ලෝක සාහිත්‍යයට නැගුණු මාර්ටින් වික්‍රමසිංහ ග්‍රන්ථ

157

ජාත්‍යන්තර පොත් දැක්මට පෙරවදනක්

මානව වර්ගයාගේ සහ ජගත් සංස්කෘතීන්ගේ හරය හා මුහුණුවර කැටි කොට ගත් විද්‍යාව දර්ශනය ආගම් හා සමාජ ධර්මතා මානව විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් නිරීක්ෂණය කොට සිංහල පාඨකයා වෙත හඳුන්වා දුන් මාර්ටින් වික්‍රමසිංහ නම් වූ මහා ප්‍රාඥයා සිහිපත් කිරීම මෙම සාහිත්‍ය මාසයේ සියලුම ශාස්ත්‍රාලාභීන්ගේ කෘතගුණ සැලකීමක් යයි සිතමු. දෙවැනි කැළෑසියෙන් පාසල් අධ්‍යාපනය අවසන් කළ මැක්සිම් ගෝර්කි නමැති රුසියන් ලේඛකයා මෙන්ම තෙවැනි පන්තියෙන් විධිමත් පාසල් දිවිය අවසන් කළ අපේ මාර්ටින් වික්‍රමසිංහ ද කුඩා කාලයේ සිටම අපමණ අගහිඟකම් හා දුක් ගැහැට මැද පොත පත සොයාගෙන කියවා ලොව අගමුල සොයා ගිය ප්‍රාඥයකු විය.

වයස අවුරුදු දාහතරක් වූ කාලයේදීම ‘ලෝකොත්පත්ති විනිශ්චය’ නමැති ග්‍රන්ථය කියවා ලොව තතු සෙවීමේ කුහුල ඇතිව කර්නල් ඉංගසෝල්ල සැමුවෙල් ලෑංල අර්නස්ට් හෙකල්ල එඩ්වඩ් ක්ලොඩ්ල ඒ. සී. හැඩන් ආදී මානව විද්‍යාඥයන්ගේ පොත් කියවා දැනුමක් ලබා ගත් තරුණ මාර්ටින් වික්‍රමසිංහ අනතුරුව චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය හදාරා මැදි වියේදී ‘සත්ව සන්නතිය’ ග්‍රන්ථය ලියුවේය. එයින් තවත් අවුරුදු හතළිහක් ගෙවී ගිය කල්හි මහලු වියෙහිදී පියර් තයියාඩ් ෂාඩන් පියතුමා හා එඩ්වඩ් සැපයර් ආදී සංස්කෘතික මානව විද්‍යාඥයින්ගේ පොත් හදාරා ‘මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය’ නමැති මහඟු ග්‍රන්ථය ලියා ලෝක දර්ශන වාද සිංහල පාඨක සමූහයා හමුවට ඉදිරිපත් කළේය.

ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ බිහිවූ උපනිෂද් දර්ශනය හා බෞද්ධ දර්ශනය සිය පරිනත වයසේදී තුලනාත්මකව අධ්‍යනය කළ වික්‍රමසිංහ කිතුණු දර්ශනය පිළිබඳ ගැඹුරු දැනුමක් අත්පත් කර ගත්තේ ජීවන්නා පැපිනි ආදීන් ලියූ කිතුණු ග්‍රන්ථ හැදෑරීමෙනි. ‘කතෝලික පල්ලිය හා ජන සම්මතවාදය’ල නිදහස් කතෝලික පල්ලිය ආගම් සහ මාක්ස්වාදය’ යන විෂයන් යටතේ ඔහු ලියූ දීර්ඝ නිබන්ධ තිස්ස බාලසූරිය නිබන්ධ බිෂොප් එඩ්මන්ඩ් පීරිස් දේවගැතිතුමා ආදී කතෝලික පඬිවරුන්ගේද විමසුමට හා ඇගයුමට ලක්විය.

මාර්ටින් වික්‍රමසිංහ මහතා සතුව පැවති ආගම්ල දර්ශනවාදල සාහිත්‍ය කලා හා ලෝක සංස්කෘතීන් පිළිබඳ දැක්ම මහාචාර්ය නීඩ්හැම්ල මහාචාර්ය එරික් ප්‍රෝම් වැනි අපරදිග විද්වතුන්ගේ හා බෝරිස් රියොකොෆ්ල ලිතාලි කෙඩිටොෆ් ආදී රුසියානු විද්වතුන්ගේ ද ජපන් හා චීන ලේඛකයන්ගේ ද ඇගයුමට හසු වී තිබෙයි. රුසියානු බසට නැඟුණු ගම්පෙරළියල කලියුගයල යුගාන්තය යන නවකථා තුන පිළිබඳ දීර්ඝ විමර්ශනයක් රුසියාවේ විශාල ලෙස ප්‍රචලිත ‘ඉන්වෙස්ටියා’ පුවත් පතෙහි 1966 මාර්තු 17 වැනිදා පළ වී තිබුණේය. රුසියන් ප්‍රවීණ ලේඛක බෝරිස් රිවුරිකොෆ් විසින් රුසියන් බසින් රචිත එම විමසුම සෝවියට් ලේඛක සංගමයේ විදේශීය භාෂා අංශයේ අධ්‍යක්ෂිකා මීරියම් සලගනික් ලේඛිකාව විසින් ඉංගිරීසියට නඟා ලොව පුරා පතල කර හරින ලදී.

ලෝක සාහිත්‍යයට නැගුණු මාර්ටින් වික්‍රමසිංහ ග්‍රන්ථ

රුසියන් බසට නැඟූණු ‘මඩොල්දූව’ නවකථාව හා වික්‍රමසිංහ කෙටිකථා එකතුව විශාල පිටපත් සංඛ්‍යාවකින් යුතුව අලෙවි වී රුසියන් තරුණ පාඨක ජනකාය අතර ජනප්‍රියව පැවත්නා බව ලේඛක කොචිටොෆ් පවසා තිබේ. වික්‍රමසිංහ ග්‍රන්ථ ලංකාව නමැති සුන්දර දිවයිනේ වෙසෙන ජන ජීවිතය දෙස කුහුලින් යුතුව එබී බැලීමට විවර කළ කවුළු වැනි යයි බෝරිස් රිවුරිකොෆ් ලේඛකයා කියා ඇත. ලංකාවේ ප්‍රථම රුසියන් තානාපතිවරයා වූ ව්ලැඩ්මිර් යාකවලොෆ් මහතා ලියූ ‘ලක්දිව පුරාවත් හා දිවිපෙවෙත (රුසියන් බසින් පරිවර්තනය රංජන සේනාසිංහ) නමැති ග්‍රන්ථයෙහි ‘මාර්ටින් වික්‍රමසිංහ’ මැයෙන් යුතු දීර්ඝ පරිච්ඡේදය අවසන මෙසේ සඳහන් වෙයි:

“වික්‍රමසිංහ මහතාගේ කෘති දැන් රුසියන් පාඨක ජනයාගේ ද දායාදයක් බවට පත්ව තිබේ. ‘අවසන් යුගය’ නමැති පොදු නාමය යටතේ රුසියන් බසින් එළි දුටු තුන් ඈදුතු කතාවේ අවසන් කෘති දෙක වී. වී. වියුගොලොෆ් මහතා විසින් කෙළින්ම සිංහල භාෂාවෙන් රුසියන් බසට පරිවර්තනය කරනු ලැබිණි. එම සෝවියට් සාහිත්‍ය විචාරකයා ගේ අදහසට අනුව වික්‍රමසිංහයෝ ලංකාවේ ලේඛකයන් අතරින් පළමවරට යථාර්ථවාදී මාවතට අවතීර්ණ වී සිංහල සාහිත්‍ය හා ලෝකයේ අනිකුත් සාහිත්‍යයන් අතර පාළමක් ඉදි කළහ”

(ලක්දිව පුරාවත් දිවි පෙවෙත 253 පිටුව)

රුසියානු ජනතාව මහත් ආසාවෙන් මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කෘති කියවන බව රුසියන් ලේඛක වී. වියුහලොෆ් මහතා ද කියයි. වික්‍රමසිංහයන්ගේ පළමු කෙටි කථා එකතුව 1958 දී මොස්කව්හි පිහිටි ‘විදේශීය සාහිත්‍ය ප්‍රකාශය මන්දිරය (Foreign Literature publishing House) මගින් ප්‍රකාශයට පත් කෙරිණ. වික්‍රමසිංහගේ නිර්මාණාත්මක කුසලතාව පොදු ජන දිවි පෙවෙත පිළිබිඹු කොට දක්වන පැහැදුල් කැඩපතක් වැනි යයි කියන වියුහලොෆ් වහල්ලු කෙටි කථාව මානව වර්ගයා කෙරෙහි පමණක් නොව සත්ව ජීවිතය අරභයා ද අප්‍රමාණ දයානුකම්පාවක් දක්වන විශිෂ්ට නිර්මාණයක් බව පවසයි. වහල්ලු කෙටි කථාව ලියෝ ටොලස්ටෝයිගේ ‘කෝලස්ටමර්’ කථාවට හා චෙකොෆ් ගේ ‘කෂ්තන්කා’ කතාවටත් සමාන කරන සමහර රුසියන් ලේඛකයෝ එහි පවත්නා සනාතන ජීව ගුණය අගය කළහ. ‘සර්ප දිවයිනේ වික්‍රමය’ නමින් රුසියාවේ පළවුණු මඩොල්දූව නවකථාව එරට දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේද රුචිය නැංවූ කථාවක් බව ‘The Russian People read Martin Wickramasinghe Books’ යන හිසින් 1970 දී ලිපියක් ලියූ වි. වියුහලොෆ් පැවසීය.

ලෝක සාහිත්‍යයට නැගුණු මාර්ටින් වික්‍රමසිංහ ග්‍රන්ථ

ගම්පෙරළිය නවකථාව චීනල ජපන්ල ඉතාලිල ඉංගිරිසිල දෙමළ ආදී භාෂාවන්ගෙන්ද පළ වී තිබේ. එම කථා කියවූ විදේශීය සාහිත්‍යධරයන් විමතියට පත්වූයේ එහි කියැවෙන කතා පුවත තම දේශයන්හි කථාවල දැක්වෙන ජීවිත හා සමාජ විවරණයන්ට සමාන වීම හේතුවෙනි. ගම්පෙරළිය නවකථාව පළවී අවුරුදු දහ හතරකට පසුව 1958 දී ප්‍රකාශයට පත් වූ ගිසෙෆ් ඩි ලැම්පඩුසාගේ ද ලෙපර්ඩ් නමැති ඉතාලි නවකථාවේ කථා සාරය ගම්පෙරළියට සමාන වූවකි. ඇන්ටන් චෙකොෆ්ගේ චෙරි උයන නාටකයේ දැක්වෙන සමාජ නිරූපණය ද නෑකම් කියන්නේ ගම්පෙරළිය නවකථාවටය.

තුන්කල් සමාජය විනිවිද දකින තරම් තියුණු ජීවිත පරිඥානයක් 1944 තරම් ඈත යුගයකදී වික්‍රමසිංහ මහතා සතුව පැවති බව ලොව විද්වතුන් වටහා ගත්තේ ඔහුගේ ග්‍රන්ථ ජාත්‍යන්තර භාෂාවන්ට පරිවර්තනය වූ පසුය.

ජපන් භාෂාවට පරිවර්තනය වුණු ගම්පෙරළියල කලියුගයල යුගාන්තය යන ග්‍රන්ථ ත්‍රිිත්වය ද විරාගය හා මඩොල්දූව නවකථා ද ජපන් පාඨක ජනතාව අතර බෙහෙවින් ජනප්‍රියව පවත්නා බැව් එම ග්‍රන්ථයන්හි පරිවර්තක තදෂි නොගුෂි කියයි. ජපන් ජනකායගේ ආචාරශීලීභාවය හා මානව හිතවාදී දෘෂ්ටිය වික්‍රමසිංහයන් ගේ කථාවල ගැබ්ව තිබීම ඒ කථා ප්‍රියවීමට හේතුව බවය ඔහුගේ හැඟීම. ලාංකේය නිර්මාණ සාහිත්‍යයේ පෝෂණයට මහත් බලපෑමක් කළ ඇල්බෙයා කැමූල ගීද මෝපාසංල ඇනටෝල් ප්‍රාන්ස් යනාදී ලේඛකයන්ගෙන් පෝෂිත වූ ප්‍රංශ සාහිත්‍යයට මාර්ටින් වික්‍රමසිංහගේ විශිෂ්ටතම නවකථාව වන විරාගය ප්‍රංශ බසින් එක්වීම ඒ උසස් සාහිත්‍යකරුවන්ට කළ උපහාරයක් වැන්න. එය කියවූ ප්‍රංශයේ පැරිස් විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා ශාස්ත්‍ර අංශයේ මහාචාර්ය එරික් මේයර් විරාගය නවකථාව පසසමින් පැවසුවේ එය වික්‍රමසිහගේ පරිණතම නවකථාව බවයි. අරවින්දගේ චරිතය තුළ ගැබ්ව ඇති අත්හැරීම පිළිබඳ පෙරදිග බෞද්ධ දෘෂ්ටිය ඉදිරිපත් කොට ඇති ආකාරය ගැන ඔහු පැසසුවේය.

ලෝක සාහිත්‍යයට නැගුණු මාර්ටින් වික්‍රමසිංහ ග්‍රන්ථ

අප රට අනුකාරක විචාරකයන් විරාගය රුසියාවේ ඔබ්ලමොෆ් නවකථාවට වෙනත් ප්‍රංශ නවකථාවක් ඇසුරෙන් ලියන ලදැයි පැවසුව ද ඒ රටවල කිසිදු විචාරකයකු තම බසින් කියැවූ විරාගය එබඳු අනුකරණයක් යයි කියා නැත. අප බටහිරයන්ගෙන් හැම දේ ණයට ගන්නේ යයි පවසන පරගැති මානසිකත්වය ඒ කිසිදු රටක සාහිත්‍යයකරුවන් සතුව නැත. අප රට සමහර විචාරකයන් වික්‍රමසිංහයන් අවතක්සේරුවට ලක් කරද්දි ඔහුගේ කෘති කියවා අධ්‍යයනය කළ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ පෙරදිග ආගම් දර්ශන පිළිබඳ මහාචාර්ය ජෝශප් නීඩ්හැම් වැනි විද්වතුන් වික්‍රමසිංහ ග්‍රන්ථයන්හි ඇති ගැඹුරු දාර්ශනික චින්තනය බෙහෙවින් අගය කළහ. වරෙක මහාචාර්ය ජෝශප් නීඩ්හැම් ලක්දිවට පැමිණ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිවසට ගොස් ඔහු සමග පිළිසඳරෙහි යෙදී පුස්තකාලය ද නිරීක්ෂණය කොට තමා ලද ආස්වාදය මෙසේ ලියා තිබේ:

“ශ්‍රී ලංකාවේ මා ගත කළ කාලය තුළදී මා වඩාත් ආස්වාදයට පත් වූයේ ලක්දිව අති විශිෂ්ටතම බුද්ධිමතා වූත් චින්තකයා වූත් සාහිත්‍ය හා සමාජ අධ්‍යයනය ගැන විචක්ෂණ දැනුමක් ලබා සිටින්නා වූත් මාර්ටින් වික්‍රමසිංහ නම් වූ මහා ලේඛකයා හඳුනා ගන්නට ලැබීමයි. ඔහුගේ විශිෂ්ටතම කෘති දෙකක් වන The Buddhist Jataka Stories and the Russian Novel iy Aspect of Sinhalese culture යන කෘති දෙක පමණක් කියවීමෙන් වුවද මා තරුණ අවධියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේදී හැදෑරු බුදුරජාණන් වහන්සේගේ උත්පත්ති කථාවන්හි සනාතනික වටිනාකම පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. දහනව වැනි සියවසේ ජීවත්වූ රුසියන් ලේඛකයන් සහ ප්‍රොවිඩියානු යුගයේ මනෝවිද්‍යාඥයන් හෙළි කළ ගැඹුරු චිත්ත චෛතසික ධර්ම ජාතක කථාවන්හි ගැබ් වූ ආකාරය වික්‍රමසිංහ පෙන්වා දී තිබේ. ලංකාවේ වෙසෙන කොග්ගල මහා ප්‍රාඥයා සතුව තිබෙන ලෝක විෂය පිළිබඳ ගැඹුරු අවබෝධය ගැන මම මවිතයට පත්වීමි. එබඳු සිතුවිල්ලෙහි ගැලෙමින් හිරු බැස යන සැඳැ යාමයේ ඒ දාර්ශනිකයාගේ නිවසේ ආලින්දයේ හිඳ ලංකාවේ සොඳුරු පාරසරික සෞන්දර්යයේ ආස්වාදය විඳිමින් කොග්ගල මහා ප්‍රාඥයාට මගේ උපහාරය පිරි නමමි.

මහාචාර්ය ජෝශප් නීඩ්හැම්
ස්වීඩනයේ වෙසෙන සිංහල ලේඛිකාවක වන ප්‍රියංවදා එම්. බන්දුවර්ධන පසුගියදා වික්‍රමසිංහයන් ගේ මඩොල්දූව ස්වීඩන් බසට නඟා එරට ප්‍රකාශයට පත් කළාය. එහි පිටපතක් ස්වීඩන් හිටපු අගමැති ඉන්වාර් කාල්සොන් මහතා වෙත පිරිනැමූ කල්හි ඔහු එය කියවා ප්‍රමුදිතභාවයට පත්ව මෙසේ පවසා ඇත. “ලංකාව ඉතා හොඳ සශ්‍රික රටක්. ඒක දියුණු කරන්ට මෙතෙක් කාටවත් බැරිවුණා. සෙයිලාන් කාලේ ඉඳලම රට යැපුණේ පිටරට ආධාරවලින්”

දයාපාල ජයනෙත්ති

ලෝක සාහිත්‍යයට නැගුණු මාර්ටින් වික්‍රමසිංහ ග්‍රන්ථ

advertistmentadvertistment
advertistmentadvertistment