ලෝක බලවතුන්ගේ ආක‍්‍රමණ හමුවේ ස්වදේශිකයන්ගේ නැගීසිටීම

217

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ්ගේ සහ එවකට බි‍්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්ගේ 9/11 (ඇමෙරිකාවට එල්ල වූ 2011 සැප්තැම්බර් ප‍්‍රහාරය) පශ්චාත් යුද සමයේ දියත් කළ ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය, මියැදෙමින් පවතින අයි එස් අයි එස් සහ අල්-කයිඩා සංවිධානවලට නැවත පණ නොදී ඉදිරියට ගෙන යා හැකි අවස්ථාව අහිමි කළේය. එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය සහ නේටෝව තුන්වන ලෝකයේ රටවල් ආක‍්‍රමණය කර අල්ලාගැනීම සඳහා අනවසර නීත්‍යානුකූල භාවයක් ලබාදෙන්නේ මූලික වශයෙන් එක්සත් ජනපදය විසින් නිර්මාණය කරන ලද සහ පෝෂණය කරන ලද මෙම ‘ත‍්‍රස්තවාදී සංවිධාන’ ඔස්සේම ය.

 යූ ටියුබ්, ට්විටර් සහ ෆේස්බුක්වල සංසරණය වන වීඩියෝ පටයක් පෙන්නුම් කරන්නේ, 2008 වසරේ දී පරාජයට පත්වූ එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක ජෝන් මැකේන්, 2013 දී අයි එස් අයි එස් නායක අබු බකර් අල් බැග්ඩෑඩි එක්සත් ජනපදයේ දී හමු වූ බවයි. ඊට පසු බැග්ඩෑඩි 2014 දී සිය ත‍්‍රස්ත ප‍්‍රහාර දියත් කළේය. අද දක්වාම එක්සත් ජනපද බලධරයන් වීඩියෝ පටය අසත්‍ය යැයි ප‍්‍රකාශ කර නැත. ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රධාන අරමුණ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් පෙරලා දැමීම බව එක්සත් ජනපද සෙනෙට් සභික රැුන්ඞ් පෝල් පවසා තිබේ. 2014 සැප්තැම්බර් මාසයේ දී ජෙනරාල් තෝමස් මැකිනර්නි, ෆොක්ස් ප‍්‍රවෘත්ති සේවාවට පැවසුවේ අයි එස් අයි එස් සංවිධානය ගොඩනැගීමට එක්සත් ජනපදය උදව් කළ බවයි. අල් බැග්ඩෑඩි 2016 සිට 2018 දක්වා එක්සත් ජනපද සන්නද්ධ හමුදාව සමඟ ඉරාකයේ හමුදා කඳවුරක සිටි බව වාර්තා වේ. 2019 දී මියයන තුරුම බැග්ඩෑඩි අයි එස් අයි එස් සංවිධානය වෙනුවෙන් කතා කළේය.

 සෞදි ඉංජිනේරු ඔසාමා බින් ලාඩන් අල් කයිඩා සංවිධානයේ ‘ගොලායත්’ (Goliath) ලෙස එසවීමට හා 9/11 ප‍්‍රහාරවලට ඔහු වගකිව යුතු යැයි යන අදහස රෝපණය කිරීමට එක්සත් ජනපදය සිදු කළ කාර්යභාරය ප‍්‍රසිද්ධ ය. 2001 එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමණය කළේ ඇෆ්ගනිස්ථානයේ සැඟවී සිටි බින් ලාඩන් අල්ලාගැනීම සඳහා යැයි කියමිනි. 2011 දී එක්සත් ජනපදය කිසියම් හේතුවක් නිසා අල් කයිඩා ත‍්‍රස්තවාදයේ මහ මොළකරු ලෙස ලොවට හඳුන්වා දුන් බින් ලාඩන්, පාකිස්ථානයේ දී අල්ලා වැදගත් බුද්ධි තොරතුරු රැුස්කර ගැනීම සිදු වුයේ නැත. ඔහුව අල්ලා ගැනීම නොව හිතාමතාම පාකිස්තානයේ දී එක්සත් ජනපද නාවිකයින් විසින් ඔහුව මරා දමන ලද අතර, ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ සහායකයින් විසින් වොෂිංටනයේ සිට ඔසාමා ඝාතනය කිරීම විශේෂ වීඩියෝ සබැඳියක් හරහා නැරඹීය.

 අන්තර්ජාලය හෝ ජංගම දුරකථන භාවිතා නොකර වුවද, බින් ලාඩන් තම විනාශකාරී ත‍්‍රස්ත ජාලය මෙහෙයවූ ආකාරය පිළිබඳ බුද්ධි තොරතුරු එකතු කරගැනීමට එක්සත් ජනපදය මැලි වීම, විදේශ ආක‍්‍රමණයන් සාධාරණීකරණය කිරීම සඳහා, මෙම පුද්ගලයා එක්සත් ජනපදය විසින් අතිශයෝක්තියට නංවා තිබුණිදැයි හැඟීමක් ඇති කරයි. බින්ලාඩන් ඉවත් කළද ඇෆ්ගනිස්ථානයට එරෙහි යුද්ධය අවසන් වූයේ නැත. හේතුවක් නොමැතිව වුවද වසර 10 ක් තිස්සේ යුද්ධය දිගටම පැවතුනි.

 එක්සත් ජනපදය පරාජය වීම සහ අගෝස්තු 15 ඇෆ්ගනිස්ථානයෙන් පිටවීම ශ‍්‍රී ලංකාවේ විවේචනාත්මකව මෙන්ම එය අපට ඇති කළ හැකි බලපෑම යන දෘෂ්ටි කෝණයෙන්ද විමසා බැලිය යුතුය. ඊළඟ විකල්පය චීනය ලෙස සලකා, යුද්ධය අපේක්ෂා කරන දැවැන්ත මිලිටරි ශක්තියක් සහිත එක්සත් ජනපද-නේටෝ සංයෝජනයට දකුණු ආසියාව ඉලක්ක කර ගනිමින් අපේ කලාපය තුළ යුද වැදීමට තිබෙන හැකියාවද විමසා බැලිය යුතුය. චීනය සමඟ ඇති විය හැකි යුද්ධයක් සඳහා දකුණු ආසියාවේ කුමන රට අධිරාජ්‍යය විසින් තෝරා ගනු ඇත්දැයි අප විමසිල්ලෙන් සිටිය යුතුය.

 කෙසේ වෙතත්, සමහර නොමඟ ගිය සහ බංකොලොත් දේශපාලකයින් සහ බටහිර අවි ආයුධ කර්මාන්තයේ සමහර ප‍්‍රකාශකයින් මෙන්ම සැබවින්ම නොමඟ ගිය පුද්ගලයින් කිහිප දෙනෙකු මේ ගැන කතා කරන්නේ කුමක්ද? ඔවුහු ඇෆ්ගන් තලේබාන් ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් අපේ අසල්වැසි කලාපයේ ව්‍යාප්ත කිරීම ගැන කතා කරති. එය සත්‍යයක් නම් එවැනි උත්සාහයන් හෙළා දැකිය යුතු වනවා පමණක් නොව ඒවා සාර්ථකව වැළැක්විය යුතුය. නමුත් අපි මතක තබා ගත යුත්තේ වසර 43 ක යුද්ධයෙන් පසු ඇෆ්ගනිස්ථානයේ අතිශය බරපතල ආර්ථික ගැටලූ විසඳීමේ වගකීම තලේබාන්වරුන්ට පැවරී ඇති බවයි. රට අඩපණ කළ හැකි භයානක ආරක්ෂක හා ආර්ථික ගැටලූවලට මුහුණ දීමට ඔවුන්ට සිදුවිය හැකිය. ඒ නිසා තලේබාන්වරුන්ට තම රටෙන් පිටත වික‍්‍රමාන්විතයන් සඳහා කාලයක් නොමැත! ඇත්ත වශයෙන්ම පාකිස්තානය සමඟ සබඳතා සහ කටාර්හි සාම සාකච්ඡුා හැර ඇෆ්ගනිස්ථානයෙන් පිටත එවැනි තලේබාන් හෝ ඇෆ්ගන් ක‍්‍රියාකාරකම් පිළිබඳ සාක්ෂි නොමැත.

 අනෙක් පැත්තෙන් කලාපයේ සෙසු රටවලට තර්ජනයක් වන තලේබාන් සටන්කාමීන් පිළිබඳ ප‍්‍රවෘත්ති පතුරුවන අය සමහර විට නොදැනුවත්ව හෝ දැනුවත්ව අපේ කලාපය තුළ එක්සත් ජනපද-නේටෝ හමුදා ආක‍්‍රමණයක් නීත්‍යානුකූල කිරීම සඳහා පසුබිම සකස් කරමින් සිටිනවා විය හැකිය. ආයුධ නිෂ්පාදකයින්ගේ ආනුභාවයෙන් ඔවුන් එවැනි සිදුවීමක් සඳහා අඩිතාලම සකස් කරමින් සිටිනවා විය හැක.

 වසර 20 ක එක්සත් ජනපද පාලන කාලය තුළ ඇෆ්ගනිස්ථානයේ සිදු වූ සමහර දේ පිළිබඳ අවම වශයෙන් ශ‍්‍රී ලාංකිකයින් කෙටියෙන් හෝ දැන ගැනීමට කාලය පැමිණ ඇත. එක්සත් ජනපදය-නේටෝව, අපේ කලාපය තුළ යුද්ධයට සූදානම් වන්නේ නම් එවැනි ගැටුමකින් අපේ කලාපයේ මිනිසුන්ට මුහුණ දීමට සිදුවන අන්තරායන් පිළිබඳ අවබෝධයක් මෙයින් ලබාදෙනු ඇත.

 එක්සත් ජනපදය සහ නේටෝ සංවිධානය විසින් තලේබාන්වරු ‘ත‍්‍රස්තවාදීන්’ ලෙස නම්කර තිබේ. විදේශීය ආක‍්‍රමණිකයින්ට එරෙහි වන මිනිසුන් ත‍්‍රස්තවාදීන් බවට පත්වන්නේ කුමන සම්මත නිර්වචනයකින් ද? ඇත්තෙන්ම තලේබාන් සංවිධානය විසින් බාහිර අභියෝග ජය ගැනීම සඳහා නිර්දය ප‍්‍රවේශයක් සහිත යාන්ත‍්‍රණයක් සකස් කළහ. ඔවුන් 1989 දී සෝවියට් දේශය සහ 2021 අගෝස්තු වනවිට බහුජාතික බටහිර බලවේගවලට එරෙහිව ජයග‍්‍රහණය කළහ. ඔවුන් ජයග‍්‍රහණය කළේ ඔවුන් ත‍්‍රස්තවාදීන් නිසා නොව සතුරාගෙන් තම දේශය ආරක්ෂා කර ගැනීම සහ වඩාත් වැදගත් ලෙස ඔවුන්ගේ ජීවන රටාව ආරක්ෂා කර ගැනීම හැර වෙනත් විකල්පයක් ඔවුන්ට නොතිබූ නිසාය. ඇත්ත වශයෙන්ම සමහරක් කොටස්, වැදි ප‍්‍රජාවගේ, රතු ඉන්දියානුවන්ගේ, ආදිවාසීන්ගේ හෝ තලේබාන්වරුන්ගේ ජීවන රටාවට එකඟ නොවනු ඇත. නමුත් මෙයින් අදහස් කරන්නේ අපි තලේබාන් සංවිධානයට සහයෝගය දක්වන බව නොවේ.

 ඉරාකයේ සහ වෙනත් බොහෝ රටවල සිදු කළ පරිදි එක්සත් ජනපද සන්නද්ධ හමුදා බලහත්කාරයෙන් ලංකාවට ඇතුළු වීමේ හැකි තත්ත්වයකට අප පත් වුවහොත්, කඩාකප්පල්කාරී නියෝජිතයින් හැර සෑම ශ‍්‍රී ලාංකිකයකුම ඇමරිකානු හමුදාවන්ට එරෙහිව සිය අවසන් ලේ බිඳුව දක්වා සටන් කරනු ඇත. අපි ආක‍්‍රමණිකයින්ට අපේ අත්, පිහි, කඩු, පොරෝ, දුනු හා ඊතල, පෙට‍්‍රල් බෝම්බ සහ ගිනි අවිවලින් සටන් කළහොත් අපි ත‍්‍රස්තවාදීන් බවට පත් වේද?

 ආසියාවේ සෙසු ප‍්‍රදේශවල සාමයට ඇති ලොකුම තර්ජනය නම් ‘තලේබාන් ත‍්‍රස්තවාදීන්’ සහ අයි එස් අයි එස් අවශේෂයන් බව හඳුන්වමින් ලෝකය බිය ගැන්වීම සඳහා බටහිර මාධ්‍යවේදීහු අද සැබැවින්ම යුද්ධයක යෙදී සිටිති. ඇෆ්ගන් කාන්තාවන්ට අධ්‍යාපනය ලබාදීම සහ රැකියා කිරීමට ඉඩ දීම යන ප‍්‍රශංසනීය අරමුණින් කාබුල් වෙත පැමිණි විදේශීය සන්නද්ධ හමුදාවන්ට එරෙහිව සටන් කළ සියලූ දෙනා ම්ලේච්ඡු ත‍්‍රස්තවාදීන් බව ඔවුන් සාමයට ආදරය කරන ආසියානුවන්ට කියනු ඇත! බටහිරයන් නිදහස් සටන්කාමීන් ලෙස ප‍්‍රශංසා කළ මුජහිදීන්ගේ අනුප‍්‍රාප්තිකයන් වූ තලේබාන්වරුන් ද එම මිණුම් දණ්ඩෙන්ම මැන නිදහස් සටන්කරුවන් බව ඔවුන් නොකියනු ඇත.

 එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ නේටෝව සෙසු රටවලට එරෙහිව නොකඩවා සිදු කෙරෙන යුද්ධ නැවැත්වුවහොත් මරණය අබියස සිටින අයි එස් අයි එස් සහ අල්කයිඩා සංවිධානද අවසන් ගමන් යනු ඇති බව ඔවුන් ලෝකයට නොකියනු ඇත! ඔවුන්ට එය කළ හැකිද? ඔවුන් විසින්ම නිරූපනය කර ඇති පරිදි, ඇෆ්ගන් ජාතිකයින් සහ ගැහැනු ළමයින් වෘකයන්ට අතහැර දැමිය හැකි නමුත්, පසුගිය අවුරුදු 20 තුළ වැඩ මුර දෙකක් වැඩ කරමින් ඇෆ්ගන් යුද ජයග‍්‍රහණයේ ලොකුම හවුල් කරුවන් වන තමන්ගේම පැලන්තියේ බලවත් යුද වෙළෙන්දන් කිසි දිනෙක අත් නොහරිනු ඇත.

 ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ 2021 අපේ‍්‍රල් 3 වෙනි දින පාස්කු පණිවිඩයේ දී දරුණු වසංගතයක් ඇති අවස්ථාවක මිලිටරි ආක‍්‍රමණ සඳහා මුදල් වියදම් කිරීම ගැන මෙම බලවතුන්ට දොස් පැවරීය. අවාසනාවන්ත ලෙස එක්සත් ජනපද මිලිටරි සහ ආයුධ කර්මාන්ත එකමුතුව වතිකානුවට කන් නොදෙනු ඇත. අවාසනාවන්ත ලෙස ආගම දහම පිළිබඳ විශ්වාසය දුර්වල වීම ආයුධ කර්මාන්තයට වගවීම අමතක කර, උතුරු ඇමරිකාව සහ යුරෝපය හැර, ලොව අනෙකුත් සියලූම ප‍්‍රදේශවල යුද බෙර හඬ නැඟීමට ආධාරකයක් වී තිබේ. ඔවුන් ආක‍්‍රමණය කළ සෑම රටක්ම අවම වශයෙන් දශක තුනක්වත් ආපස්සට ගෙනයන්නට ඔවුන් වග බලාගෙන ඇත. අපේම යහපත උදෙසා, අපේ අසල්වැසි

 ඇෆ්ගනිස්ථානයට කුමක් සිදු වූවාද කියා අප දැනගත යුතුය. ඒ සඳහා ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද පාලනය පිළිබඳ ඇමරිකානුවන්ගෙන්ම මඟ පෙන්වීමක් ලබා ගනිමු. ඇෆ්ගනිස්ථානයේ බිඳවැටීම පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය ආවරණය, මෙම බලවත් ජාතීන් එක රැුයින් අතහැර දැමූ ‘ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ගේ හා ගැහැනු ළමයින්ගේ අනාගත ඛේදවාචකය’ කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරමින් ‘අසාර්ථක’ අධිරාජ්‍ය ආක‍්‍රමණයන් පිළිබඳ තොරතුරු ලෝකයෙන් වසන් කිරීමට බටහිර මාධ්‍යවේදීන් දරන අරගලය දැන් පැහැදිලිව පෙන්නුම් කරයි.

 වාසනාවකට මෙන් සියලූම බටහිර මාධ්‍යවේදීන් ඔවුන්ගේ සාක්කු තර කර ගැනීමට අසත්‍ය ප‍්‍රචාරවල නිරත නොවේ. ඔවුන්ගෙන් සමහරෙක් තලේබාන්වරුන් අද සිටින තත්ත්වයට පත්කළ ඇෆ්ගනිස්ථානයට මෙම බලවතුන් විසින් සිදුකළ හානි, බොරු සහ වංචාවන් හෙළිදරව් කර තිබේ. අවම වශයෙන් ඔවුන්ගෙන් එක් අයෙකුගේ අදහස්වත් අපි අසමු.

 ජේම්ස් බෝවාඞ් පොත් කිහිපයකම කතුවරයා වන අතර, USA ටුඬේ, නිව්යෝර්ක් ටයිම්ස්, වෝල් ස්ටී‍්‍රට් ජර්නල් සහ වොෂිංටන් පෝස්ට් හි ලිපි ලියමින් මේ සඳහා නිතිපතා දායක වන මාධ්‍යවේදියෙකි. 2002 ජනවාරි 29 වන දින ජෝර්ජ් බුෂ් විසින් කළ ඔහුගේ රාජ්‍ය දේශනය උපුටා දැක්වූ බොවාර්ඞ්, බොරු න්‍යෂ්ටික තර්ජනයකින් බුෂ් ඇමරිකානුවන් බිය ගැන්වූ බව පැවසීය.

 ”ඇෆ්ගනිස්ථානයේ සොයාගැනීම් මඟින් අපගේ නරකම බිය තහවුරු විය. අල්කයිඩා විසින් භාවිතා කරන ලෙන්වල ඇමරිකානු න්‍යෂ්ටික බලාගාර සහ පොදු ජල පහසුකම්වල රූප සටහන් අපට හමු විය.

 ” – ජෝර්ජ් බුෂ්, බොවාඞ් පවසන්නේ ජ්‍යෙෂ්ඨ සීඅයිඒ සහ එෆ්බීඅයි නිලධාරීන් මාධ්‍ය සඳහා ‘පසුබිම්’ කෙටි විස්තර ලබාදුන් බවයි. නමුත් මෙම හිතාමතාම කළ බොරුව ඉක්මනින් හෙළිදරව් විය. වසර දෙකකට පසුව, බුෂ්ගේ පරිපාලන නිලධාරීන් පිළිගත්තේ ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය සාවද්‍ය බවත් ඇෆ්ගනිස්ථානයේදී එවැනි න්‍යෂ්ටික බලාගාර රූප සටහන් කිසිවක් සොයාගෙන නැති බවත්ය. කැපිටල් හිල් හි පැවති විභාගවලදී න්‍යෂ්ටික නියාමන කොමසාරිස් එඞ්වඞ් මැක්ගෆිගන්ගේ මෙම අසත්‍යය පිළිබඳ සාක්ෂි බොවාර්ඞ් උපුටා දැක්වීය.

 ඇෆ්ගනිස්ථානයේ න්‍යෂ්ටික තර්ජනයක් පිළිබඳ බුෂ්ගේ බොරු, 2003 ඔහුගේ රාජ්‍ය දේශනයේ කළ ඉරාක රසායනික හා ජීව විද්‍යාත්මක ආයුධ සම්බන්ධයෙන් වඩාත් විනාශකාරී බොරුවලට මාවත විවර කළේය, බොවාඞ් පවසයි. සදාම් හුසේන්ට විනාඩි 45 කින් බි‍්‍රතාන්‍යයට පහර දිය හැකි බවට ටෝනි බ්ලෙයාර් කළ බොරුව ගැන කුමක් කිව හැකිද? එක්සත් ජනපදය සහ බි‍්‍රතාන්‍යය සමඟ එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල මට්ටමේ සහය නිසා මෙම යුද අපරාධකරුවන් තවමත් නිදැල්ලේ සිටී. එය තවත් විෂයයකි.

 බුෂ් ඔහුගේ 2002 රාජ්‍ය දේශනයේ දී කියා සිටියේ නූතන යුගයේ ”කාන්තා විමුක්තිය” සඳහා වූ විශිෂ්ටතම ජයග‍්‍රහණය ඔහුගේ ඇෆ්ගන් යුද්ධය බවයි. බුෂ් මෙසේ පුරසාරම් දෙඩුවේය: ”ඇෆ්ගනිස්ථානයේ මව්වරු සහ දියණියන් තම නිවෙස් තුළම වහලූන් වී සිටියහ. අද කාන්තාවන් නිදහස්ය. නමුත් වසර දෙකකට පසු

 ඇෆ්ගනිස්ථානයේ සංචාරය කළ නිව්යෝර්ක් ටයිම්ස් තීරු ලිපි රචකයෙකු වූ නිකලස් ක‍්‍රිස්ටෝෆ් 2004 දී වාර්තා කළේ ”බොහෝ ඇෆ්ගන් කාන්තාවන් තවමත් තම නිවෙස්වල වහල්භාවයේ සිටින බවයි. කොල්ලකෑම සහ ස්ත‍්‍රී දූෂණ වැඩිවීම කාන්තාවන්ට විශේෂයෙන් විනාශකාරී බලපෑමක් ඇතිකර තිබේ. දිවා කාලයේ දී පවා මාර්ග ආරක්ෂිත නොවන නිසා ගැහැනු ළමයින් පාසල් යෑමට හෝ ඔවුන්ගේ මවුවරු සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත යන්නේ නැත.” ඒ ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද-නේටෝ පාලනය යටතේ ය.

 බොවාඞ්ට අනුව, ”බුෂ් ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමණය කිරීම ආරම්භයේ සිටම, කුඩා පිරිමි ළමයින් ලිංගික වහලූන් බවට පත්කිරීමේ වරද වසාගැනීමට එක්සත් ජනපද හමුදාව ඇෆ්ගන් රජයේ මෙහෙයුම් සඳහා මුදල් විසි කළේය. කුඩා පිරිමි ළමයින්ට එරෙහි සාහසිකකම් හේතුවෙන් දඬුවම් ලැබූ ඇමරිකානු සොල්දාදුවන් පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් 2015 හෙළිදරව් කරන තුරු පෙන්ටගනය මෙම අපයෝජනය නොසලකා හැරියේය. ඇෆ්ගනිස්ථානය ස්වෛරී ජාතියක් නිසා ළමා ලිංගික අපයෝජන ගැන කිසිවක් කළ නොහැකි බවත්, එය නොසලකා හැරීම හොඳ බවත් සමහර එක්සත් ජනපද භටයින්ට පැවසූ බව 2017 පෙන්ටගනයේ පරීක්ෂක ජෙනරාල්ගේ වාර්තාවකින් හෙළි කළේය.

ලෝක බලවතුන්ගේ ආක‍්‍රමණ හමුවේ ස්වදේශිකයන්ගේ නැගීසිටීම

advertistmentadvertistment
advertistmentadvertistment