වගා ළිඳකට ඇත් පැටියෙක් වැටෙයි

98

ඇහැටුවැව, නිතලව වෙල්යායේ කපා තිබූ වගා ළිඳකට ඇත් පැටවෙක් වැටී තිබේ. ගල්ගමුව වනජීවී නිලධාරීන් ප්‍රදේශවාසීන් සමඟ එක්ව ඇත් පැටවා ගොඩ ගැනීමට දැඩි උත්සාහයක් දැරූහ. ඇත් පැටවා ළිඳට වැටී ගොඩ ඒමට උත්සාහ දරන අයුරු ඡායාරූපයේ දැක්වේ.

මේ දිනවල ගල්ගමුව, ඇහැටුවැව, අඹන්පොල සහ මහව ප්‍රදේශවල වන අලි බහුලව ගැවසෙන බව ප්‍රදේශවාසීහු කියති.

යාපහුව – විජේරත්න


advertistmentadvertistment