වතිකානුවේ ආරක්ෂාව භාරව සිටි ස්විස් සෙබළෙක් වූ සෙඩ්රික් ටෝනි, ස්විස් බලමුළුවේ අණදෙන නිලධාරියා වූ අලොන්ස් ඊස්ට්මන් සහ ඔහුගේ බිරිය වූ ග්ලැඩිස් මේදා වෙඩි තබා මරා දමා ඇත.
මෙම ඝාතන සිදුකර ඇත්තේ එම සෙබළා මානසික පීඩනයකට ලක්වීම නිසා බව වාර්තා වේ. මෙකී ඝාතන ගැන වතිකානුව ද පරීක්ෂණයක් අරඹා තිබේ.