ලෙඩ් පෙට‍්‍රල් භාවිතය සම්පූර්ණයෙන් නතර කරයි

236

අධික ලෙස පරිසර දූෂණයට හේතුවන බව හඳුනාගෙන තිබූ ලෙඞ් හෙවත් ඊයම් අඩංගු පෙට‍්‍රල් භාවිතය මේ වන විට ලොව පුරා සෑම රටක් විසින්ම නතර කර දමා ඇති බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන පවසයි. මෙම ලෙඞ් සහිත පෙට‍්‍රල් භාවිතය නිසා ලොව පුරා රටවල වායුගෝලය, ජලය හා ගොඩබිම ශත වර්ෂයක පමණ කාලයක් අධික ලෙස දූෂණය වී පැවතිනි.

 මෙම පෙට‍්‍රල් භාවිතය නිසා ලොව පුරා රටවල ජනතාව හෘද රෝග, පිළිකාවන්, ආඝාතය වැනි රෝගාබාධවලින් පෙළෙන බව අනාවරණය වී තිබූ අතර කුඩා ළමුන්ගේ මොළයේ වර්ධනය අඩාල වීමටද එය බලපා තිබූ බව හෙළි විය. මේ වන විට මෙම පෙට‍්‍රල් විශේෂය භාවිත කරන රටක් සොයාගත නොහැකි බව එක්සත් ජාතීන්ගේ පරසර වැඩසටහන කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment