ලෝක වෙළෙඳපොළේ ගනුදෙනුවල අවුරුදු 40ක විශ්වාසය බිඳවැටීමේ අවදානමක්

242

ආයෝජන මණ්ඩලයේ සභාපති කියයි

අවුරුදු 40කට වැඩි කාලයක් ලෝක වෙළෙඳපොළේ සැපයුම්කරුවන්ගේ විශ්වාසය දිනා ඇති ශ්‍රී ලංකාවට, මෙවැනි අර්බුද හමුවේ නිසි වේලාවට සැපයුම් ලබාදීමට නොහැකි වීමෙන් විශ්වාසය බිඳවැටීමේ අවදානමක් ඇතැයි ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය මහතා කියා සිටී.

ඊයේ (06 දා) පැවැති විරෝධතාව හේතුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින කර්මාන්තශාලාවල ක්‍රියාකාරීත්වයට බාධා ඇති වූ බව ද ඒ මහතා ප්‍රකාශ කර සිටී.

පසුගිය කොවිඩ් වසංගතය හමුවේ පවා මෙම කර්මාන්තශාලාවල නිෂ්පාදන හා අපනයන ක්‍රියාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑමට හැකි වූ බවත් මෙයින් සිය ජීවිකාව ගෙන යන සෘජු හා වක්‍ර ආදායම්ලාභීන් බොහෝ බවත් ඒ මහතා කියා සිටී. මේ වනවිට ශ්‍රී ලංකා ආර්ථිකයට අවශ්‍ය විදේශ විනිමය යම් ප්‍රමාණයක් සපයා ගන්නේ මෙම කර්මාන්තශාලා තුළින් බවත් සභාපතිවරයා තවදුරටත් කියා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment