වට්ස්ඇප් තාක්ෂණයෙන් නිරුවත පෙන්වලා

465

වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ඇමතුම් ලබා ගනිමින් නිරුවත පෙන්වා කාන්තාවකට ලිංගික අතවර කිරීමට සම්බන්ධ දුරකථනවල විශ්ලේෂණ වාර්තාවක් කොටදෙණියාව පොලිසියට ලබාදෙන ලෙසට එම දුරකථන සමාගම් දෙකෙහි කළමනාකරුවන්ට නියම කරන ලෙසට කොටදෙනියාව පොලිසිය මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර මහතා හමුවේ බී වාර්තාවක් ගොනුකරමින් ඊයේ (06දා* ඉල්ලා සිටියේය.
 
 මීගමුව පිටිපන ප‍්‍රදේශයේ ස්ථිර පදිංචි කොටදෙණියාව කටුකෙන්ද ප‍්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවය කරන ඇඟලූ‍ම් කම්හල් සේවිකාවක් විසින් කොටදෙණියාව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව කොටදෙනියාව පොලිසිය අධිකරණයෙන් එසේ නියෝගයක් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම අනුව එම නියෝගය නිකුත් කෙරුණි.
 
 මුහුණුපොතේ සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලාවල පවත්වාගෙන යන දුරකථන සම්බන්ධතාවලට නොදන්නා පුද්ගලයෙකු විසින් ඇමතුම් ලබාගෙන නිරුවත පෙන්වා තමන් දැඩි අපහසුතාවයටත් ලැජ්ජාවටත් පත් කරන බවට එම ඇඟලූ‍ම් කම්හල් සේවිකාව කොටදෙණියාව පොලිසියට පැමිණිලි කර ඇති බව අධිකරණයේ දී සඳහන් විය.
 
 සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට කොටදෙණියාව පොලිසියට වැඩිදුරටත් නියම කෙරුණි.
 

 මිනුවන්ගොඩ-ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment