ලිට්‍රෝ ගෑස් මිල බස්සයි

81

කි.ග්‍රෑ. 12.5 රු.452 කින්
කි.ග්‍රෑ. 5 රු. 181 කින්
කි.ග්‍රෑ. 2.5 රු. 83 කින්

ලිට්‍රෝ ගෑස් මිල ඊයේ (05දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකර ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 453 කින් අඩුවී ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 3,186 කි.

කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 181 කින් පහත ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 1,281 කි. කිලෝ ග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 598 කි.

මේ අතර ලාෆ් ගෑස් මිලද අඩුකිරීමට එම සමාගම කටයුතු කරමින් සිටින බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.
චමින්ද සිල්වා, ප්‍රදීප් සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment