ලැම අස්සෙන්  රන් වැස්සක් – වැල්ලම්පිටියේ කාන්තාව අත්අඩංගුවට

193

රුපියල් එක් කෝටි දසලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තම ළැම ප්‍රදේශයේ  සඟවා ගෙන, නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තැත් කළ කාන්තාවක  25 වැනිදා අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය කොළඹ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි.

ඇය 25 වැනිදා අලුයම 05.30ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඇය ග්‍රෑම් 650ක් පමණ බරැති මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ඇතුළු මෙම ස්වර්ණාභරණ තොගය, ප්ලාස්ටර් යොදා සිය ළැම ප්‍රදේශයේ අලවා සඟවා ගෙන මෙරටට පැමිණීමට තැත් කර තිබේ.

රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව්. ප්‍රේමජයන්ත, එස්. එච්. ජේ. ඒ. කුමාරසිරි, සහකාර රේගු අධිකාරිවරුන් වන නදීර සේනාරත්න යන මහත්වරු සහ දිලුමි පෙරේරා මහත්මිය වැඩිදුර විමර්ශන සිදු කරති.

ප්‍රභාත් විතාන, කටුනායක – ටී. කේ. ජී. කපිල
 


advertistmentadvertistment