වගා හානි හොරේ හෙළිවෙයි

4218

අරුණ බෝගහවත්ත

පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වයෙන් මේ වනවිට වාර්තා වී තිබෙන වගා හානි සියල්ලම වගා හානි නොවන බවට හෙළි වී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

මඩකළපුව දිස්ත්‍රික්කයේ ගොවීන් 17,167 දෙනෙකු වගා හානි වාර්තා කළ ද ඒ සියල්ලම වගා හානි නොවන බවත් උදාහරණයක් ලෙස මඩකළපුව කිරාන් ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවීන් 186 දෙනෙකු එම ගොවිජන මධ්‍යස්ථානවලට හානි වාර්තා කළ ද පරීක්ෂා කිරීමේදී ගොවීන් 30 දෙනෙකුගේ පමණක් වගා හානි සිදුව ඇති බවට තහවුරු වී ඇති බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් කළේය.

මේ වනවිට කණ්ඩායම් 12ක් වගා හානි පිළිබඳව සොයා බැලීමට පත්කර ඇත. හානි වූ දිස්ත්‍රික්කවලින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් මේ වනවිට වගා හානි පරීක්ෂා කර අවසන් බව ද ඒ මහතා පැවසීය.


advertistmentadvertistment