වටරැක පුංචි පවුලක සැබෑ වූ නිවාස සිහිනය

59

ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානය ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හී ලංකාරාම විහාරස්ථානයේ හි විහාරාධිපති ඔහායෝ හී මෛත්‍රී භාවනා මධ්‍යස්තානාධිපති, ඇමෙරිකාවේ මධ්‍යම හා බටහිර ප්‍රාන්තයේ හි ප්‍රධාන සංඝනායක, මංගල ධර්ම කීර්ති ශ්‍රී ධර්ම දූත සේවා භූෂණ, පූජ්‍ය පාද තලංගම දේවානන්ද හිමිපානණ් වහන්සේ විසින් පිරිනමන ලද සමාජ සත්කාර ක්‍රියාන්විතයේ ප්‍රථිඵලයක් ලෙස පාදුක්ක වටරැක ග්‍රාමයේ පැල්පතක තම දිවි පෙවත ගෙන යන පුංචි පවුලකගේ සත් අවුරුදු පුරා සිහිනයක් වී තිබුණු නිවාස සිහිනය මල්ඵල ගන්වමින් පසුගියා නව නිවස ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් මුල්ගල තැබීම උන්වහන්සේගේ සුරතින් සිදුකරන ලදී.

තවද උන් වහන්සේ විසින් මීට මාස කීපයකට ඉහතදී මතුගම පැලවත්ත ග්‍රාමයේ භික්ෂූන් වහන්සේ නමකගේ මවුපියන් වෙනුවෙන් මුල්ගල තබන ලද අංග සම්පූර්ණ පහසුකම් සහිත නිවසේ යතුර භාරදීම එළැඹෙන 10 වැනිදා දින සිදුකිරීමට නියමිතය.

උපුල් රුවන්


advertistmentadvertistment