ලිංගික බලහත්කාරකම් ඉවසන්න බෑ

1244

යාපන සරසවි සිසුවියන්ගෙන් පොලිසියට පැමිණිලි

යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ නේවාසිකාගාරවල සිටින විශ්වවිද්‍යාල සිසුවියන්ට බාහිර පුද්ගලයන්ගෙන් විවිධ ආකාරයේ ලිංගික අඬන්තේට්ටම් සිදුවන බවට එම ශිෂ්‍යාවන් විසින් ඉකුත් 6 දා කෝපායි පොලිසියට පැමිණිලි කොට තිබේ.

මීට පෙර එවැනි ලිංගික අඬන්තේට්ටම් සිදුවූ අවස්ථාවක නේවාසික සිසුවියන් 312 දෙනකුගේ අත්සන්වලින් යුත් පෙත්සමක් විශ්වවිද්‍යාල බලධාරීන්ට ඉදිරිපත් කොට ඇතත් ඉන් සහනයක් සිදු නොවූ තැන එම සිසුවියන් පොලිසියට පැමිණිලි කොට තිබේ.

කෝපායි පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හේතුව වී ඇත්තේද ඊට පෙර දින සවස විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු හමාර වී නේවාසිකාගාර බලා යමින් සිටි සිසුවියන් පිරිසක් අසලට යතුරුපැදිවලින් පැමිණි තරුණයන් දෙදෙනකු ඔවුන්ට බලහත්කාරකම් කිරීමට සූදානම් වීම යැයි විශ්වවිද්‍යාල සිසුවියන් ප්‍රකාශ කරයි.

මේ කටයුතු සඳහා බාහිර පුද්ගලයන් සම්බන්ධ වූවත් විශ්වවිද්‍යාලයට සම්බන්ධ සුළු සේවකයන්ගෙන් එම කණ්ඩායම්වලට විශාල රුකුලක් ලැබෙන බවද විශ්වවිද්‍යාල සිසුවියන් ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් සිසුවියන් කෝපායි පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව විශ්වවිද්‍යාල බලධාරීන්ටද පැමිණිලි කොට තිබේ. පොලිසිය හා විශ්වවිද්‍යාලය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment