ඉල්ලා අස්වූ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර වලට ගොස් හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි සමගි ජන බලවේගය අධිකරණ ඇමැති අලි සබ්රි මහතාගෙන් ඉල්ලා සිටී.
එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් අධිකරණ ඇමැතිවරයා මෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇත.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ද රැස්වී ඇති මොහොතක ඇමැතිවරයාගේ මෙම හැසිරීම දැඩි ගැටළුකාරී බවද සජබය එහි සඳහන් කර තිබේ.