ඇසළ මසින් පසු එළඹෙන්නේ වස්සාන ඍතුවයි. වර්ෂා සමයේ ද භික්ෂූන් වහන්සේලා ධර්ම ප්‍රචාරයේ සහ පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළහ. වර්ෂා සමයේ භික්ෂූන් වහන්සේලා වැස්සට තෙමෙමින් ලා තණ කොළ මදිමින් පාගමින් ක්‍ෂුද්‍ර ජීවීන් පාගමින් චාරිකාවේ නිරත වන බවත් මේ වැසි සමයේ සතා සිව් පාවුන් පවා තම වාසස්ථානවල රැඳි සිටින බව අන්‍ය ලබ්ධිකයෝ සඳහන් කළහ. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් චාරිකාවේ නිරත වන බවට අන්‍ය ලබ්දිකයන් චෝදනා කරන්නට පටන් ගනු ලැබීය. බුදුරජාණන් වහන්සේ එම චෝදනාව අවබෝධ කර ගෙන “චරත භික්ඛවේ චාරිකං” යන විනය ශික්ෂා පදයක් පැන වූහ. මේ අනුව ඇසළ මාසය උදා වන විට පෙර වස් වැසීම පිළිබඳව භික්ෂූන් වහන්සේලාට දේශනා කළේය. මේ අනුව ඇසළ පොහෝදා පදනම් කරගෙන පෙර වස් විසීම ද ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීමකි.
ලොව පුරා බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අදවන් ඇසළ පුන් පසළොස්වක පොහෝ දිනකය. ඇසළ සඳ එළියෙන් ලොව පුරා ජනතාවගේ සිත් සතන් සනසාලමින් උතුම් වූ නිර්වාණ මාර්ගය අවබෝධ කරලීමට පෘතග්ජන මිනිසුන් උදෙසා බෞද්ධ දර්ශනය ඉදිරිපත් කළ ඇසළ පෝය දිනය හෙටට යෙදී තිබේ. මෙලෙස ඇසළ පුන් පසළොස්වක පොහෝ දිනය බෞද්ධ ජනතාවට ශාසන ඉතිහාසයේ වැදගත් තවත් සිදුවීම් රැසක් සිදු වූ සුවිශේෂී පොහොයකි.
සිදුහත් කුමරු පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ උතුම් වූ ඇසළ පුන් පොහෝ දිනයි. කාලය, දීපය, දේශය, කුලය, මව යන පස් මහ බැලුම් බැලීමෙන් පසුව යෝග්‍ය වූ මවු ගැබ තෝරා ගත් බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේ ද ඇසළ පුන් පොහෝ දිනයේ ය . සිදුහත් කුමාරයා ගිහිගෙය හැර දමා මහණදම් පිරීම සඳහා පිටත් වන්නේ ද සත්‍ය සොයා ගැනීමේ අතිමහත් බලාපොරොත්තු ඇතිවය. සිදුහත් කුමරුගේ පුතණුවන් වන රාහුල කුමාරයා ඉපද දිනයේම සිය පුතුගෙන් වෙන් වී සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා පිටත් වන ඓතිහාසික ගමන ලෝකවාසී බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි කරදීමේ උදාර පියවරයි.
බුදුරජාණන් වහන්සේ ගිහි ජනයා උදෙසා පළමුවට බණ දේශනා කළේ ද අද වන් පොහෝ දිනක ය. එසේ ම බුදුරජාණන් වහන්සේ කෘතවේදී ගුණය සමරන පොහොය ලෙස ද ඇසළ පුන් පොහෝ දිනය හඳුන්වා දිය හැකි ය. සිද්ධාර්ථ තවුසා තපස් දම් රකින සමයේ තමන්ට ගුරු හරුකම් දෙමින් උපකාර කළ ආලාරකාලාම, උද්දකරාම, භග්ගව යන ධ්‍යාන ලාභීන් පිළිබඳව සොයා බැලුව ද එම සියලු ගුරුවරු මිය ගොස් ඇති බවට සැලවෙනවා. අනතුරුව තමන්ට උදව් උපකාර කළ මීළඟට ජීවමානව සිටින පිරිස පිළිබඳව නුවණින් විමසා බැලීය. එහිදී උන්වහන්සේ පස්වග මහණුන් සිටින බවට හඳුනා ගන්න ලදි. මේ තුළින් බුදුරජාණන් වහන්සේ මහඟු ආදර්ශයක් ලබා දී තිබේ. බුද්ධත්වය ලබා ගැනීමට උපකාර කළ ඔවුන්ව සිය අරමුණ සාක්ෂාත් කර ගැනීමෙන් පසුව පෙරළා කෘතගුණ දැක්වීම උන්වහන්සේගේ චරිතයෙහි දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයකි. පස්වග මහණුන්ට පළමු ධර්ම දේශනාව ඇසළ පුන් පොහෝදා සිදුකළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. ඒ අනුව බරණැස ඉසිපතනයේ මිගදාය වනයට වැඩම කළ අප මහා බෝසතාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළහ. මෙහිදී කාමසුඛල්ලිකානු යෝගය අත්හළ යුතු බව පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ සිරුරට අධික සැප දීමෙන් විමුක්තිය උදා නොවන බවත් වටහා දුන්හ. එසේ ම අත්තකිල මතානු යෝගය එනම් අධික ලෙස කයට දුක් දීමෙන් ලබන්නට වෑයම් කරන විමුක්තිය නොලැබෙන බව අවබෝධ කළේය. මෙම නොගැලපෙන මාර්ග දෙකම අත්හැර මැද පිළිවෙතට එනම් මධ්‍යම ප්‍රතිපදාවට පිවිසිය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒ අනුව මැදුම් පිළිවෙත පිළිබඳව පළමුවට ධර්මය වටහා දුන්නේ ඇසළ පොහෝ දිනයක ය. එසේම මැදුම් පිළිවෙත පිළිබඳව පළමුව ධර්මය වටහා දුන්නේ ද මේ උතුම් පොහෝ දිනයි. ලෝකයේ තෙරුවන් පහළ වූයේ ද ඇසළ පුන් පසළොස්වක පොහෝ දිනකය.
පළමු ධර්ම දේශනාව ඇසීමෙන් කොණ්ඩඤ්ඤ තවුසා සෝවහන් ඵලයට පත් වීම ද මෙදින සිදු වූ විශේෂ සිදුවීමකි. බුද්ධ ශාසනයේ පළමු මාර්ග ඵල ලාභියා වන්නේ කොණ්ඩඤ්ඤ තවුසා ය.
ඇසළ මසින් පසු එළඹෙන්නේ වස්සාන ඍතුවයි. වර්ෂා සමයේ ද භික්ෂූන් වහන්සේලා ධර්ම ප්‍රචාරයේ සහ පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළහ. වර්ෂා සමයේ භික්ෂූන් වහන්සේලා වැස්සට තෙමෙමින් ලා තණ කොළ මදිමින් පාගමින් ක්‍ෂුද්‍ර ජීවීන් පාගමින් චාරිකාවේ නිරත වන බවත් මේ වැසි සමයේ සතා සිව් පාවුන් පවා තම වාසස්ථානවල රැඳි සිටින බව අන්‍ය ලබ්ධිකයන් සඳහන් කළේය. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් චාරිකාවේ නිරත වන බවට අන්‍ය ලබ්දිකයන් චෝදනා කරන්නට පටන් ගනු ලැබීය. බුදුරජාණන් වහන්සේ එම චෝදනාව අවබෝධ කර ගෙන “චරත භික්ඛවේ චාරිකං” යන විනය ශික්ෂා පදයක් පැන වූහ. මේ අනුව ඇසළ මාසය උදා වන විට පෙර වස් වැසීම පිළිබඳව භික්ෂූන් වහන්සේලාට දේශනා කළේය. මේ අනුව ඇසළ පොහෝදා පදනම් කරගෙන පෙර වස් විසීම ද ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීමකි.
බුදුරජාණන් වහන්සේ විසින් එවකට භාරතයේ මානාධික තිර්ථකයන්ගේ මානය බිඳ හෙළීම ද ඇසළ පුන් පොහෝදා සිදු වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී යමා මහ පෙළහර පෑම සිදු කළා. එක් රෝම කූපයකින් ජල කඳක් ද තව රෝම කූපයකින් ගිනි කඳක් ද පිටවෙන ලෙස පෙන්වා දුණි. එයින් තීර්ථක මානය බිඳී හෙළීය.
බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම සංගායනා පවත්වන ලද ඇසළ පොහොය ශාසනික වශයෙන් අපට ඉතා වැදගත් වේ. ලාංකික බෞද්ධ ජනතාවට ඇසළ පොහෝ දිනය සුවිශේෂී වැදගත්කම් රැසක් පවතිනවා. මිහිඳු මාහිමියන් පොසොන් පොහෝදා ලක් බිමට බුදු දහම රැගෙන පැමිණීමෙන් පසුව බොහෝ ජනතාව බුදු දහම වැළඳ ගනිමින් පැවිදි වූහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම ද සුවිශේෂී වේ.
කිත්සිරි මෙවන් රජු දවස කලිඟු රට සිට හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් ලක්දිවට උතුම් ශ්‍රී දළදා වහන්සේ වැඩම කරවන ලදි. එතැන් පටන් ඇසළ පෝය මුල් කරගෙන ශ්‍රී දළදා පෙරහැර පැවැත්වීම චාරිත්‍රානුකූලව සිදු කරයි.
එසේම බු.ව 382 දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදිකිරීම පිණිස මඟුල් ගල තබන ලද්දේ ද අද වැනි දිනකය. මහා සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීම ද විශේෂත්වයකි. මාතෘ දිව්‍ය රාජයා ඇතුළු දෙවියන්ට විජම්බන දේශනා කිරීම, ප්‍රථම ඛණ්ඩ සීමාව සාංඝික කිරීමද සිදු වූයේ අද වන් ඇසළ පොහෝ දිනකය.
එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයෑම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේ ද මෙදිනයි.
සිදුහත් බෝසතාණන් ගිහි ගෙයින් නික්ම ගොස් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමින් ලෝවැසි සත්වයාට නිර්වානය අවබෝධ කර ගැනීමේ මාර්ගය දේශනා කළහ. මේ තුළින් බුදුරජාණන් වහන්සේගේ පරාර්ථකාමීත්වය, කෘතවේදීත්වය මනාව පිළිබිඹු කරයි. බුදුරජාණන් වහන්සේ ලොව සියලු සත්වයාට අනුකම්පාවෙන් මේ උතුම් වූ බුද්ධ දර්ශනය දේශනා කළහ. උන් වහන්සේගේ ආදර්ශවත් චරිතයෙන් අද අප සමාජයට කියා දෙන්නේ විශාල පාඩමකි. උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ උතුම් දහම දේශනා කරමින් අන්‍යයන් ද සුමගට ගැනීම කෙරෙහි ඇති වූ පරාර්ථකාමීත්වය මහඟු ගුණයකි. එසේ ම කෘතවේදීත්වය ද උන්වහන්සේගේ චරිතයෙහි දක්නට ලැබෙන තවත් සුවිශේෂී ගුණාංගයකි. තම අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් තමාට උපකාර වූ ගුරුහරුකම් ලබා දුන් කිසිවකු උන්වහන්සේ අමතක නොකළ හ. වර්තමාන සමාජය දෙස බලන කල අපට එයින් කියා දෙන්නේ විශාල පාඩමකි. උන්වහන්සේගේ චරිතයෙන් පවා අප සමාජයට මහඟු මාර්ගෝපදේශයක් ලබා ගත හැකිය.
බුදුරජාණන් වහන්සේගේ දේශනා කළ ශ්‍රී ධර්ම ස්කන්ධය මග යමින් උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා සියලු දෙනා මේ ඇසළ පුන් පසළොස්වක පොහෝ දින පහන් සිත් ඇති කර ගනිමු.
අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිකාරි
උතුරු මධ්‍යම දිසාවේ
ප්‍රධාන අධිකරණ සංඝනායක
රැළපනාවේ ධම්මජෝති නාහිමි