ලෝක රූ රැජන අවසන් මහා තරගයටත් කොරෝනා බලපායි

136

කැරිබියන් දූපත් හි පැවැත්වීමට නියමිත තිබූ 2021 ලෝක රූ රැජන කිරුළ අවසන් මහා තරගය කොරෝනා නිසා කල් දැමීමට සංවිධායකයෝ තීරණය කර ඇත.

තරගාවලියේ අවසන් තරගයට එක්වීමට සිටි අපේක්ෂිකාවන් රැසකට කොවිඩ් වෛරසය ආසාදනය වීම ඊට හේතුවී ඇත.

ඉන්දියානු අපේක්ෂිකාවක් වන මනසා වරනාසි ඇතුළු සුරූපිනියන් 17දෙනකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තාවේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇයට සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්වයක් ඇති බවය.

මේ හේතුවෙන් ඇය කැරිබියන් දූපත් හි නිරෝධායනය ට යොමුකර ඇති බවද වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment