ලිපියක් ලියා තබා විවාහක ලාබාල තරුණිය ගෙලවැලලා ගනී

953

අරලගංවිල යාය හය ගම්මානයේ පදිංචිව සිටි අවුරුදු 18 ක විවාහක තරුණියක් 06 දින සවස තමා පදිංචි නිවස තුළම ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ අරලගංවිල යාය හය ගම්මානයේ අංක 15 පදිංචිව සිටි හිගුරුවැව පතිරණලාගේ සදුපමා කෞෂල්‍යා පතිරණ නමැති කාන්තාවකි. මෙම තරුණිය උසස් ලෙස සාමාන්‍ය පෙළ විභාගය සමත්ව පොළොන්නරුව නගරයේ ජනප‍්‍රිය පාසලක උසස් පෙළ හදාරමින් සිටියදී මීට මාස කීපයකට පෙර පාසල් ගමනට තිත තබා විවාහ වී ඇත. මෙම සිදුවීම වන අවස්ථාවේ දී ඇයගේ සැමියා වැලි ගොඩ දැමීමට ගොස් සිට ඇති බවත් සිය දිවි හානිකර ගැනීමට ආසන්නම හේතුව පවුල් ආරවුලක් බවත් පොලිසිය කියයි. සියදිවි හානි කරගන්නා බවට තරුණිය ලියන ලද ලිපියක්ද පොලිසිය සොයාගෙන ඇත.

අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත පේ‍්‍රමලාල් මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

දිඹුලාගල – ප‍්‍රසන්න සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment