ලොරියේ හුළං ඇරිය රාළහාමිගේ හුළං බසී

406

වත්තල මීගමුව මහ මාර්ගය අයිනේ නතර කර තිබූ කන්ටේනර් රථයක රෝදවල හුළං ඇර එම රියැදුරුට දඩ කොළයක් ලබාදුන් පොලිස් සැරයන්වරයාගේ සේවය තහනම් කර ඇත.

පොලිස් නාගරික රථවාහන අංශයේ සේවය කරන මෙම පොලිස් සැරයන්වරයා වත්තල පොලිසියට අනුයුක්ත නිලධාරියෙකි.

වත්තල පොලිසියේ ප්‍රකාශකයෙක් පැවැසුවේ සෑම දිනම උදෑසන රාජකාරිය සඳහා විසිරී යන නිලධාරීන්ට අසාධාරණ ක්‍රියාවලින් වැළැකීමට උපදෙස් ලබා දුන්නත් ඇතැම් නිලධාරීන් විනය විරෝධී ක්‍රියාවල නිරත වන බවයි.

සමාජ මාධ්‍යයේ මෙවැනි කටයුතු පළ කිරීම නිසා වැරදිකරුවන් නීතියේ රැහැනට හසු කර ගත හැකි බවද වත්තල පොලිසිය කියයි.

මෙම සැරයන්වරයා මෙම කන්ටේනර් රථයේ හුළං අරින අවස්ථාවේ රැස්ව සිටි පිරිස ද ඊට විරෝධය දක්වා ඇති නමුත් ඔහු එය සැලකීමට ගෙන නැතැයි ද පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment