ලෝක උරුමයක් නොකර… – පරාක‍්‍රම සමුදයටත් මොඩ් රැල්ලක්

1059

රුපියල් ලක්‍ෂ 340 ක් වැයකොට ඉදිකිරීමට යන මංතීරුව වෙනුවට වෙනත් ව්‍යාපෘතියක් තෝරා ගත්තා නම් මේ කරන ආයෝජනය වඩාත් ඵලදායී ලෙස පරිහරණය කළා යැයි කීමට ඉඩ තිබේද යන්නද සලකා බැලිය යුතු කාරණයකි. ව්‍යාපෘතියක් වඩාත් සාර්ථක එකක්ද, නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ වැඩි පිරිසකට ප‍්‍රතිලාභ අත්වෙන, තිරසාර සංවර්ධනයට රුකුල්දෙන පරිසර හිතකාමී එකක්ද යන ලක්‍ෂණ මතය.

 බටහිර ඉංජිනේරු තාක්‍ෂණයට අභියෝග කළ හැකි අන්දමේ විශිෂ්ට නිර්මාණයක් වන පරාක‍්‍රම සමුද්‍රය ලෝක උරුමයක් සේ ප‍්‍රකාශයට පත් නොකළේ මන්දැයි ගැටලූවක් තිබේ. මෙවැනි විශ්වකර්ම නිර්මාණයක් වෙනත් රටක තිබුණා නම් එහි ගල්කැටයක් පවා වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවාට කිිසිදු සැකයක් නොමැත.

 අපේ රටේ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයක් ඇත. පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන, සම්පත් රැුකබලා ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් හා මහා වාරිමාර්ග සඳහාම වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවක් තිබියදීත්, ලෝකයක් මවිත කළ වසර 800ට වඩා ඉපැරණි පරාක‍්‍රම සමුද්‍රය ”මොඞ් කිරීමට” දරන උත්සාහය අසා වේදනාවට හා මවිතයට පත් වූයෙමි.

 වසර සිය ගණනක් මෙරට ජනතාව පෝෂණය කළ පරාක‍්‍රම සමුද්‍රයට සිදුවීමට යන හානිය වළක්වා ගැනීම අපගේ ඒකායන පරමාර්ථය වී තිබේ. මෙම ලිපිය ලිවීමේ මූලික අරමුණ පොලොන්නරුවේ පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම ඇතුල් පැත්තේ ඉදිකිරීමට යෝජිත ඇවිදීමේ මංතීරුව පිළිබඳව කරුණු කිහිපයක් පහත දැක්වෙන අනුමාතෘකා යටතේ විමර්ශනයක යෙදීමයි.

 1. පරාක‍්‍රම සමුද්‍රයේ ඓතිහාසික හා තාක්‍ෂණික පසුබිම.

 2. සංවර්ධන ව්‍යාපෘති පිට පළාත්වල දියත් කිරීමේදී අවධානය යොමු කළයුතු කරුණු.

 3. පොලොන්නරු දිස්ත‍්‍රික්කයේ සංවර්ධන ප‍්‍රමුඛතා මොනවාද?

 4. දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුව හා පළාතේ මහජන නියෝජිතයින්ගේ කාර්යභාරය.

 5. යෝජිත මංතීරුව නිසා ඇති විය හැකි ගැටලූ මොනවාද?

 6. විකල්ප විසඳුම් යෝජනා හා සමාලෝචනය  යන කරුණු විමසා බලමු.

 1. පරාක‍්‍රම සමුද්‍රයේ ඓතිහාසික හා  තාක්‍ෂණික පසුබිම.

 පොලොන්නරු යුගයේ මෙරට පාලනය කළ මහ පරාක‍්‍රමබාහු රජතුමා ( ක‍්‍රි.ව.1153 – 1183) පරාක‍්‍රම සමුද්‍රය ඉදිකළ බව අපි දනිමු. එතුමාගේ අධිෂ්ඨානය වූයේ අහසින් වැටෙන සෑම ජල බිඳුවක්ම ප‍්‍රයෝජනයට  ගැනීමයි. මේ මහා වැව සමුද්‍රයක් වූයේ කෙසේද? වැව් පහක්(5) කුඩා ඇළකින් සම්බන්ධ කොට තැනූ නිසා, විශාල ප‍්‍රදේශයක් පුරා විහිදී පැතිරී ගියේ සාගරයක ස්වරූපයකිනි. එසේ එකතු කළ වැව් පහ වන්නේ තෝපා වැව, දුඹුටුළු වැව, එරබඳු වැව, භූ වැව, කලහගල වැව යි.

 පරාක‍්‍රම සමුද්‍රයේ ජලධාරිතාවය අක්කර අඩි 116,000 ක් වන අතර, ජලයෙන් වැසී ඇති මුළු භූමි ප‍්‍රමාණය වර්ග කිලෝ මීටර් 25.5 කි. මේසා විශාල ජල කඳක් රඳවා දරාසිටින වැව් බැම්මේ වර්තමාන දිග කිලෝ මීටර් 12.38ක් වන අතර බැම්මේ උසම ස්ථානය මීටර් 9.45 කින් යුක්තයි.

 මෙම ජලාශයට සමුද්‍රය නමින් ප‍්‍රචලිත වීමට බලපෑ තවත් හේතුවක් තිබේ. ජලාශයේ විශාලත්වය හා හිස් අවකාශය සිසාරා හමන සුළං ප‍්‍රවාහය හේතු කොටගෙන නැගෙන රළ කඳ මුහුදු රළසේ සැඩ පහර ඇති කරයි. ඒ අනුව පරාක‍්‍රම ජලාශය පරාක‍්‍රම සමුද්‍රය නමින් හැඳින්විය.

 ජලාශයකට රළපනාවක් අවශ්‍ය ඇයි? විශාල වැව්වල මෙන්ම කුඩා වැව්වල ද රළපනාවක් තිබේ. එහි ප‍්‍රධාන කාර්ය වැව් බැම්ම ආරක්‍ෂා කිරීමයි. පරාක‍්‍රම සමුද්‍රය වැනි පස් පුරවා තැනූ බැම්මකට රළපනාවක් තිබීම ඉතා වැදගත්. මක්නිසාද යත්, වැව් බැම්ම පාංශුඛාදනයෙන් මුදා ගැනීමට ඊට ඇති හැකියාවයි. ඒ හැරුණුකොට රළපනාව මගින් බැම්මේ ඇතුල්පැත්තේ පාමුල ගස් පැළවීම වළක්වාලයි.

 රළපනාව ජලකඩනයක් වශයෙන් කටයුතු කරන නිසා පරිසරයට අලූත් නැවුම් සුන්දරත්වයක් ද ගෙන දෙයි. එබඳු පරිසරයක් ආරක්ෂා කරගැනීම වගකීමක් මෙන්ම යුගයේ අවශ්‍යතාවක් නොවේද?

 2. සංවර්ධන ව්‍යාපෘති පිට පළාත්වලට ගෙනයෑමේදී අවධානය යොමු කළ යුතු කරුණු.

 රුපියල් මිලියන 34 ක් වැයකොට ඉදිකිරීමට යෝජිත අඩි 8 ක් පළල ඇවිදින මංතීරුව ප‍්‍රදේශයේ පොදු ජනයාගේ දැනුනු අවශ්‍යතාවයක්ද යන්න සලකා බැලීම වටී. මෙවන් විශාල මුදලක් වැය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් පිළිගත් ස්වාධීන ආයතනයක් විසින් සිදුකොට වාර්තාවක් ඉදිරිපත් කර තිබේද? ඊට අමතරව පාරිසරික බලපෑම් තක්සේරුවක් (EIA) කරවා අනුමැතියක් ලබාගෙන තිබේද? මෙය විශේෂයෙන් වැදගත් වන්නේ යෝජිත ව්‍යාපෘතිය ඓතිහාසික වාරි පද්ධතියක් තුළ සිදුකරන නිසාය.

 පොලොන්නරු දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුව මෙම ව්‍යාපෘති සැලැස්ම ඉදිරිපත් කොට පළාතේ මහජන නියෝජිතයන් ඇතුළුව අදාළ අනෙකුත් පාර්ශවකරුවන්ගේ අදහස්, නිරීක්‍ෂණ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදුන්නාද?

 රුපියල් ලක්‍ෂ 340 ක් වැයකොට ඉදිකිරීමට යන මංතීරුව වෙනුවට වෙනත් ව්‍යාපෘතියක් තෝරා ගත්තා නම් මේ කරන ආයෝජනය වඩාත් ඵලදායී ලෙස පරිහරණය කළා යැයි කීමට ඉඩ තිබේද යන්නද සලකා බැලිය යුතු කාරණයකි.

 ව්‍යාපෘතියක් වඩාත් සාර්ථක එකක්ද, නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ වැඩි පිරිසකට ප‍්‍රතිලාභ අත්වෙන, තිරසාර සංවර්ධනයට රුකුල්දෙන පරිසර හිතකාමී එකක්ද යන ලක්‍ෂණ මතය.

 3. පොලොන්නරු දිස්ත‍්‍රික්කයේ සංවර්ධන ප‍්‍රමුඛතා මොනවාද?

 දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතේම (තමන්කඩුව, වැලිකන්ද, දිඹුලාගල, ලංකාපුර,

 මැදිරිගිරිය, හිඟුරක්ගොඩ හා ඇලහැර) වසරේ ඇතැම් මාසවල උග‍්‍ර පානීය ජලහිඟයක් නිසා පීඩා විඳින බව එම ප‍්‍රදේශවල ජනතාව නඟන මැසිවලින් පෙනී යයි. මෙම ගැටලූවට ප‍්‍රමුඛතාවයක් දීම මීට වඩා ප‍්‍රතිඵලදායකය.

 වල් අලි ගම් වැදීම නිසා සිදුවෙන හානි, අලි වැටවල් නිසි ලෙස නඩත්තු නොකිරීම, ඉදි කළ වැටවල් කඩා දැමීම නිසා මේ වර්ෂය තුළ මේ දක්වා සිද්ධි 360 ක් ආපදා කළමනාකරණ ඒකකයට වාර්තා වී තිබේ. මේ අනතුරු නිසා මිනිස් ජීවිත 14 ක් අහිමි වී තිබේ. වල් අලි 54 ක් මියගොස් ඇත. මේ ප‍්‍රශ්නය පිළිබඳව දිනපතා වාර්තා වූවත් ඊට ප‍්‍රමුඛතාවයක් දී කටයුතු කරන බවක් දක්නට නොලැබේ.

 පොලොන්නරු නගරයේ සිට වැලිකන්ද හරහා මඩකලපුවට යෑම සඳහා ආරම්භ කළ විකල්ප මාර්ගය අතරමඟ නතර කර ඇත. මේ මාර්ගය ඉදි කළා නම් පොලොන්නරුව, කදුරුවෙල මාර්ගයේ වාහන තදබදය අවම වන අතර, වැලිකන්දට ඉක්මනින් ළඟාවීමට ද පහසුවනු ඇත. මේ ව්‍යාපෘතිය අතරමඟ නතර කළ නිසා මෙතෙක් කළ ආයෝජනවලින් ද ප‍්‍රතිඵල අත්කර ගැනීම ගැටලූවක් වී තිබේ. මේ ප‍්‍රමුඛතාවයක් දිය යුතු වඩා ප‍්‍රයෝජනවත් කාර්යයකි.

 4. දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුව හා පළාතේ මහජන නියෝජිතයින්ගේ කාර්ය භාරය

 දිස්ත‍්‍රික්කයේ සංවර්ධන ඉලක්ක, ප‍්‍රමුඛතා හා දර්ශක හඳුනාගෙන, වෙන්කරන සංවර්ධන අරමුදල් ආයෝජනය කිරීමේදී ඒවා වඩාත් යෝග්‍ය ස්ථාන හා කාර්යයන් වෙනුවෙන්ම යෙදවීමේ වගකීම කමිටුවට පැවරේ. මෙහිදී මහජන නියෝජිතයාට තමා නියෝජනය කරන ප‍්‍රදේශයේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳව තිබෙන අවබෝධය හා ඒවා සපුරාලීමට දරන අවංක උත්සාහය අතිශය තීරණාත්මක සාධකයක්. මේ සඳහා මඟපෙන්වීමට දිස්ත‍්‍රික් සැලසුම් ඒකකයේ නිලධාරීහු සිටිති.

 දිස්ත‍්‍රික්කයට වෙන්කරන මුදල්වලින් හා අලූත් ව්‍යාපෘති මඟින් ප‍්‍රදේශයේ වැඩි පිරිසකට, වැඩිය ප‍්‍රයෝජන ලැබෙන, වැඩි කාලයක් පවතින සංවර්ධන කටයුතු දියත් කළහොත් එබඳු මහජන නියෝජිතයින්ගේ ජනප‍්‍රසාදයේ පිරිහීමක් සිදු නොවන්නේය. සංවර්ධන කටයුතු අනුමත කිරීමේදී, දියත් කිරීමේ දී මහජන නියෝජිතයා ජනතාවගේ කෝණයෙන් බලා පාරදෘෂ්‍යබව හා වගවීම යන මිනුම් දඬු භාවිතා කිරීමට අමතක නොකළ යුතුය.

 5. යෝජිත මංතීරුව නිසා ඇති විය හැකි ගැටලූ මොනවාද?

 ඇති විය හැකි ගැටලූ සමාජ, ආර්ථික හා පාරිසරික වශයෙන් ප‍්‍රධාන කොටස් තුනක් යටතේ සාකච්ඡුා කළ හැක.

 අඩි 8 ක් පළලින් යුක්තව ඉදිකිරීමට යෝජිත මංතීරුව සැබැවින්ම ග‍්‍රාමීය මාර්ගයක් හා සමානය. මෙබඳු ඉඩ පහසුකම් ඇති තැනක් වැවකට මුහුණලා තිබෙන විට මතකයට නැගෙන්නේ ගාලූමුවදොර පිට්ටනියයි. මංතීරුව යැයි කියන මෙම මාවත දිගින් කි.මීටර් 1.7කින් යුක්තය. මෙබඳු තැන් නිස්කලංක පරිසරයක පිහිටීම හේතුවෙන් පේ‍්‍රමවන්තයින් ආකර්ෂණය වීම වැළැක්විය නොහැක.

 මෙබඳු නිසංසල තැන්වලදී සිදුවෙන ස්ත‍්‍රී ¥ෂණ, ඝාතන සම්බන්ධයෙන් ප‍්‍රකාශයට පත්කළ වාර්තා පොලිස් දෙපාර්තමේන්තුවෙන් සොයාගත හැක.

 මත්වතුර, මත්ද්‍රව්‍ය පානය කරන පුද්ගලයෝ, කල්ලි මෙබඳු ස්ථාන කෙරෙහි අවධානයෙන් පසුවෙති. වයස 15-24 ක් වයසේ පසුවන තරුණ තරුණියන් සීඝ‍්‍රයෙන් මත්වතුරට, මත්ද්‍රව්‍යවලට නැඹුරු වී සිටින මෙවන් කාලයක යෝජිත මංතීරුව පනින රිළවුන්ට හිණිමං බැඳීමක් වැනිය. ඉහත කණ්ඩායම්වලට මංතීරුවට ඇතුළුවීම තහනම් කළ හැකිද? තිබෙන ප‍්‍රශ්නවලින් ගැලවීමට වෙර දරන යුගයක අලූත් සමාජ ප‍්‍රශ්න එකතු කිරීම සවිඤ්ඤාණක මිනිස්සු අනුමත නොකරති.

 ආර්ථික ගැටලූ කිහිපයක්ද ඇතිකිරීමටද – වක‍්‍රව හෝ සෘජුව මෙබඳු ව්‍යාපෘති බලපෑමක් ඇතිකරන බව පෙනෙන්නට තිබේ.

 මත්වතුර ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය ගැනීමට අවස්ථා, සුදුසු පරිසර නිර්මාණය වෙන විට ඒ වෙනුවෙන් තමා ඉපයූ මුදල් වැය කිරීමට ඇතැම්හු පසුබට නොවෙති. දුම් පානය, මත්වතුර ආදියට මුදල් වැය කිරීම නිසා පුද්ගලයෝ ආර්ථික වශයෙන් පිරිහෙති.

 ඇති විය හැකි පාරිසරික ගැටලූ මොනවාද? මත්වතුර, මත්ද්‍රව්‍ය ආදි සමාජයට වින කරන ක‍්‍රියා සඳහා, හුදෙක් තම විනෝදාස්වාදය සඳහා එන අය ගෙනෙන ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් ඇසුරුම්, ආහාර දවටන, මත්ද්‍රව්‍ය දවටන ඇතුළු ඉවතලන අනෙකුත් අපද්‍රව්‍යවලින් වැව, සොරොව්ව හා අවට පරිසරය අපවිත‍්‍රවීම වැළැක්වීමේ වගකීම් භාර ගන්නේ කවුරුන්ද? වාර්මාර්ග දෙපාර්තමේන්තුව ද? නගර සභාව ද? සංචාරක හෝටලයද? එසේත් නැතහොත් නාගරික සංවර්ධන අධිකාරිය ද? කවුරු පිරිසිදු කළත් පොලිසියේ රාජකාරි නම් අඩුවෙන එකක් නැත.

 6. විකල්ප යෝජනා හා සමලෝචනය

 x නාගරික සංවර්ධන අධිකාරිය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡුාකොට වැව් බැම්මට දෙපැත්තෙන් අලූතෙන් තීරුවක් එක් කිරීමට ඇති අවස්ථාව සොයා බැලීම.

 x වැඩ අතරමග නතරකර දමා තිබෙන පොලොන්නරුව වැලිකන්ද විකල්ප මාර්ගය ඇවිදින මංතීරු සහිතව අලංකාර ලෙස ඉදිකිරීම.

 x මධ්‍යම සංස්කෘතික අරමුදල/පුරාවිද්‍යා සංස්කෘතික ත‍්‍රිකෝණය හා එක්ව පුරාවිද්‍යා නටබුන් හා වැටී ඇති මාර්ග කිහිපයක් ගැලපෙන අයුරින්

 හඳුනාගැනීම. අවශ්‍ය නම් සාධාරණ ගාස්තුවක් වුව අය කිරීමේ වරදක් නැත.

 x පවතින වැව් බැම්ම මේ සඳහා භාවිතා කිරීමේ ඇති ගැටලූ අධ්‍යයනය කොට විසඳුම් ලබාදිය හැකිදැයි සොයා බැලීමට පියවර ගැනීම.

 අපේ රටේ ජාතික උරුමයන්, පෞරාණික ස්ථානවල ශ‍්‍රී විභූතිය ඒ අයුරින්ම රැුකබලා ගැනීමට, අනාගත පරපුරට ශේ්ෂ කිරීමට අපි බුද්ධිමත් පුරවැසියන් වශයෙන් බැඳී සිටිති. ඒවාට හානිවෙන අන්දමේ ව්‍යාපෘති සංවර්ධනයේ නාමයෙන් ගෙනඒමට පෙර, දෙවරක් සිතා බැලිය යුතුය. පොලොන්නරුවේ මහජන නියෝජිතයින්, අදාළ රජයේ ආයතනවල බලධාරීන්, නිලධාරීන් සතර අගතියෙන් තොරව තීන්දු තීරණ

 ගන්නවා නම් පොලොන්නරුවේ ජනතාවට සැබෑ සෞභාග්‍යයක් ඉටුවනු ඇත.

නන්ද සෙනෙවිරත්න
 සමාජ විද්‍යාඥ

advertistmentadvertistment
advertistmentadvertistment