ලොව වේගවත්ම කාන්තාව ජුලියන්

183

කාන්තා මීටර් 100 තරග ඉසව්ව තත්ත්පර 10.72කින් අවසන් කරමින් පැරිස් ඔලිම්පික් තරගයේ ලොව වේගවත්ම ක්‍රීඩිකාව ලෙස පත්වන්නට ශාන්ත ලුසියාහි ජුලියන් ඇල්ෆ්‍රඩ් සමත් වූවාය. මීටර් 100 ලෝක ශූරිය ලෙස අභිෂේක ලබා සිටි ඇමරිකාවේ ජකාරි රිචඩ්සන්ට රිදී පදක්කම හිමි වූ අතර ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඇමරිකාවේ මෙලියා ජෙහාර්යන්ට හැකියාව ලැබිණි.

රන් පදක්කම දිනාගත් ජුලියන් ඇල්ෆ්‍රඩ් 23 හැවිරිදි වියේ පසුවන අතර කැරිබියන් දූපත්වල ශාන්ත ලුසියා හි පළමු ඔලිම්පික් රැජිනිය ලෙස ඇය ඉතිහාසයට එක්වූවාය.

සුසිල් ජයකොඩි

advertistmentadvertistment
advertistmentadvertistment