ලොව පුරා සදහම් ආලෝකය පැතිරගිය ඇසළ පොහොය

255

වෙසක්, පොසොන් පොහෝ දිනය අතිශයින් අපට වැදගත් වූවා සේම, ඇසළ පුන් පොහෝ දිනය ද අතිශයින් වැදගත් වූ පොහෝ දිනයකි. තමන් වහන්සේ විසින්ම තම ඥානයෙන්ම අවබෝධ කරගත් පරම ශාන්ත සුන්දර වූ ශ‍්‍රී සද්ධර්මය නම් වූ ‘‘දම්සක් පැවතුම් සූත‍්‍ර දේශනාව’ පස්වග තවුසන් ප‍්‍රධාන මුළු මහත් සදේව ලෝකයාට පළමුව දෙසා වදාළ උතුම් පොහෝ දිනය අද වූ බැවිනි.
 
ක‍්‍රි. පු. 6 වන සියවස දඹදිව ආගමික විප්ලවයක් පැවැති යුගයකි. දෙසැටක් මිත්‍යා දෘෂ්ටික ආගම් පැවැති බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. මෙම ආගමික නායකයින් මහා බුද්ධිමතුන් වූහ. ජීවිතයේ පරම නිට්ඨාවක් ඇත්නම් එම මාර්ගය සෙවීමට මහන්සි ගත්හ. මෙම ආගමික නායකයින් වටා අනුගාමික පිරිස් බොහෝ වූහ. මේ ආගමික නායකයින් අතර, පූර්ණ කස්සප, මක්ඛලී ඝෝසාල, නිගණ්ඨනාථපුත්ත, අජිත කේසකම්බල, සංජය බෙල්ලට්ඨිපුත්ත, පකුධකච්චායන යන ෂට්ශාස්තෘවරු ප‍්‍රධාන තැනක් ගත්හ. මොවුන්ගෙන් සමහරෙක් කර්මය හා කර්ම විපාක බැහැර කළහ. තව සමහරෙක් කර්මය හා කර්මඵලය විශ්වාස කළහ. ඒනිසා මොවුන් ‘ශාස්වතවාද හා උච්ෙඡ්දවාද කඳවුරුවලට බෙදි කටයුතු කළහ.
 
 මේ ආගමික නායකයින් හැරුණවිට තවත් අප‍්‍රකටව සිටි පිරිස් බොහෝ වූහ. මොවුන්ගේ වත් පිළිවෙත්   නා නා විධ ය. පුදුම දනවන සුලූය. සමහරෙක් නිර්වස්ත‍්‍රව කටයුතු කළ අතර තව සමරෙක් ගෝව‍්‍රත, ශුනකව‍්‍රත, අජව‍්‍රත රකිමින් ගොම වැරටී, රුක් පතුරු අනුභව කරමින් සිටිය හ. මේ හැම ආගමික ප‍්‍රධානියෙකුගේම බලාපොරොත්තුව වූයේ ‘නිවන’ සොයා ගැනීමයි. නමුත් ඔවුන් ඒ සඳහා අනුගමනය කර ඇති අර්ථශූන්‍ය වැඩ පිළිවෙළ ඒ සඳහා ළ`ගා වීමට තරම් උපකාර නොවූහ.
 
 සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මෙවන් පසු බිමක හැදුණ වැඩුණ කෙනෙකි. නිසි වයසේදී සියලූ ශිල්ප ශාස්ත‍්‍රයන්හි පරතෙරටම ගොස් සිටි අයෙකි. විමුක්තිය වෙනුවෙන් ඇතමුන් අනුගමනය කරන දුෂ්කර ප‍්‍රතිපත්තීන් පිළිබඳව අවබෝධයෙන් සිටියහ. ඒ දෙස බලා ඔවුන් විවේචනය නොකළහ. ඉගෙන ගත හැකි යමක් වෙත්නම් එය ද අවබෝධ කරගෙන සත්ත්වයාගේ, උපතටත්, මරණයටත් ප‍්‍රධාන හේතුවක් තිබිය යුතු බැවින් කෙදිනක හෝ ඒ සත්‍ය සොයා ගන්නෙමි යි යන දැඩි අධිෂ්ඨානයෙන් පසුවූහ. මේ සඳහා සසර පිරූ පාරමිතා බොහෝය. මේ පිං දවසින් දවස මෝරා වැඩෙන්නට විය. ඒ සඳහා සුදුසු කාලය එළැඹ ඇතැයි සතර පෙරනිමිති තුළින් දැනුවත් වූ බෝසතාණන් වහන්සේ ඇසළ පුන් පොහෝදා ඒ සියලූ සැප සම්පත් අතහැර දමා ‘නිවන’ සොයා අභිනිෂ්ක‍්‍රමණය කළහ.
 
 අනෝමා නදී තීරයට පැමිණි සිද්ධාර්ථ බෝසතාණෝ ගිහිවෙස් අතහැර කසාවත් දරා ප‍්‍රව‍්‍රජ්‍යාභූමියට පත්විය. එදවස පටන් රජ බොජුන් වෙනුවට පාත‍්‍රයට ලැබුණේ යමක් ද එය වළඳා අව්, වැසි, සුළං, මැසි, මදුරු පීඩා විඳිමින් සත්‍ය ගවේශීව, කිංකුශල ගවේශීව හුදකලා සටනක නිරත වූහ. සත්‍ය, කුශල, විමුක්තිය පිළිබඳ දාර්ශනික මත දැරූ පිරිස් හොය හොයා සැරි සැරූහ. ‘භග්ගව’ තවුසා මුණ ගැසුනේ මේ අවස්ථාවේදීය. ඔහු ළ`ග ටික දිනක් ගත කළහ. තමන් සොයන දහම ඔහු ළඟ නොමැති බැවින් ඉන් බැහැර විය. ‘ආලාරකාලාම’ තවුසා මුණ ගැසෙන්නේ මින් අනතුරුවය. තුන්වන ‘අරූපාවචර ධ්‍යානය’ ලබා ‘ආකිඤ්චඤ්ඤායතනය’ ද ලබා ගත්හ. එතැනින් එහා විමුක්තිය ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් නොවුයෙන් මින් පසු ‘උද්දකරාමපුත්ත’ නම් තවුසා වෙත යන ලදි. ඔහු අරූපාවචර සතර වන ධ්‍යානය වු නේවසඤ්ඤා – නාසඤ්ඤා ලැබූ අයෙකි. එයද තමන් වහන්සේ සොයන නිවනට මඟ නොවන බැවින් ටික දිනකින් ඉන් බැහැරව ගියහ.
 
 එසේ ගියේ උරුවෙල් දනව්වට ය. නේරංජනා ගඟ අසබඩ උරුවෙල් දනව්ව පිහිටා තිබුණි. සිත්කලූ තැනක් බැවින් බෝසතාණෝ මෙහි සිටියහ. දඹදිව විසූ ඇතැම් සත්‍ය ගවේශිකයෝ සිරුරට සැප හා දුක් දෙමින් කරන අරගලය දැක තිබූ බෝසතාණෝ එකවර එය ප‍්‍රතික්‍ෂේප නොකර ඒ මඟ යමින් එය ද ප‍්‍රගුණ කරන්නට අධිෂ්ඨාන කරගත්හ. මුලදී පිඬු සි`ගා වැළª බෝසතාණන් වහන්සේ ආහාර අනුභවයෙන් වැළකී සිටිහ. තමන් සිටි තැනට ලැබුණේ යමක් ද එයින් පමණක් සෑහීමකට පත් වූහ. වර්ණවත් සිරුර දවසින් දවස දුර්වර්ණ වන්නට පටන් ගත්. මස්, ලේ වියළී ඇට නහර පමණක් ඉතිරි විය. කුස පිට කොන්දට ඇලී ගියේය. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ සැඟවී ගියේය. උඩුතල්ල යටිතල්ල එකට ඇලී ගියේය. ආශ්වාස ප‍්‍රශ්වාස ගැනීම අඩුවිය. හිස පැළී යන තරම් වේදනාව ඇති විය. සිහි නැතිව සක්මන් මළුවේ ඇද වැටුණි. මේ දුටු දෙවියෝ සිදුහත් තවුසාණෝ මැරී වැටුණේ යැයි සිතූහ. ‘මජ්ඣිමනිකායේ මහා සච්චක සූත‍්‍රයේ’’ මේ ගැන මනා විස්තරයක් ඇත.
 
 මෙසේ සිරුරට අපමණ දුක් වේදනා ගෙන දෙමින් වසර 6ක් සිදු කරනු ලැබූ මාරාන්තික ‘දුෂ්කර ක‍්‍රියාව’ බෝසතාණන් වහන්සේ අතහැර දැමූහ. ඒ ක‍්‍රියා පිළිවෙත ‘අත්තකිලමතානුයෝගය’ ලෙස හඳුන්වනු ලබයි. ඉන් අනතුරුව සිත් වූ පරිදි ආහාර අනුභව කරමින් සිරුර පෝෂණයෙහිලා කටයුතු කරමින් අත්හදා බැලීමක නිරත වූහ. සිරුරට සැපගෙන දෙමින් සිදු කළ මේ පර්යේෂණය හඳුන්වනු ලබන්නේ කාමසුඛල්ලිකානුයෝගය වශයෙනි.
 
 බෝසතාණන් වහන්සේ සිරුරට සැපගෙන දෙන මේ පිළිවෙතට අවතීර්ණ වූ පසු දුෂ්කරක‍්‍රියා සමයේ ළඟින් සිට උවැටන් කළ පස්වග තවුසන් බෝසතාණන් වහන්සේ සිරුර සන්තර්පණය කරනවායැයි නොසතුටු සිතින් බෝසතාණන් වහන්සේ හුදකලාකොට ඉන් නික්ම ගියහ.
 
 මේ අන්ත දෙකම අතහැර දැමූ බෝසතාණන් වහන්සේ දැඩි අධිෂ්ඨානයෙන් නොපසුබට වීර්යෙන් කයට වඩා මෙහිදී හිත මුල්කොට ගත් ගවේෂණයක යෙදෙන්නට අදහස් කළහ. ඇතැම් බමුණන් ධ්‍යාන ලබා බඹලොව ඉපදීමට සමත් වූවද ඉන් ඔබ්බට ඔවුහු යමක් නොසිතූහ. බෝසතාණන් වහන්සේ මේ හැම ධ්‍යානයක්ම අභිභවා සියලූ කෙලෙස් තැවීමට ම වෙර දැරූහ. ඒ සඳහා මධ්‍යම ප‍්‍රතිපදාවේ වටිනාකම තේරුම් ගෙන එය සාර්ථක කර ගැනීමේ අටියෙන් උරුවෙල් දනව්වේ සේනානි ගමට වැඩියහ.
 
 සේනානි ගමට වැඩම කළ බෝසතාණන් වහන්සේ අජපාල නම් වූ නුග රුක මුල වැඩ සිටියහ. සුජාතා දේවිය කිරි පිඬු පූජා කළේ මෙහිදීය. උන්වහන්සේ නේරංජනා ගංතෙරට පැමිණ කිරිපිඬු හතළිස් නවයක්කොට වළඳා ‘ඉදින් අද මාගේ අදහස මුදුන්පත් වේ නම් මේ රන් තලිය උඩු ගං බලා යේ වායි’’ අදිටන්කොට එය ග`ගට දැමූහ. රන්තලිය උඩු ගං බලා ගියේය. තම අදහස ඉටුවන බව ඉන් දැන ගත්හ. මින් පසු උන්වහන්සේ ‘භද්‍රවනයට’ වැඩම කළහ. පඤ්චාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ගත්තේ මෙහිදීය. මින් පසු උන්වහන්සේ ගයා පෙදෙසට යෑමට පිටත් වූහ. මෙහිදී සොත්ථිය ‘‘ බමුණා කුස තණ අට මිටක් පූජා කළහ. එය ද පිළිගෙන ඇසතු රුක් මූලය වෙත වැඩමවා එහි මූලයෙහි කුසතණ අතුරා පෙරදිගට මුහුණලා ‘මගේ ශරීරයෙහි සම් නහර ඇට ඉතිරිව ලේ, මස් වියළියේවා බුදු නොවී මේ අසුනෙන් නොනැඟිටිමි’ යන චතුරංගයෙන් යුත් වීර්ය අධිෂ්ඨානකොට වැඩ උන්හ. මෙහිදී හිත තදින් සමාධිගත වූයෙන් ආශ්චර්යමත් සිද්ධීන් බොහෝමයක් ඇති විය.
 
 අතීත ආත්මභාවයන් ගැන කිය හැකි වූ ‘පූර්වේනිවාසානුස්මෘති ඥානයත්’ සත්ත්වයාගේ උපත, විපත ගැන කියා හැකි වූ ‘චුතූපපාත ඥානයත්’ ලබා ගත්හ. පශ්චිමයාමය වනවිට පංචස්කන්ධය පිළිබඳ අනිත්‍යතාවය මෙනෙහි කරමින් ධර්මය අනුලෝම ප‍්‍රතිලෝම වශයෙන් සිහි කරමින් විදර්ශනා වැඩූහ. නිත්‍ය සංඥාවත්, සුඛසංඥාවත් ආත්ම සංඥාවත් නන්දිරාගයත් යන කෙලෙසුන් නැසීමට මෙහිදී හැකි වූයෙන් තුන්වන ‘ආසවක්ඛයා ඥානය’ ලබා පිළිවෙළින් සෝවාන් ආදී මාර්ගඵලයට පැමිණ උතුම් රහත් ඵලයට පත් වූහ. මේ උතුම් ප‍්‍රාර්ථනාව සිදුවූයේ වෙසක් පුන් පෝදාය.
 
 බුද්ධත්වයට පත්ව තෙමසක් ඉක්ම ගියහ. අවබෝධ කරගත් මේ ගැඹුරු ධර්මය පළමුව දේශනා කළ යුත්තේ කවුරුන් උදෙසා දැයි සිතමින් සිටි මොහොතේ සහම්පති මහා බ‍්‍රහ්මරාජයා දහසක් දෙවි බඹුන් කැටිව පැමිණ ධර්මය දේශනා කිරීමට මේ සුදුසු කාලය බව සිහිපත්කොට ආරාධනා කළහ.
 
 ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ පළමුව ධර්මය දේශනා කළ යුත්තේ කවුරුන් උදෙසා දැයි බැලූහ. ගිහිකල ගුරුවරයෙකු වූ ආලාරකාලාම සිහිපත් වී ඔහු ගැන සොයා බැලූහ. සතියකට පෙර ඔහු කළුරිය කළ බව දුටු සේක. අනතුරුව උද්දකරාමපුත්ත තවුසා ගැන විමසූහ. ඔහු ඊට පෙර දින රාත‍්‍රියෙහි කළුරියකොට ඇති බව දුටූහ. මින් අනතුරුව සොයා බැලූවේ දුෂ්කරක‍්‍රියා සමයේ තමන්ට ළඟින් සිට උපස්ථාන කළ පස්වග තවුසන්ය. ඔවුහු මේ ධර්මය ශ‍්‍රවණය කරන්නට තරම් බුද්ධිමතුන් වන බැවින් ඔවුහු තෝරාගත්හ. පස්වග තවුසන් බරණැස ඉසිපතනාරාමේ වෙසෙන බව දැන එහි යෑමට අදහස් කළහ.
 
 මේ යන ගමනේදී බුදුරජාණන් වහන්සේට බෝ මැඩටත් ගයාවටත් අතර ‘උපක’ නම් වූ ආජීවක හමුවිය. ඔහු බුදුරජාණන් වහන්සේ දැක අතිශයින් පැහැදීමට පත් වී,
 
 ‘ඇවැත්නි, ඔබවහන්සේගේ ඉන්ද්‍රීයෝ ඉතා ප‍්‍රසන්නය. ශරීර වර්ණය ද පැහැපැත්ය. ඔබ වහන්සේ කවරෙකු උදෙසා පැවිදි වූ සේක් ද ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඔබවහන්සේ කවරකුගේ ධර්මය ගරු කරන සේක් දැයි’’ ඇසීය.
 
 එවිට බුදුරජාණන් වහන්සේ ආජීවකට පිළිතුරු දෙමින් මෙසේ වදාළහ. ‘‘මම සියලූ ධර්මයන් මැඬ සිටියෙමි. සියලූ ධර්මයන් දැන සිටිමි. කිසිදු ධර්මයෙක්්හි නොඇලූනේ වෙමි. සියල්ල අත්හලේ වෙමි. තෘෂ්ණා ක්ෂය කළේ ය. සියලූ දුකින් මිදුණේ වෙමි. මට ගුරුවරයෙක් නැත. මට සමාන වුවෙක් ද නොපෙනේ. දෙවියන් සහිත ලෝකයෙහි මා හා සම පුද්ගලයෙක් නැත. ලෝකේ රහතන්වහන්සේ මම වෙමි. උතුම් ශාස්තෘවරයා වෙමි. මම දම්සක් පැවැත්වීමට බරණැස් නුවරට යමියි.’’ දෙසූහ.
 
 බුදුරජාණන් වහන්සේ අටළොස් යොදුන් මඟ ගෙවා බරණැස් නුවර ඉසිපතනාරාමයට වැඩම කළහ. ඒ ඇසළ පුර පසළොස්වක පොහෝ අද වැනි දවසකය. බුදුහිමි ඈත තියා වඩින බව දුටු පස්වග තවුසන් ‘‘ඇවැත්නි, ශ‍්‍රමණ භගවත් ගෞතමයෝ වීර්ය අතහැර බුදු බව නොලබා නැවත අප සොයා පැමිණෙති. එබැවින් අප පෙරගමන් නොයා යුතුය. පා සිවුරු නොගත යුතුය. පා දෝවනා පැන් නොතැබිය යුතුය. නොවැන්ද යුතුය. අසුනක් පමණක් දිය යුතු යැයි කතිකාකර ගත්හ.
 
 බුදුරජාණන් වහන්සේ ළංවත්ම මේ කතිකා සියල්ල අමතකකොට වැඩ සිටීමට අසුනක් පැනවූහ. පස්වග තවුසන් බුදුහිමිට ( ආවුසෝ* ඇවැත්නි යනුවෙන් ආමන්ත‍්‍රණය කළහ. එසේ සම වචනයෙන් ආමන්ත‍්‍රණය නොකරන ලෙසටත් තමන්වහන්සේ කෙලෙස් නසා බුදු වී නිවන් පසක් කර ගත් බවත් ඒ උතුම් ධර්මය ඔබ කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කිරීමට වැඩම වූ බව සිහිපත් කළහ. පස්වග තවුසන් තෙවතාවක්ම මෙය ප‍්‍රතික්‍ෂේප කළද බුදු හිමි මා මෙයට පෙර ඔබට බොරු කියා රවටා නැති බවත් මේ සත්‍ය පිළිගෙන ධර්මය ශ‍්‍රවණය කරන්නට සූදානම් වන්නැයි වදාළහ. ඔවුහු ඉතා ආදරයෙන් මේ ඉල්ලීම පිළිගෙන පැමිණ සිටි දස දහසක් සක්වල දිව්‍ය බ‍්‍රහ්ම සේනාව සමගින් දම්සක් පැවතුම් සූත‍්‍ර දේශනාව ශ‍්‍රවණය කරන්නට සූදානම් වනවාත් සම`ග බුදුරජාණන් වහන්සේ,
 
 ‘ථෙ මේ භික්ඛවේ අන්තා පබ්බජිතෙන න සේවි තබ්බා යෝචායං කාමේසු කාම සුඛල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පෝථුජ්ජනිකෝ අනරියෝ අනත්ථ සංහිතො යෝචායං අත්ථ කිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථ සංහිතෝ ඒතේන භික්ඛවේ උභෝඅන්තේ
 
 අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථා ගතේන අභිසම්බුද්ධා’ වශයෙන් පස්වග තවුසන් අමතා’’
 
 ‘පැවිද්දකු විසින් සේවනය නොකළ යුතු අන්ත දෙකකි. එනම්, හීන වූ ගම්‍ය වූ අනාර්ය වූ අවැඩ දායක වූ වස්තු කාම ක්ලේශකාමයන්හි ඇලීම නම් වූ කාමසුඛල්ලිකානු යෝගයකි.’’
 
 දුක් සහිත වූ අවැඩදායක වූ කෙලෙස් තවන අදහසින් ශරීරයට දැඩි දුක් දීම නම් වූ අත්තකිලමතානුයෝගයත් අතහැර දමා මධ්‍යම ප‍්‍රතිපදාවට පැමිණිය යුතුය. එම ප‍්‍රතිපදාව නුවණැස දියුණු කරන්නටත් කෙලෙස් සංසිඳ වීමටත් චතුරාර්යය සත්‍යාවබෝධය හා නිවන් පිණිසත් හේතු වන බව පෙන්වා දුන්හ. එම මධ්‍යම ප‍්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙසේය. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි යනුවෙනි.
 
 සම්මා දිට්ඨි යනු – චතුරාර්ය සත්‍ය පිළිබඳ මනා අවබෝධයයි.
 
 සම්මා සංකල්ප යනු – නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා යන නිවැරදි කල්පනාවෙන් සිටීමයි.
 
 සම්මා වාචා යනු – බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචනයන්ගෙන් වෙන් වී වාග් සුචරිතයෙහි යෙදීමයි
 
 සම්මා කම්මන්ත යනු – ප‍්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය යන දුෂ්චරිතයන්ගෙන් වෙන් වී කාය සුචරිතයෙහි යෙදීමයි
 
 සම්මා ආජීව යනු – චතුර්විධ වාග් දුශ්චරිතයෙන් හා ත‍්‍රිවිධ කාය දුෂ්චරිතයෙන් වෙන්ව පංචවිධ වෙළෙඳාමේ යෙදීමයි
 
 සම්මා වායාම යනු – සතර සම්‍යක් ප‍්‍රධාන වීර්ය වැඞීමයි
 
 සම්මා සති යනු – සතර සතිපට්ඨානය වැඞීමයි
 
 සම්මා සමාධි යනු – සිත මිථ්‍යා අරමුණුවලින් බැහැරව සමාධිගත චිත්තයෙන් විසීමයි.
 
 මූලික වශයෙන් දම්සක් පැවතුම් සූත‍්‍රයෙහි ඇතුළත් මේ දහම් කරුණු පිළිබඳ මනා අවබෝධයෙන් පසු වුණ පස්වග තවුසන් අතරින් කොණ්ඩඤ්ඤ තාපසතුමා පළමුව රහත් වූයෙන් බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ඤ තාපසතුමා අමතා,
 
 ‘‘අඤ්ඤාසි වත හෝ කොණ්ඩඤ්ඤො අඤ්ඤාසි වත හෝ කොණ්ඩඤ්ඤො’’ යනුවෙන් පින්වත් කොණ්ඩඤ්ඤ තෙමේ චතුස් සත්‍ය අවබෝධ කළා කියා උදම් අනා වදාළහ. මින් පසු කොණ්ඩඤ්ඤ හාමුදුරුවන් වහන්සේ ‘අඤ්ඤා කොණ්ඩඤ්ඤ’ නමින් හඳුන්වනු ලැබූහ.
 
 මෙහිදී සිදු වූ අනිත් සුවිශේෂී වූ කාරණය නම් තුනුරුවන් ලෝකයේ පහළ වීමයි. මේ හේතුකොට ගෙන එදා දඹදිව පුරා පැවැති හිංසා ප‍්‍රතිපත්තීන්ගෙන් ජනතාව අතමුදා අහිංසා පිළිවෙතෙහි යොදා නිදහස් චින්තනයක් ගොඩනඟන්නට හේතු වීමයි.
 

ralapanawe
advertistmentadvertistment
advertistmentadvertistment