2012 වසරේදී යුනෙස්කෝව විසින් ආසියා පැසිපික් කලාපයේ Rumah Mbaru Niang නිවාස ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.
මේ නිවාස ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට හේතුව කුමක්දැයි ඔබ තර්ක කරනු ඇති. ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ පිහිටි Wae Rebo කඳුකර ගම්මානයක්. මේ ගම්මානය වසර ගණනාවක පටන්ම හුදෙකලාව පිහිටා තිබෙන අතර එහි තිබෙන Rumah Mbaru Niang නිවාසත් අමුතු මාදිලියේ ආකෘතියකින් නිර්මාණය වී තිබෙනවා.
කේතුවක හැඩය ඇති මෙම නිසාම තට්ටු පහකින් යුක්තයි. මෙහි වහලය ගම්මානයට ආවේණික තණකොළ වලින් සෙවිලි කර තිබෙනවා. මෙම නිවස මධ්‍යට ආධාරකයක් ලෙස ලී කණුවක් තබා ඇති අතර කේතුවක ආකෘතියකින් යුක්තයි. නිවසක් මහල් පහකින් සකස් වී තිබෙනවා.
මෙහි පළමු මහල “ලූටර් ” යනුවෙන් හැඳින්වෙන අතර එහි පවුලේ සාමාජිකයන් ජීවත් වෙනවා. ආහාර සහ භාණ්ඩ ගබඩා කර තිබෙන දෙවැනි මහල “ලෝබෝ ” යනුවෙන් හැඳින්වෙන අතර එහි සරල තේරුම නම් අට්ටාලයයි.
ගොවිතැනෙන් ජීවත් වන Wae Rebo ගැමියන් ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් අවශ්‍ය බීජ ගබඩා කර තිබෙන්නේ තුන්වැනි මහලේ වන අතර එය “ලෙන්ටාර් ” යනුවෙන් හඳුන්වනවා.
ඒ වගේම ග්‍රාමයේ වැසියන් ඔවුන්ගේ ජීවිතය මනා කළමනාකරණයකින් පවත්වා ගෙන යනවා. පායන කාලයේ ආහාර ගබඩා කරන කූඹියන් වගේ ඔවුන්ගේ ජීවිතයත් කාලගුණයෙන් පාලනය කරනවා. ඒ නිසා නියං කාලයට ජීවත් වීමට අවශ්‍ය ආහාර ගබඩා කිරීම සඳහා හතරවැනි මහල යොදා ගන්නා අතර එය “ලෙම්ප රේ ” යනුවෙන් හඳුන්වනවා.
පස්වැනි මහල නම් සුවිශේෂියි. Wae Rebo ගැමියන් අතර විවිධ අභිචාර විධි පැවැත්වෙනවා. ඒවා සම්ප්‍රදායිකවම පරම්පරාවෙන් පරම්පරාවට පැවැතෙන අතර මෙම පස් මහල් නිවාසයේ පස්වැනි මහල එවැනි පුද පූජා වෙනුවෙන් වෙන් කර ඇති අතර එය “හෙකං කෝ ඩේ ” යනුවෙන් හඳුන්වනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා