හරක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.පානදුර උතුර පොලීසිය විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතතුර දී පොලිස් මාර්ග බාධකයකදී ලොරි රථයකට නවත්වන ලෙසට අණ කර තිබේ.එහිදී එම ලොරිය අණ තොතකා සැක සහිත ලෙස ඉදිරියට ධාවන කර ඇති අතර පසුව පොලීසිය විසින් ලොරි රථයට වෙඩි තබා ඇත. එහිදී ලොරි රථයේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට පානදුර රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටින බව පොලීසිය පැවසීය.
|