ලෝ ප්‍රකට Piaggio Ape ත්‍රිරෝද රථ සිංගර් සමාගම නැවත ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

44

ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා අතර ජනප්‍රිය හා විශ්වසනීය අලෙවි සන්නාමයක් වන සිංගර් ශ්‍රී ලංකා ගෝලීය වශයෙන් පිළිගත් ඉතාලි නිෂ්පාදකයකු වන Piaggio Ape සමග එක් වූ බව පසුගියදා නිවේදනය කළේය.

ඒ සම` මෙරට ප්‍රවාහන අංශය වෙත පිවිසීමට සිංගර් සමාගමට හැකියාව උදා විය. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත දීර්ඝ කාලයක් තිස්සේ භාණ්ඩ හා සේවා ලබා දීමේ නොමඳ විශ්වාසයක් දිනාගෙන ඇති සිංගර් සමාගම මෙම හවුල්කාරීත්වයත් සමඟ දිවයින පුරා විහිදී ඇති සිය ශාඛා හා බෙදාහැරීමේ ජාලය හරහා එම විශ්වාසය ප්‍රවාහන ක්ෂේත්‍රය වෙතද රැගෙන යාමට කටයුතු කර ඇත.

මෙම හවුල්කාරීත්වය තුලින් Piaggio Ape ත්‍රිරෝද රථ නිල වශයෙන් නැවත මෙරට වෙළෙඳපොළ වෙත පිවිසීමේ අවස්ථාවද සනිටුහන් කරනු ලබයි. උසස් තාක්ෂණය, ශක්තිමත් බව හා මනා ඉන්ධන කාර්යක්ෂමතාව තුළින් සුවහසක් පාරිභෝගිකයින් අතර ජනප්‍රියත්වයට පත්ව ඇති Piaggio Ape මෙරට තුළද ඉමහත් පිළිගැනීමට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථ 100,000කට අධික ප්‍රමාණයක් ප්‍රවාහන ක්ෂේත්‍රයට දායාද කරමිනි. ඩීසල් බලයෙන් ක්‍රියාත්මක අධිබල ත්‍රිරෝද රථයන්හි සිට විදුලියෙන් ක්‍රියාත්මක නව්‍ය තාක්ෂණයේ ත්‍රිරෝද රථ දක්වා විහිදුණු නිෂ්පාදන පෙළකට හිමිකම් කියන Piaggio Ape ලොව පුරා බෙදා හැරීමේ නියෝජිතයින්, ප්‍රවාහන සේවා හා කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත්ව සිටියි. ශ්‍රී ලංකාවේ එකම අධි බර ත්‍රිරෝද රථය ලෙස නම් කළ හැකි Piaggio Ape මෙරට ව්‍යාපාර සඳහා සුවිසල් දායකත්වයක් දක්වයි.


advertistmentadvertistment