අලිමංකඩ ලුණු මාර්තු මුල එනවා
පළමු අදියරට ටොන් 1550ක්
අප්‍රේල් සිට සතියකට ටොන් 400 බැගින්
අලිමංකඩ ලුණු ලේවායේ ලුණු තොග මාර්තු මාසයේ මුල් සතියේදී වෙළෙඳපළට නිකුත් කළ හැකි බව එම ලුණු ලේවායේ අලෙවි කටයුතු භාර නිලධාරියා ඉකුත් 19 දා පැවසීය. පළමු අදියර යටතේ ලුණු මෙටි්‍රක් ටොන් 750ක ප්‍රමාණයක් වෙළෙඳපළට නිකුත් කළ හැකි අතර මාර්තු මාසයේදීම තවත් ලුණු මෙටි්‍රක් ටොන් 800ක් වෙළෙඳ පළට නිකුත් කරන බවද ඔහු පවසයි.
අප්‍රේල් මාසයේ සිට සතියකට ලුණු මෙටි්‍රක් ටොන් 400 බැගින් වෙළෙඳපළට නිකුත් කළ හැකි අතර මාස් කන්නයේ වර්ෂා කාලයේදී ප්‍රයෝජනයට ගැනීම පිණිස තවත් ලුණු මෙටි්‍රක් ටොන් 2000ක ප්‍රමාණයක් සංචිත වශයෙන් තබා ගැනීමටද තීරණය කොට තිබේ.
2024 වසරේ අග භාගයේදී රටේ ප්‍රයෝජනය සඳහා සංචිත වශයෙන් ගබඩාකොට තිබූ ලුණු මෙටි්‍රක් ටොන් 4000කට වඩා වැඩි ප්‍රමාණයක් වර්ෂාව හේතුවෙන් විනාශ වී යෑම නිසා ලුණු හිඟයක් ඇති වූ බව ප්‍රකාශ කරන අලිමංකඩ ලුණු ලේවායේ නිලධාරීන් මේ දිනවල උතුරු ප්‍රදේශයේ පවතින දැඩි හිරු රශ්මිය හා වියළි කාලගුණික තත්ත්වය නිසා ලුණු නිෂ්පාදනය ඉතා ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යෑමට හැකියාව ලැබී ඇති බවද කියා සිටී.
1938 වසරේදී ආරම්භ වූ අලිමංකඩ ලුණු ලේවාය අක්කර 1169කින් සමන්විත වූවත් යුද්ධයෙන් පසුව මේ වන විට එම ලේවාය ක්‍රියාත්මක වන්නේ අක්කර 777 ක් තුළ පමණකි.
යුද්ධයට පෙර වසරකට මෙම ලේවායෙන් ලුණු මෙටි්‍රක් ටොන් 80000කට වඩා නිපදවා ගැනීමට හැකියාව ලැබී තිබුණද මේ වනවිට ලේවාය විනාශ වීම ඉඩම් ප්‍රමාණය අඩුවීම යන කරුණු මත නිපදවා ගත හැකි වන්නේ ලුණු මෙටි්‍රක් ටොන් 50000ත් 60000ත් අතර ප්‍රමාණයක් පමණක් බවද එහි නිලධාරීන් සඳහන් කොට සිටියහ.
දිනසේන රතුගමගේ