු 280-300ක් හඹා යෑමට හැකි කණ්ඩායමක් නම් කළේය. අහෝ දුකකි.. එවන් විස්සයි විස්ස කණ්ඩායම අද එංගලන්තය ඉදිරියේ ලකුණු 150ක් තියා ලකුණු 100ක් හෝ ගහන්නට බැරිව තටමනවා අප දැක්කේය. එවන් එක්දින කණ්ඩායම බංග්ලාදේශය ඉදිරියේ ලකුණු 250ක් හඹා යෑමට නොහැකිව තටමනවාද අපි දුටුවෙමි.
කුසල් මෙන්ඩිස් දිගින් දිගටම අසාර්ථක වෙද්දී පසුගිය කොදෙව් තරගාවලියේදී ඔහු කණ්ඩායමෙන් ඉවත් කර තැබීය. අනතුරුව පැවැති පළමු පෙළ තරග දෙකකදී ලකුණු වාර්තා කළා යැයි කියමින් කණ්ඩායමේ උපනායක ධුරයත් ලබා දෙමින් නැවත කණ්ඩායමට කැඳවීය. ඔහු නිමා වූ විස්සයි විස්ස තරග තුනේදීම ලකුණු 54ක් පමනක් වාර්තා කළේය. නිරෝෂන් දික්වැල්ල අවසන් තරග දෙකේදීම ලකුණු 14ක් වාර්තා කළේය. ධනුෂ්ක ගුණතිලක අවසන් විස්සයි විස්ස තරග තුනේදී ලකුණු 26ක් වාර්තා කර තිබේ.
පසුගියදා එළිදැක්වූ කි‍්‍රකට් කොන්ත‍්‍රාත්තුවට අනුව ශී‍්‍ර ලංකාවේ වැඩිම වැටුපක් හිමිවන කී‍්‍රඩකයා ලෙස නිරෝෂන් දික්වැල්ල නම් කර තිබිණි. එය වසරකට ඇමෙරිකානු ඩොලර් 100000කි. දක්ෂතා අනුව වැටුප් ගෙවීමේ ක‍්‍රමවේදයට අනුව සකස් කෙරුණු එම කොන්ත‍්‍රාත්තුවට අනුව ලකුණු අතර නොසිටින කුසල් මෙන්ඩිස්ද එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවේ. එය ඇමෙරිකානු ඩොලර් 70000කි. කරුණු එසේ වෙද්දී යම් යම් විනය විරෝධී කි‍්‍රයා සම්බන්ධයෙන් මීට පෙරද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩකයන්ගේ නම් කියවුණිද එහිදී එම සිද්ධීන් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මුනිවත රැක්කේය. එහිදී ඇතැම් නිලධාරීන්ගේ බලකිරීම් මැද එම විමර්ශන ඉවත දැමූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය එම පුවත් වාර්තා කළ මාධ්‍ය වෙතටද දොස් න`ගා සිටියේය.
මෙන්ඩිස් විසින් රිය අනතුරක් සිදුකර ජීවිත හානියක් සිදු කළ අවස්ථාවේදීද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මුනිවත රැක්කේය. උත්සවයකදී තරුණියකට නොමනා විහිළු කිරීමට ගොස් හොඳ හැටි ගුටි කෑ ධනුෂ්ක ගුණතිලක පිළිබඳවද එදා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මුනිවත රැක්කේය. එවැනි වකවානුවක් තුළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට්වල අනාගතය යැයි කියමින් උප නායකයා ලෙස පත්කළ කුසල් මෙන්ඩිස් සහ අනාගතයේ ශී‍්‍ර ලංකා නායකයා වීමට හීන දකින නිරෝෂන් දික්වැල්ලද මීට පෙර විනය විරෝධී චෝදනා රැුසක් එල්ල වූ ධනුෂ්ක ගුණතිලකගේ කෙරුවාව මෙවර සාක්ෂිද ඇතුව අතටම හසුවී තිබේ. දිගින් දිගටම තරග පරාජයට පත්වෙමින් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් අභිමානය කෙළෙසා දමමින් සිටින මෙම කී‍්‍රඩකයන් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ගන්නා පියවර කුමක්දැයි මෙරට කෝටි දෙකකට ආසන්න කි‍්‍රකට් ලෝලීන් මේ අවස්ථාවේ විමසිලිමත් බව ෂමිම් සිල්වා ඇතුළු පිරිසට අපි මතක් කර සිටිමු.
කසුන් රණවීර