ලෝක ටෙස්ට් සටනේ ආරම්භයට වර්ෂාවෙන් බාධා

165

නවසීලන්ත කී‍්‍රඩක ටෙ‍්‍රන්ට් බෝල්ට් කුඩයක් ද අතැතිව කී‍්‍රඩාංගණයේ

ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශුරතා තරගාවලියේ අවසාන මහ තරගයේ පළමු දිනය වූ ඊයේ (18 වැනිදා) කී‍්‍රඩාංගණයට ඇදහැලූණු වර්ෂාව හේතුවෙන් දිවා විවේකය වන තෙක් කී‍්‍රඩාව ආරම්භ කිරීමට නොහැකිව තිබිණි.

එංගලන්තයේ සදම්ප්ටන්හි රෝස් බෝවිල් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන මෙම ඓතිහාසික ටෙස්ට් තරගය ආරම්භයට පැයකට පමණ පෙරදී ඇදහැලූණු වර්ෂාව තවත් පැය දෙකකට ආසන්න කාලයක් පැවතීම නිසා තරගයේ ආරම්භයට බාධා එල්ල වී තිබිණි. නවසීලන්තයත් ඉන්දියාවත් අවසාන මහා ටෙස්ට් තරගය සඳහා සුදුසුකම් ලැබූ අතර ඉන්දියානු කණ්ඩායම විරාත් කෝලි විසින් ද නවසීලන්ත කණ්ඩායම කේන් විලියම්සන් විසින් ද මෙහෙයවනු ලබයි.


advertistmentadvertistment