ලෝක ගුරු දිනය පැවැත්වෙන දිනයේදී උතුරේ සෑම දිස්ත‍්‍රික්කයකම ගුරු විදුහල්පතිවරුන්ගේ සහභාගිත්වයෙන් විරෝධතා සංවිධානය කරන බව ලංකා ගුරු සේවා සංගමයේ උතුරු පළාත් ලේකම් පුයල්නේෂන් මහතා පැවසීය.
යාපනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ලේකම්වරයා කියා සිටියේ ගුරු විදුහල්පති ප‍්‍රශ්නය මෙතෙක් විස`දී නොතිබීමත් සරත් වීරසේකර අමාත්‍යවරයා ගුරුවරුන් විවේච්නයට ලක් කරමින් සිදු කළ ප‍්‍රකාශයත් දැනට රටේ ගුරු සංගම් හා වෘත්තීය සමිති කීපයක් එක්ව දියත් කොට ඇති අරගලයට සහය ලබාදීම ස`දහාත් තම සංගමය ද පූර්ණ සහය පල කිරීම ස`දහා මෙම විරෝධතා සිදු කරන බවයි.
ඒ අනුව ඔක්තෝබර් මස 6 වෙනිදා උතුරේ සෑම දිස්ත‍්‍රික්කයකම සිංහල මාධ්‍ය හා දෙමළ මාධ්‍ය ගුරුවරු එකමුතුව මෙම විරෝධතා දියත් කරන බවද ලංකා ගුරු සේවා සංගමයේ උතුරු පළාත් ලේකම් පුයල්නේෂන් මහතා ස`දහන් කළේය.
දිනසේන රතුගමගේ