ලැබෙන ඕනෑම ස්ථානයක හොඳින් ක්‍රීඩා කරනවා – කමිදු කියයි

117

මම කිසි විටකත් පන්දුවට පහර දෙන ස්ථානය ගැන හිතන්නේ නැහැ. පළමු පෙළ තරගවලදී මම පිතිකරු ලැයිස්තුවේ 3 වැන්නේ සිට 7 වැන්නා දක්වා පන්දුවට පහරදී තිබෙනවා.

මට ලැබෙන කුමන තැනකදී වුවත් උපරිමයෙන්ම මම ක්‍රීඩා කරනවා.

ගාල්ලේදී ඇරඹුණ ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගය පළමු දිනය නිමාවට පත්වූ පසු සවස පැවති මාධ්‍ය හමුවකදී කමිදු මෙන්ඩිස් කියා සිටියේය.

වැඩිදුරටත් කතා කළ ඔහු මම හිතන්නේ ලකුණු සියයකින් මට සෑහීමට පත්වෙන්න බැහැ. ඊට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමටයි උත්සාහ කළ යුතුයි. ඒත් අවාසනාවට මට වැටුණු පන්දුව ඉතා හොඳ එකක්. ඒ වගේ පන්දුවක් වැටේවි යැයි පන්දු යවන්නාවත් නොසිතන්නට ඇති.

2022දී ධනංජය ද සිල්වාට කොවිඩ් වෛරසය වැළඳීම හේතුවෙන් කමිදු මෙන්ඩිස් එදා ටෙස්ට් පිටියට පිවිසියහ. එහිදී ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 63ක් ලබා ගත්හ. ඉන් පසු කමිදුට වසර දෙකක් ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවූයේ කණ්ඩායමේ පවතින ප්‍රතිපත්තිමය හේතුවක් නිසාය.

ක්‍රීඩකයකු අසනීපවී කණ්ඩායමෙන් ඉවත් වන්නේ නම් ඔහු යළි සුවය ලබා ආවිට කණ්ඩායමේ හිමි තැන නැවතත් ලබාදීම නිසාය.

කමිදු මෙන්ඩිස් වසර 40කට ආසන්න වාර්තාවක් අභියස සිටින අතර ඒ අඩුම ටෙස්ට් ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 1000 කඩඉම පසු කළ ශ්‍රී ලාංකිකයා වීමටයි.

ඔහු සිය හත්වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරමින් සිටියි.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී විශේෂ දස්කමක් වන ඉනිම දෙකේදීම ශතක දෙකක් ලබාගැනීමට ද කමිදුට හැකි විය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි කමිදු ශතකය ලබා ගත්තේ සිය ගමේ හිත මිතුරන් සහ නෑදෑයන්ගේ ඉදිරිපිට වීමත් විශේෂ සිද්ධියක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment