ලීෂ්මනයිසිස් රෝගීන් නැවතත් අනුරාධපුරයෙන් හමුවෙලා

84

චර්ම ශ්ලේෂ්මල ලීෂ්මනයිසිස් රෝගීන් නැවත අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් හමු වී තිබේ.

වසර කිහිපයකට පෙර මේ රෝගය වැළඳුණු රෝගීන් හතරදෙනකු අනුරාධපුරයෙන් හමුව ඇත.

වැලි මැස්සාගෙන් බෝවන ලීෂ්මනයිසිස් රෝගය වළක්වා ගැනීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී හේමා වීරකෝන් විසින් වැඩසටහන් රැසක් දිස්ත්‍රික්කයේ මේ වනවිටත් දියත් කර තිබේ. රජරට විශ්වවිද්‍යාලය හා එක්ව වැඩසටහන් රැසක් ද ආරම්භ කර ඇත.

මේ සඳහා අවශ්‍ය වන්නේ රෝගය හඳුනාගත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගැනීමත් බව හේමා වීරකෝන් රෝගීන් දැනුවත් කරයි. එමගින් රෝගය සුව වී තිබේ.

ලීෂ්මනයිසිස් රෝගය වඩාත් ප්‍රචලිතම උතුරුමැද පළාතේය. ඊළඟට දකුණු පළාතේ ය. අඩුම රෝගී සංඛ්‍යාවක් වාර්තාගත දිස්ත්‍රික්කය නුවරඑළිය වේ. දැනට රෝගයේ ප්‍රධාන වශයෙන් අනුරාධපුර, හම්බන්තොට, පොලොන්නරුව, මාතර, වව්නියාව, මාතලේ, කුරුණෑගල ආදී දිස්ත්‍රික්වල බහුලව දක්නට ලැබේ.

චර්මගත ලීෂ්මනයිසිස් ප්‍රභේදයට අමතරව චර්ම ශ්ලේෂ්මල පටලගත ලීෂ්මනයිසිස් සහ අභ්‍යන්තර ඉන්ද්‍රිය ආසාදිත ලීෂ්මනයිසිස් රෝගය මේ වන විට රට පුරා පවතියි. මේ ප්‍රභේද තුනම සහිත රෝගීන් හමු වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පමණි.

නොචිචියාගම- එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment