ලොකු වැරදි නැති සිරකරුවන්ට මාස 2ක සමාකාලයක් දෙන්න

51

අන්තර් මහද්වීපික මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට ලිපියක්

මිනීමැරුම්, ස්ත්‍රී දූෂකයන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සිරගත වූවන් නොවන වෙනත් වැරදිවලට දඬුවම් විඳින සාමාන්‍ය සිරකරුවන්ට මෙම වෙසක් පොහොය නිමිත්තෙන් මාස 2ක සිර සමාකාලයක් ලබාදෙන ලෙස අන්තර් මහද්වීපික මානව හිමිකම් කොමිසම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

එහි විධායක අධ්‍යක්‍ෂවරු වන වෛද්‍ය සමින්ද ධර්මරත්න හා වෛi සංගීත් ජයසේකර මේ පිළිබඳ ලිඛිත ඉල්ලීම ජනාධිපතිවරයාට යොමු කර ඇත.

මේ අනුව දැනට වසර 4කට වැඩි කාලයක් සිර දඬුවම් විඳ ඇති අයවලුන් සඳහා වසරකට මාස දෙකක පමණ සිර සහන කාලයක් ලබාදී යහපත් ලෙස ඔවුන් ජීවත් කරවීම උදෙසා දිරිගැන්වීමට හැකිවනු ඇතැයි ද දඬුවමේ පරමාර්ථය විය යුත්තේ මිනිසා නිවැරදි කරලීම බවද එමගින් ඔවුන් කියා තිබේ.

එමෙන්ම මේ පිළිබඳව වූ ඉල්ලීම තායිලන්තය, චීනය, ජපානය ඇතුළු ප්‍රධාන බෞද්ධ රටවල් 10කින් ජාත්‍යන්තර සංවිධානවලට යොමු කර ඇත.

මෙරට අධිකරණවලින් දිනකට දඬුවම් ලැබ සිරගත වන පිරිස දළ වශයෙන් 300ත් -400ත් අතර ප්‍රමාණයක් බවද ඔවුනගේ බරපතළ නොවන සාමාන්‍ය වැරදිවලට සිරගත වන සංඛ්‍යාව 60% ක ප්‍රමාණයක් බවද මෙම සහනය තුළින් පවුල් 400කට පමණ සෙත සැලසීමක් බවද ඔවුහු පෙන්වා දෙති. ඔවුන් රැකියා සහිතව ජීවත්වීමට අවශ්‍ය නම් ඊට අවශ්‍ය මඟපෙන්වීම ලබාදීමට තමන්ට හැකි බවද එම ලිපියෙන් අවධාරණය කර තිබේ.

දැනට බන්ධනාගාර නිලධාරීන් යෝජනා කර ඇති සතියක සිර සමාකාලය 12,000 කට අධික සිරකරුවන් සිටින බන්ධනාගාර පද්ධතියට මෙන්ම ආර්ථිකයට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද ඔවුන් තම ලිපියෙන් කියා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment