වඩුක්කෝඩෙයි දිළිඳු පැලේ සුනඛයාට ‘රාජකීය’ ගරු බුහුමන්

503

සුබ ගමන් මිත්‍රයා…
සත්ත්වවේදීන්ගේ සංගමයත් ආදාහන උළෙලට එයි

යාපනයේ වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ දිළිඳු වැසියකු සුරතලයට ඇති දැඩි කළ සුනඛයා මියයාමෙන් පසුව හින්දු චාරිත්‍රානුකූලව ඉතා අලංකාර ලෙස සුනඛයාගේ ආදාහන කටයුතු 15 දා සිදු කර තිබේ.

වඩුක්කෝඩෙයි දිළිඳු පැලේ සුනඛයාට ‘රාජකීය’ ගරු බුහුමන්

ඉතා අලංකාර මිනී පෙට්ටියක සුනඛයා තබා අවමංගල රථයක දේහය තබා බෙර වාදනය කොට වත්තේ කෙලවරක් දක්වා දේහය රැගෙන ගොස් මිහිදන් කොට ඇත්තේ මහා හඬින් විලාප තබමිනි. මෙම සුනඛයා පීසා නමින් හඳුන්වා ඇති අතර වසර 10 ක කාලයක් නිවෙස් හිමියා සමග ජීවත් වී තිබේ. එම්.පායිස් නමැති මෙම සුනඛයාගේ අයිතිකරු සුනඛයා මියගිය අවස්ථාවේ සිට මහා හයියෙන් විලාප තබමින් හඬා වැටෙමින් සිටියදී අසල්වාසීන් ගොස් තොරතුරු විමසූ අවස්ථාවේදී ඔහුට සුනඛයාගේ ආදාහනය ඉතා අලංකාර ලෙස සිදු කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව අවට තරුණයින් හා වෙනත් පුද්ගලයින් ඔහුගේ ආශාව ඉටු කර තිබේ. ඔහුගේ මෙම ක්‍රියාව යාපනයේ සත්ත්වවේදීන්ගේ සංගමය විසින් ප්‍රශංසාවට ලක් කර ඇති අතර එහි සාමාජිකයින් ද සුනඛයාගේ ආදාහනයට සහභාගී වී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment