වංචා විමර්ශනයට කටඋත්තර දෙන්න ඔලිම්පික්  ලොක්කා වෙන දිනයක් ඉල්ලයි

111

සාවද්‍ය මුදල් පරිහරණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන ඒකකය හමුවට ඊයේ (24 වැනිදා* කැඳවා තිබූ ශී‍්‍ර ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා අදාළ විමර්ශනයට ඊයේ නොපැමිණි බවට වංචා විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතා කියා සිටී. ඒ අනුව පෞද්ගලික කරුණක් හේතුවෙන් ඒ මහතා ඊට නොපැමිණි බවත් ඒ වෙනුවෙන් වෙනත් දිනයක් ලබා දීමට නියමිත බවත් ‘දිවයින’ කළ විමසීමකදී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

2016 වසරේදී පැවැති රියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වීම වෙනුවෙන් ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා සහ ලේකම්වරයා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ලැබුණු ඇමෙරිකානු ඩොලර් 10000 මුදලට අමතරව ජාතික ඔලිම්පික් කමිටුවෙන්ද මුදල් ලබාගෙන ඇති බවට සමාජ කි‍්‍රයාකාරිකයකු විසින් පසුගිය 2021 දෙසැම්බර් මසදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකට පැමිණිලි කර තිබිණි. ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා මෙලෙස ඊයේ දිනයේදී කොළඹ වංචා විමර්ශන ඒකකටය කැඳවා තිබිණි.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී අදාළ විමර්ශනය සඳහා මැක්ස්වෙල් ද සිල්වා මහතා නොපැමිණි අතර ඒ වෙනුවෙන් වෙනත් දිනයක් ලබා දෙන ලෙස වංචා විමර්ශන ඒකකයෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව නැවත පැමිණෙන දිනයක් ඉදිරියේදී ලබා දීමට නියමිත බවට වංචා විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතා කියා සිටියේය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment