ලොව ප්රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ජාලයක් වන ‘ට්විටර්’ සමාජ මාධ්‍ය ජාලය ඇමරිකානු ඩොලර් බිලියන 44කට මිලදී ගැනීමට ලොව ධනවත්ම පුද්ගලයා සේ සැලකෙන එලොන් මස්ක් විසින් පියවර ගෙන තිබේ.
මස්ක් විසින් ‘ට්විටර්’ මාධ්‍ය ජාලය මිලදී ගන්නා බවට මාස කිහිපයක සිට ප්‍රචාරයක් පැවතිය ද එම මිලදී ගැනීමේ ගනුදෙනුව සම්පූර්ණ වී නොතිබිණි.
එහෙත් අදාළ මිලදී ගැනීමේ ගනුදෙනුව මේ වන විට සම්පූර්ණ කර ඇති බව මස්ක් විසින් සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් පවසා තිබේ. ‘ට්විටර්’ සමාජ මාධ්‍ය ජාලය තමන් විසින් මිලදී ගැනීමේ ගනුදෙනුව සම්පූර්ණ වූ බව තහවුරු කරමින් මස්ක් සිය ගිණුමෙහි ‘කුරුල්ලා නිදහස් කෙරුණා’ යැයි සඳහන් කර තිබේ. ‘ට්විටර්’ ආයතනය තමන් යටතට පත් වීමත් සමගම එම ආයතනයේ ප්‍රධානියා වූ පරාග් අගර්වාල් ඇතුළු විධායක නිලධාරීන් ගණනාවක්ම සේවයෙන් නෙරපීමට මස්ක් විසින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වුවද ට්විටර් ආයතනය මස්ක් විසින් එම ආයතනය මිලදී ගත් බව මෙතෙක් තහවුරු කර නොමැති අතර මුල් කාලයේ ආයතනයේ ආයෝජකයකු සඳහන් කර තිබුණේ මස්ක් විසින් ට්විටර් ආයතනය මිලදී ගැනීමේ කටයුතු සම්පූර්ණ කර ඇති බවයි.