ලිඳුල හෝටලයක කෝකියෙක් සිරුරට ගිනි ඇවිළී මියයයි

330

ආපන ශාලාවේ මුළුතැන්ගෙහි දී සිරුරට ගිනි ඇවිළීමෙන් පුද්ගලයකු 14 වැනිදා උදෑසන 8ට පමණ ජීවිතක්ෂයට පත් වී ඇති බව ලිඳුල පොලිසිය පැවසීය.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ලිඳුල ලැමරියර් වතු යායේ පදිංචි මරුදෙයිවිරන් පෙරුමාල් නමැති 74 හැවිරිදි තිදරු පියෙකි.

මියගිය අය ලිඳුල නගරයේ ආපනශාලාවක කෝකියකු වශයෙන් සේවය කළ බවත්, සුපුරුදු පරිදි අලූයම ආපන ශාලාව වෙත පැමිණි එම පුද්ගලයා ආහාර පිසිමින් සිටින අවස්ථාවේ සිරුරට ගිනි ඇවිළීමෙන් ආපනශාලාවේ උඩු මහලේ පිහිටි මුළුතැන්ගෙහි දී මියගොස් ඇති බවට සැක කරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලිඳුල පොලිසිය කියයි.

සිරුරට ගිනි ඇවිළෙන අවස්ථාවේ ආපන ශාලාවේ කිසිවකු සිට නැත. ආපනශාලාවේ හිමිකරු වෙළෙඳසලට පැමිණ පරීක්ෂා කරන අවස්ථාවේ කෝකියා සිරුරට ගිනි ඇවිළීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලිසියට දැනුම් දී ඇති බව මරණය පරීක්ෂණය පවත්වන ලිඳුල පොලිසිය කියයි.

නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment