ලේඛකයා සතුව සමාජ හිතකාමී දැක්මක් තිබිය යුතුයි – ලේඛක ලීලාරත්න කංකානම්ගේ

97

පාසල් අධ්‍යාපනය අතරතුර නිර්මාණාත්මක ලේඛනය පිණිස අත්පොත් තබන ලීලාරත්න කංකානම්ගේ එතැන් සිට මේ දක්වා නවකතා අටක් පමණ රචනාකොට ඇත. එපමණක් නොව, කෙටි කතාව, කවිය යන සාහිත්‍ය ශානරයන් ඇතුළු වෙනත් විෂයයන් යටතේ ඔහු විසින් රචිත තවත් කෘතීන් ගණනාවකි. සංයමයකින් යුතුව ලේඛනයෙහි යෙදීම ඔහු තුළින් දකින්නට ලැබෙන වෙසෙස් ගුණයකි. එබැවින් ඔහුගේ ලේඛනය නිර්මාණාත්මක බවින් පොහොසත්ය. දෘෂ්ටිමය වශයෙන් යහපත්ය. ඔහු විසින් රචිත අටවන නවකතාව ‘රළු පරළු’ ගොඩගේ ප‍්‍රකාශනයක් ලෙස මේ වනවිට පාඨකයන් අතට පත්ව ඇත. පහත පළවන්නේ ඒ පිළිබඳව ප‍්‍රවීණ ලේඛක ලීලාරත්න කංකානම්ගේ මහතා සමග සිදුකළ කතා බහක් ය.

 ප‍්‍රශ්නය – ඔබ සහ සාහිත්‍ය ක්‍ෂේත‍්‍රය අතර ඇසුරක් ගොඩනැංවෙන්නෙ මොන ආකාරයෙන්ද?

 පිළිතුර – මගේ පාසල් දිවිය ගත්තොත් ඒ කාලයෙත් සාහිත්‍ය පිළිබඳව මා තුළ ඇල්මක් පැවතුණා. ඒ වගේම නිතර නිතර ලේඛනයෙහි යෙදුණා. එහි ප‍්‍රතිඵලයක් ලෙස කෘතියක් පවා පළ කරන්න ඒ කාලයෙත් මට අවස්ථාව හිමි වුණා. ඔය අතරේ ගුවන් විදුලිය හා සම්බන්ධ වෙමින් වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කරන්න මට අවස්ථාව උදා වෙනවා. එතැනදී වැඩ සටහන් විශාල සංඛ්‍යාවක් කරන්න අවස්ථාව උදාවුණා. එහෙම ඉන්න අතරේ උසස් අධ්‍යාපනය පිණිස විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන අතර සාහිත්‍ය පොතපත සම`ගත් සමීප ඇසුරක් පවත්වන්න මට අවස්ථාව ලැබෙනවා. මම විශ්වාස කරනවා නිර්මාණාත්මක සාහිත්‍ය පිණිස යොමුවීම සඳහා ඒක ලොකු ශක්තියක් බවට පත්වුණා කියලා.

ලේඛකයා සතුව සමාජ හිතකාමී දැක්මක් තිබිය යුතුයි - ලේඛක ලීලාරත්න කංකානම්ගේ



 ප‍්‍රශ්නය – පසු කලෙක වෘත්තීය ජීවිතයත් විශ්වවිද්‍යාල පරිසරය තුළ ගත කරන්න ඔබට අවස්ථාව හිමි වෙනවා.

 පිළිතුර – ඔව්… විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක් ලෙස වසර කීපයක් කටයුතු කළා. ඒ අතරතුරත් හැකි සෑම වෙලාවකම ලේඛනයේ යෙදීම මගේ පුරුද්දක් බවට පත් වෙනවා. ඔය අතර තුර කාලයේ තමයි රුහුණු විශ්වවිද්‍යාලයේ රෙජිස්ටාර්වරයා වශයෙන් රාජකාරී කටයුතු කරන්න අවස්ථාව ලැබෙන්නේ. විශ්වවිද්‍යාල පරිසරය තුළ දීර්ඝ කාලයක් තිස්සේ රාජකාරී කිරීම තුළ පෞද්ගලිකව මගේ ලේඛන කලාව ඉස්සරහට රැුගෙන යන්න ඒ වගේම දේශීය මෙන්ම විශ්ව සාහිත්‍යයේ නව ප‍්‍රවණතාවයන් හඳුනාගනිමින් ඒ තුළ කටයුතු කරන්න හොඳ අවස්ථාවක් ලෙසත් ඒ කාලපරිච්ෙඡ්දය හඳුන්වන්න පුළුවන්.

 ප‍්‍රශ්නය – ඔබ විසින් රචනා කොට ඇති කෘතීන් අතරින් වැඩි ඉඩක් වෙන්වෙන්නෙ නවකතා සඳහායි. ඒ සඳහා විශේෂ හේතුවක් පවතිනවද?

 පිළිතුර – මම මේ වනවිට නවකතා අටක් පමණ ග‍්‍රන්ථ ලෙස පාඨකයන් අතට පත් කරලා තිබෙනවා. ඊට අමතරව මා විසින් රචිත කෙටි කතා කෘතීන් හතරක් පi සංග‍්‍රහයන් තුනක් ඒ වගේම වෙනත් වෙනත් විෂයන් යටතේ රචනා කරන ලද තවත් කෘතීන් විශාල ප‍්‍රමාණයක් රචනා කරන්න මට හැකිවෙලා තිබෙනවා. නමුත් ඔබ ඉහත විමසා සිටි පැනයට පිළිතුරක් දෙනවා නම් නව කතාව පිණිස මගේ වෙනම කියවීමක් සහ ඒ සඳහාම වූ විශේෂ කැමැත්තක් පවතිනවා. මගේ අටවන නවකතාව වන ‘රළු පරළු’ පාඨකයන් අතට පත් වෙන්නේ ඒ කැමැත්තේම ප‍්‍රතිඵලයක් ලෙසයි කියලා මා විශ්වාස කරනවා.

 ප‍්‍රශ්නය – ඔබේ නිර්මාණාත්මක හැකියාවන් සම්මානයට එහෙමත් නැත්නම් ඇගයීමට ලක් වූ අවස්ථාවන් පිළිබඳ මෙනෙහි කරන්න පුළුවන්ද?

 පිළිතුර – මගේ තුන්වන කෙටි කතා සංග‍්‍රහයවන ලප නොමවන් සඳ සේමා’ කෘතිය 2012 ගොඩගේ සාහිත්‍ය සම්මාන පිණිස නිර්දේශීත කෘතීන් අතරට තෝරා ගන්නවා. 1971 වසරේදී මගේ නවකතාවක්වන ‘සරා සදිසි මුව මඬලක්’ පිණිස සම්මානයක් හිමි වෙනවා. ඒ හේතුවෙන් එහි තෙවන මුද්‍රණයත් පාඨකයන් අතට පත් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම සිහිපත් කළ යුතු තවත් දෙයක් තිබෙනවා.

 මගේ සාහිත්‍ය සේවය හා විශ්වවිද්‍යාල පරිපාලන සේවය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව රුහුණු විශ්වවිද්‍යාලයෙන් මා වෙත සම්මාන ආචාර්ය උපාධියක් පිරිනමනවා. එය රුහුණු විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ නිලධාරියකුහට ප‍්‍රදානය කළ පළමු සම්මාන උපාධිය වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ සම`ග ඔස්ටේ‍්‍රලියාව, ඇමෙරිකාව ඇතුළු රටවල් කීපයක පුහුණුව සඳහා පිටත්ව යන්නත් මට අවස්ථාව උදා වෙනවා. ඒ හරහා පරිපාලන සේවයේ දැනුමට අමතරව ඒ ඒ රටවල සාහිත්‍ය පිළිබඳව ඒ වගේම සාහිත්‍යකරුවන් පිළිබඳව ලොකු අධ්‍යයනයක් සිදු කරන්නත් මට ඉඩකඩ ලැබෙනවා.

 ප‍්‍රශ්නය – සාහිත්‍යකරුවෙක් ලෙස පාඨක ප‍්‍රජාව වෙත යම් නිර්මාණයක් ප‍්‍රදානය කිරීමේදී ඒ සඳහා ඔබ විසින් භාවිත කරන්නේ මොනවගේ දෘෂ්ටි කෝණයක්ද?

 පිළිතුර – එදත් අදත් සමාජයට විෂම කිසිවක් මගේ අතින් ලියවිලා නෑ. මගේ පෑනෙන් ලියවෙන නව කතාවක්, කෙටිකතාවක් එහෙමත් නැත්නම් වෙනත් ඕනෑම කෘතියක් ගත්තොත් ඒ සියල්ලෙන්ම මම උත්සාහ අරන් තියෙන්නෙ සමාජ හිතකාමී පණිවුඩයක් නිකුත් කරන්න. මොකද සාහිත්‍යකරුවා සමාජ පෙර ගමන්කරුවෙක් විය යුතුයි කියන තැන ඉඳගෙන තමයි මම මේ ක්‍ෂේත‍්‍රයේ කටයුතු කරන්නෙ.

 ප‍්‍රශ්නය – ඔබගේ අලූත්ම නිර්මාණයවන ‘රළු පරළු’ නව කතාව ඇසුරින් ඒ පිළිබඳව වැඩිදුරටත් විස්තර කරනනවා නම්…

 පිළිතුර – ඔව්… රළු පරළු නවකතාව හරහා මම උත්සාහ අරන් තිබෙන්නේ අපේ රටේ පවතින බරපතළ සමාජ ඛේදවාචකයක් පිළිබඳව කතාබහ කරන්න. වැඩිහිටියන් පිළිබඳ අපේ රටේ වාර්ෂිකව නිකුත් කරන සංඛ්‍යා ලේඛන ගත්තොත් ඒ හරහා දකින්නට ලැබෙන කරුණක් තමයි මහලූ ජනගහනයෙන් සැලකිව යුතු පිරිසක් උපන් බිම තුළ අනාථයන් බවට පත්වීම. දරුවන්ගේ නොසැලකීම තමයි මේ තත්ත්වයට මූලිකව හේතුව බවට පත් වෙන්නෙ.

 එතැනදී අපේ රටේ ඇතැම් තරුණ දූ පුතුන් විදේශ ගතවීම හේතුවෙන් අසරණ භාවයට පත්වන වැඩිහිටි පිරිසකුත් ඉන්නවා. ඒ අයගේ අධ්‍යාපනය පිණිස එහෙමත් නැත්නම් අනාගත දියුණුව පිණිස තමන්ගේ ජීවිතයෙන් වැඩි කොටසක් වැය කළ අම්මාට තාත්තාට අවසානයේ හිමි වෙන්නේ තමන්ගේ ජීවිතයේ අවසාන කාල පරිච්ෙඡ්දය තමන්ගේ නොවන තැනක ගත කරන්න. දැඩි සාංකාවකින් යුතුව ගත කරන එවැනි ජීවිත පිළිබඳ ලියැවුණ විශ්ලේෂණාත්මක කෘතියක් ලෙස තමයි ‘‘රළු පරළු’ පාඨකයන් අතට පත් කරන්නෙ.

 * සංවාදය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment