තලිබාන් අන්තවාදීන් විසින් ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අල්ලා ගැනීමෙන් පසු එරට ව්‍යාපෘතීන් සඳහා ආධාර ලබා දීම ලෝක බැංකුව විසින් නතර කර තිබේ. ලෝක බැංකුව විසින් මෙසේ ඇෆ්ගනිස්ථානයට ලබා දෙන ආධාර නතර කර ඇත්තේ තලිබාන් අන්තවාදීන් විසින් පාලන බලය ලබා ගැනීමත් සමගම එරට සංවර්ධන ක‍්‍රියාවලියට විශේෂයෙන්ම කාන්තාවන්ට අත් විය හැකි අහිතකර බලපෑම සැලකිල්ලට ගනිමිනි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද ඇෆ්ගනිස්ථානයට ආධාර ලබා දීම මෙයට දින කිහිපයකට පෙරදී අත්හිටුවනු ලැබීය. ඇමරිකා එක්සත් ජනපදය ද ඇෆ්ගනිස්ථාන් මධ්‍යම බැංකුවේ වත්කම් තහනම් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ. මේ අතර තලිබාන් අන්තවාදීන් විසින් බලය අල්ලා ගැනීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ කොරෝනා එන්නත්කරණය සියයට 80කින් පහළ බැස ඇති බව යුනිසෙෆ් ආයතනය පවසයි.
|